
සෞදියේ ඇමෙරිකන් රාජ්ය තාන්ත්රිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට වහාම සෞදියෙන් පිටවෙන්නැයි ඇමෙරිකන් රාජ්ය දෙපාර්තමේන්තුව නියෝග කර ඇත.
ඇමෙරිකන් රාජ්ය දෙපාර්තමේන්තුව මෙම නියෝගය නිකුත් කිරීමට හේතුව අනාවරණය කර නැත. කෙසේ නමුත් විදෙස් මාධ්ය පවසන්නේ, සෞදියේ ඇමෙරිකන් ඉලක්කවලට යේමනයේ හූති සටන්කාමීන් දිගින් දිගටම මිසයිල සහ ඩ්රෝන ප්රහාර එල්ල කිරීම සැලකිල්ලට ගනිමින් ඇමෙරිකන් රාජ්ය දෙපාර්තමේන්තුව මෙම නියෝගය නිකුත් කරන්න ඇති බවය.
සෞදි අරාබියේ දම්මාම් නගරයේ පිහිටි කිං ෆාඩ් ජාත්යන්තර ගුවන්තොටුපොළට ප්රහාරයක් එල්ල විය. එය යේමනයේ හූති සටන්කාමීන්ගේ ප්රහාරයක් බව පැවැසෙයි.
ප්රහාරයෙන් එක් අයකු ජීවිතක්ෂයට පත්වුණු බවත් හය දෙනෙකු තුවාල ලැබූ බවත් පැවැසෙයි. ප්රහාරයෙන් ගුවන්තොටුපොළට දරුණු හානියක් සිදුවී නොමැති බව සෞදි සිවිල් ගුවන් සේවා අධිකාරිය, ඔවුන්ගේ ‘එක්ස්’ ගිණුමේ සටහනක් තබා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd