කුරුණෑගල බඩගමුවේදී පසුගිය පස් වෙනිදා කොස්තාපල්වරයෙකු මරා දමා තවත් කොස්තාපල් වරයෙකුට පහර දුන් බව කියන ආරක්ෂක හමුදා සාමාජිකයෙකු අවියක් පෙන්වීමට ගොස් උඩු නුවරදී පොලිස් වෙඩි පහරින් මිය ගිය බව පොලිස් ආරංචි කියයි.
පොලිසියට වෙඩි තැබීමට තැත් කළ අවස්ථාවේ පොලීසිය ඉස්සර වු බව දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජගත් ලියනගේ වගේ කීප දෙනෙකුට මොලේ තිබුනට කියෙන් කිදෙනටද මේ කරුමේ තේරෙන්නේ ? (නදී)
නීතිය පිළිබදව පොලීසියට පවා විස්වාසයක් නොමැතිනම් අපට කුමන විස්වාසයක්ද? "අපි අසරණ වෙලා වගේ අපට දැනෙනවා"
හා කියන්න බලන්න අවි පෙන්වන්න ගිහින් මැරුම් කෑව ගණන ? (නදී)
දැන්වත් ලකාවේ සුදු රෙදි පොරවන් වරදකරුවන්ව ආරක්ෂා කරන මහත්තයන්ලා ටික ලංකාවේ නීතියට ගරු කරලා පොලීසියට නිසි ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න දීලා ඔය මහත්වරු පැත්තකට නොවුණොත් සත්තයි හෙට දවසේ ඔයාලව රැකගන්නත් බැරි වෙනවා. (ස)
රටේ හරි නිතියක් නැති වුවත් මේ කරන්නා වූ ක්‍රියාවන් නිවැරදි කරන්නට සමාජයට හැකියාවක් නැත. මන්දයත් මෙම දේශය බෞද්ධ රටක් වන බැවිනුත් පොලීසියේ සලකුණට ඇඳුමට පවා බෞද්ධ සංකේත යොදා තිබීමත් නිසා මෙය අනුමත කළ නොහැකියි. (ස)
ඕනෑම සැකකරුවෙක් වැරැද්ද ඔප්පු කරන තාක් නිර්දෝෂයි. පොලිසියේ මේ වගේ ක්‍රියා නිසා අහිංසක සැකකරුවන් නිරපරාදේ මැරෙන්න පුළුවන්. අනුමත කළ නොහැකියි. පොලිස් අත් අඩංගුවේදී මියගිය අය ගැන සාධාරණ පරීකෂණ ? අධිකරණයේ කාර්ය පොලිසිය කරන්න යාම අනුමත කල නොහැකියි.(නදී)
මරන එක අනුමත කරන්නෙ නෑ, එත් ඔය අය එලියට ආවත් කරන්නෙ ආයේ ඔය ටිකම තමා.(නදී)
අහිංසකයෙක්ට නම් මේ ඉරණම වෙන්න එපා.(නදී)
හරියට හරි චේතනා. (නදී)
අර සම්පත් විධානපතිරන (තංගල්ලේ සභාපති) එයාලගත් අවි තිබුනනේ, හම්බන්තොට නගරාධිපති එය ලාගත් අවි තිබුනනේ නරකද අවි පෙන්නන්න අරන් ගියොත්? නැහැ එහෙම වෙන්නේ නැහැ මොකද එයාල බලවත් දේශපාළුවන් නිසා.(නදී)
මෙහෙම ගියොත් පෙරකදෝරුවන්ට මොකද වෙන්නේ? (නදී)
පොලිසිය නියම අපාරදකාරයා සොයාගෙන මැරුවා නම් නියමයි. බැරිවෙලාවත් අහිංසකයක්නම් ? (නදී)
පොලිසිය සහ පාතාලය අතර වෙනසක් නැත. බලවන්තයා දිනනනවා. නීතිය ඒකයි. (අ)
මගේ අදහස එඩිට් කරන්න නම් එපා. මොකද මම දේශපාලන බේදයකින් නෙවේ කියන්නෙ. මේ වගේ දේවල් වලට මෙහෙම දඩුවම් දිය යුතුමයි. මේ අපරාදකාරයන්ට හිර ගෙදර රජ ගෙදර වගේ. මේ වගේ මිනිස්සුන්ගෙන් සමාජයට සේවයක් නැහැ. නමුත් මේ ගැනත් හිතන්නකො ආයුද 18 ක් ද කොහෙද අහුවෙලා ආන්ඩුවෙ ඉහලම දේෂපාලකයෙක් සමග අහිංසකයින් 4 ක්ව මරලා එක දවසක් හිරගෙදර නොසොටිය අපරාදකාරයො ඉන්නවා මේ රටේ. සෙල්ලම් පිස්තෝල කතාව තවත් එකක්. ඇයි මේ වෙනස? ඒ හින්ද අපි පල කරන අදහස් කියවල මේවට වග කියන්න ඕන අය නැවත ඒ ගැන හිතාවි. මම ප්‍රාර්තනා කරන්නෙත් එයමයි. (නදී)
රුවන් මම ඔබ සමග එකඟයි. අපි හැමෝම සතුටු වෙනවා වැරැද්ද කල මනුස්සයට දඩුවම ලැබුනා කියන එකට. ඒත් මේ ක්‍රමය හරිද? ඇරත පුද්ගලික තරහට පොලිස් නිලදාරියෙකුට ඕනේ නම් මේ දේ ඔබට මට කරන්න පුළුවන් නේද, එතකොට මොකද්ද වෙන්නේ? (නදී).
