යුද අවි ආනයනය අතින් අඩුම වගවීමක් ඇති රටවල් 14 අතර ශ්‍රී ලංකාව ද සිටින බව ට්‍රාන්ස්පේරන්සි ජාත්‍යන්තර ආයතනය කියයි.
රජයේ ආරක්ෂක හා දූෂණ මර්දන දර්ශකය පිළිබඳව පැවැත්වූ සෝදිසියට රටවල් 82ක් අයත් විය.
රටවල් 14ක් එම දර්ශකයේ පහළම මට්ටම ලබා සිටියි.
නයිජීරියාව, ඇන්ගෝලාව, කැමරුන්, කොංගෝ, ඊජිප්තුව, අයිවරි, එරිත්‍රියා, ඉරානය, ලිබියාව, කටාර්, ශ්‍රී ලංකා, සෞදි අරාබියා සිරියාව හා යේමනය ඒ අතර වේ.
ඕස්ට්‍රේලියාව, ජර්මනිය, නෝර්වේ හා මහා බ්‍රිතාන්‍ය එම දර්ශකයේ මුල්තැන් හිමිකරගෙන සිටී.
එම රටවල දූෂණ මට්ටම ඉතාම අවම තත්ත්වයක පවතින බවත් එම ආයතනය කියයි.
2012 දී විශාල වශයෙන් අවි ආනයනය කළ රටවලින් සියයට හැත්තෑවක්ම දූෂණය සඳහා දොර ඇර තිබූ බව ද ආරක්ෂක අංශයේ ජගත් මට්ටමින් දූෂණය වසරකට ඇමෙරිකා ඩොලර් කෝටි 2000 ක් හෙවත් රුපියල් 266000ක් බව ලෝක බැංකු හා ස්ටොක් හෝම් ජගත් සාම පර්යේෂණ ආයතනයේ දත්ත උපුටා දක්වමින් ට්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් අධ්‍යයනය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අෂ්රෆ්, සිංහල මිනිස්සු පාලනය කරන්න සුද්දා ගෙනාව නීතියෙන් ඔයාලට පුරවැසිකම හා සියලු අයිතිවාසිකම් දුන්නත් අපේ රටේ උරුමය දීලා නැහැ. (නි)
ලංකාවට එන්න විසා නැති නිසාදෝ අර බලවතා අරාබිකරයේ ඉඳන්ම මුස්ලිම් අය ට පාඩමක් උගන්වමින් ඉන්නවා. ලංකාවේ අක්බර්ලා පකිස්තානයෙන් හොරන් කුඩු ගෙනල්ලා මෙහෙ පොලිසියෙන් අල්ලා ගෙන. (නි)
මෙන්න තවත් වාර්තාවක් අපේ රටට. (දී)
අෂ්රෆ්, සෞදියට ගිහින් බලන්න පොඩි අය සතුටින්ද ඉන්නේ කියලා. මේ ලගකදී සෞදි කුමාරයෙක් 15 මිලියන් ඇමෙරිකානු සල්ලි දීලා ටුවිල් ලිග්ට් නිළිය විනාඩි 15 කට මුණගැහිලා තිබුනා. අපේ රට හොඳයි කියන්නෙ නැහැ. නමුත් ගොඩක් රටවල් එහෙමයි.මේ වසරේ දැනට එංගලන්තේ 3000 සියදිවි හානි කරගෙන තිබෙනවා. වැඩියෙන්ම වයස 15-20 අය (නි)
රූපවතී, එහෙනම් රට බාරදෙන්න පුළුවන් සුදුසු නායකයෙක් හොයලා කියනවද? (නි)
අයියෝ, අෂ්රෆ් අල්ලා දෙවියන්ගේ නාමයෙන් අරාබි රටවල් වලට සතුට ලැබිලා තියෙන හැටි අපිට පේනවා (නි)
අෂ්රෆ්, 90% මුස්ලිම් නොවෙන මිනිස්සු ඉන්න සමාජයක් අසාද් සාලි හෝ වෙළදාමේ ඇවිත් බින්න බැහැපු ඔටුවෝ ටිකක් කිව්වපලියට ෂරිය නීතිය හඳුන්වා දෙන්න ඕනේ කියල, එක පුළුවන්, ප්‍රායෝගිකයි කියල හිතනවද? කරුණාකරලා ඔය ෂරිය නීතියට යටත් වෙන්න කැමති අය එකතු කරගෙන සෞදි අරාබියට යන්න. එක කරන්න පුළුවන්, වඩා ප්‍රායෝගිකයි. මම හිතන්නේ අල්ලාහ් උනත් කැමති වෙයි තමන්ගේ අනුගාමිකයෝ එහෙට එනවට. හැබය් එහෙ ඉන්න මිනිස්සු ඔයාලට පුරවැසි කම, සමානාත්මතාව දෙයිද කියන එක ඔයලගේ අල්ලහ්ටම බාරයි. (දී)
සමහර අය අදහස් පළකරන්නේ හරියට තේරුමක් නැතුව. එම නිසා හරියට තේරුම් අරගෙන අදහස් පලකරන්න, අනිත් එක ඕනෑම කෙනෙකුට අපේ රටේ නීතියට යටත්ව ඉන්න පුළුවන්, බැරිනම් යන්න පුළුවන්. (නි)
රූපවතී, ඉතින් හංගාගෙන ඉන්නේ නැතුව කියන්නකෝ අපි නොදන්නා ඔයා දන්නා මාස 6න් රට හදන්න පුළුවන් නායකයා. (නි)
ආයුධ අපනයන කරන්න තියා කොහුබත් ටිකක්වත් හරියට වේලලා කලට වෙලාවට යවන්න ලංකාවට බැහැ. ඒ වුණාට ළමා අපචාර, අල්ලස්, දුෂණ පිටරට යවන්න අපේ සමහර තානාපති කාර්යාල පවා මහන්සි ගන්නවා. ඒ තනතුරු වලට යවා තිබෙන අය හා ඒ අයව යැව්වේ කව්ද කියො බැලු වහාම ඒ බව හොඳට පැහැදිලි වෙනවා. (නි)
බන්ඩා මහත්තයෝ, කටේ මසුරන් පොදියක් දන්නා ඕනෑ කතාවක් කිව්වේ ඔබ.සිරියාවෙන් හෝ ගාන පොකුණ බලන්න එනවා වගේ මොහොමඩ්ලා දැන් මේ රටේ රැකවරණයට එන්නේ.මට දුක කවදා හරි ලංකාවට වෙච්ච දේ මෙහෙටත් වෙන එක. අපේ රටේ උරුමය සිංහල අපේ. (නි)
ඈත්තටම මොකක්ද මේකෙන් අදහස් කරන්නේ? (නි)
මේවට කියන්නේ වදුරු කුණුහරුප කියලා. යුද අවි නිපදවන්නේ මහා එවුන්. විකුනන්නෙත් මහා එවුන්. යුද්ධ ඇතිකරන්නෙත් මහා එවුන්.එම යුද්ධ වලින් මැරෙන,උන්ගෙන් අවි ගන්න අපි තමයි දුෂිත. එවුන් හොද මහත්තුරු. (නදී)
මම ඇහුවේ අදයි සත්‍යපාල ඇත්ත කියනවා. (නි)
සත්‍යපාල ඔබගේ අදහස් හරිම බුද්ධිමත් (අ)
බණ්ඩා ඔබ වැරදියි. අප ජාතියට රජ කාලේ පටන් ලංකාවේ උරුමය තිබුනා. ඔය ඊජිප්තුව, පලස්තීනය, පකිස්ථානය, බංගලිදේශය, ඇෆ්ගනිස්ථානය, මාලදිවයින, සිරියාව වගේ රටවල් කලින් බෞද්ධ උනාට ඒ අප මොලේ පාවිච්චි කරලා අපිට තැන දුන්නා. දැන් අපි මේවා සාමදානයෙන් පාලනය කරනවා. අපි අහිංසක ජාතියක්. කාටවත් හිංසා කරන්නේ නොවී.අපි වෙන කොහේ යන්නද ලංකාව අපේ රට. අපේ ඡන්දෙ නැතුව ගරු ජනාධිපති පරදිනවා. (නදී)
ඔව් ඉන්නකෝ, අපිත් මොළය පාවිච්චි කරලා ඔයාලට මේක දෙනකම්. උම්මත්තකයෝ ඉන්න රටක් කරන්නද හදන්න කැමති? කුරානයේ වචනයක් වචනයක් පාසා තාර්කිකව හිතලා බලන්න, සියලුම මුස්ලිම් සහෝදරවරුනි. (නි)
මොවුන් කවදාද අපිට හොදක් කිව්වේ? අනුන්ගේ කුණු හොයන්නේ කොහොමත් තමන්ගේ ඇගේ කප්පරක් කුණු බැදිච්ච අය තමයි. (නි)
අසාද් සාලි මහා ඇමතිතුමා කිව්වා හරි. අපේ රටට ෂරියා නීතිය හඳුන්වල දෙන්න ඕනෑ. ඒක තමා අපිට තියන එකම මාර්ගය. එවිට අල්ලා දෙවියන්ගේ මහිමයෙන් රටේ හැමදෙනාටම සතුට ලැබෙනවා. (නි)
එතකොට මැති ඇමතිවරුන්ට කාර් ආනයනය කරන රටවල් අතර ලංකාව කී වෙනියටද ඉන්නේ? (නි)
දැන්ද තේරෙන්න ගත්තේ? (නි)
අමිල මල්ලි අපි උඩුබිරුවට....?මොකෙකුටවත් ඇහෙන් නැහැ..රටට ජනතාවට අදෙරේ කරන කෙනෙකුට චන්දෙ දුන්න නම් ..එක හය මාසෙන් රට හදයි ..වැරදි කරුවන්ට නිසි දඩුවම් දුන්න නම් ..එල්ලුම් ගහ ගේනවා නම් ..නිකම්ම වැරදි කරන උන් හැදෙනවා ..? අපි රට බාරදුන්නේ .. අපිට තමයි මඩු වලිගෙන් ගහන්න ඕන ...? (අ)
අමිළ ඔබ හරි (අ)
ඔය දූෂණ් අවම්යි කියන රටවල් වලින් තමයි ට්‍රාන්ස්පේරන්සියට සල්ලි එන්නෙ (අ)
දුසණයට අනුබල දෙන ආයුද වෙලොන්දෝ ගැනත් කිවොත් නේද හෝද (අ)
ලංකාවේ දැන් විනය සදාචරය ගුරුවරුන්ට ගරුකිරීම් හැම දෙයක්ම පිරිහිලා. රට යහ මගට ගන්න ඕනි නම් හරි නීතියක් ස්ථාපනය කරන්න ඕනා. කුඩු ව්‍යාපාරිකයෝ ආණ්ඩුව තුලත් ඉන්නවා. ඉතින් කොහොමද අනාගතය හදන්නේ. මරණ දඩුවම නැවත ගේන්න ඕනා රටේ යහ පාලනයක් ගේන්න නම්.(නදී)
මේ රුපියල් කෝටි 266000 ක් නේද?(නදී)
මේ සංවිදානේ මේ රටේ ලොක්කට ලොකු දුෂණ චෝදනාවක් තිබුනා මතකයි පහුගිය කාලේ.(නදී)
තරහ කාරයෙක් අපේ රටේ නමත් දාලා (දී)
චමිල නංගී, කුණු බලන්නේ කන්නාඩි ඉස්සරහට ගිහින්ද? පොඩ්ඩක් අතුල්ලලා බලන්න.කණ්ණාඩි වලින් කුණු පෙනෙන්නේ නැහැ. (නි)
රුපියල කොපමණ දුරට ශක්තිමත් වී ඇති බව ඔබට පෙනෙනවා නේද ? (නි)
එතකොට දූෂණයේ දොර ඇරපු එක දුෂණයක් නොවෙයිද? දොරවල් ඇරපු රටවල නම් ලැයිස්තුව කෝ? (නි)
බන්දුල, ඔබ ඔය දේ කණ්ණාඩිය ඉදිරියට ගිහින් කිවුවා නම් තමයි හොඳ. (නි)