මෙහෙම වෙන්නේ ඔය එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්නේ නැති නිසාය කියල අපේ ගමේ තේ කඩේ ළඟ කට්ටිය කතා වෙනවා මට ඇහුනා.(නදී)
මේ කරන්නේ වැරදි වැඩක්. මේ අපරාධකාරයන් මෙහෙම ඉවර කලාම මෙයාල කරපු අපරාධ සේරම වැළලිලා යනවා. අනික මෙය නිතිය අතට ගැනීමක්. රටක අධිකරණයක් තියෙන්නේ මොකටද මෙහෙම දඬුවම් දෙන්න පුලුවන්නම්. (ස)
අධිකරණය නීතිය යුක්තිය, අගාදයට තල්ලු වී හමාරයි. (ස)
නිතිය වල් වැදී අැත. මෙහෙම පොලිසියට මිනී මරන්න පුලුවන් නම් අධිකරණයක් කුමටද ? තව ටික දවසකින් අහින්සක මිනිස්සුත් මේ විදිහට මරන්න ගනියි. පොලිස් නිලධාරින් තමන්ගෙ පුද්ගලික තරහකාරයන් ගෙන් පලිගන්නත් මේ ක්‍රමයම පාවිච්ච් කරන්න ගත්තොත් මොකද වෙන්නෙ. කලකම් පල දුන්නා කියමින් තාවකලික සතුටක් ලැබිමට වඩා අප කල යුත්තෙ මෙම භයානක ප්‍රවනතාව වටහාගෙන එයට විරුද්ධ වීමයි. මෙවැනි සිදුවීම් වලට විරුද්ධව අධිකරණය මීට වඩා තදින් සිටිය යුතුය. (ස)
මට හිතෙන ආකාරයට නම් මේ වගේ ආපරාධ කරුවන්ට නියම විසඳුම මේක තමයි. (ස)
මෙහෙම නම් අපරාධ විසඳන්නේ මොන එකකටද උසාවි කියල දෙයක් තියෙන්නේ? (ස)
මේ විදියට හෙට ඕනම කෙනෙක් සැකපිට අත් අඩංගුවට අරගෙන අවි පෙන්නන්න ගෙනිහින් මරල දාන්න පොලීසියට පුලුවන්. මේ ක්‍රමය අනුමත කරන අය දෙපාරක් හිතන්න.(නදී)
සිද්දිය ගැන සම්පූර්ණ විස්තරයක් නොදැන යමක් කිව නොහැක. පොලිස් නිලදාරීන්ද තුවාල ලැබූ බව වාර්තා උනා. (නදී)
මම නම් මෙහි වරදක් දකින්නේ නැහැ (නි)
පොලිසිය නියමයි. (ස)
මේ වගේ වැඩ නිසා පිල්ලෙ නෝනලට හරි වාසියි .නීති විරෝධීව මිනිහෙක්ව මරණ අය ජීවත් වන්න වෙන්නේ හැමදාම මරණ බයෙන් . (ස)
මානව හිමිකම් කොමිසමේ සභාපති ආචාර්ය ප්‍රතිභා මානාම මහතා අද ප්‍රකාශ කරලා තිබුණා පොලිස් අත්අඩංගුවේ සිටින පුද්ගලයන්ගේ ජීවිත් පිලිබදව පොලිසිය වගකියන්න ඕනා කියලා. එ්ක තමයි ඇත්ත මේ මැරුවේ ඇත්ත අපරාධකාරයන්ද නැතිනම් අහිංසකයන්ද කියලා තීරණය කරන්නේ කව්රුන්ද කොහොමද කියලා ඔය ''හුරේ '' දාන මහත්වරුනට කියන්න පුලුවන්ද ? මිනිස්සුනේ තමන්ට ඔය වගේ දෙයක් සිද්ද වුනොත් තේරේවි රටේ තරම. එදාට අනිත් මිනිස්සුත් ඔය විදියටම ප්‍රතිචාර දක්වනකොට.(නදී)
විය යුතු දේ ඔබ සිදු කළා. ඔබගේ සේවය අපිට ගොඩාක් වටිනවා. හිස ඔසවන්න දෙන්නෙපා.(නදී)
අපේ රටේ නීතිය ගැන පොලිසියට හෝ මහජනතාවට විශ්වාසයක් නැහැ දැන්. (නි)
සැකකරුවෙක් නම් අත් පිටුපසට දාලා මාංචු දාගෙන ගියා නම් කොහොමද වෙඩි තියන්නේ? (නි)
මේක දැන් විහිළුවක් වගේ වෙලා.අධිකරණයෙන්වත් දඩුවම් දෙන්නේ නැත්නම් සෑහීමකට පත්වන ලෙසට, මේ සිද්ධවෙන දේවල් වලට අපිත් විරුද්ධ නැහැ (නි)
මේ යන විදියට උසාවි හිරගෙවල් ඕනෑ නැහැනේ. නමුත් අපේ රටේ නීතියක් කියලා දෙයක් තිබෙනවා. මම කියන්නේ මේ යන ක්‍රමය හරිම වැරදියි (නි)
මමත් දැනගන හිටියා ඕක වෙන බව. නමුත් ඕකේ අනිත් පැත්ත වෙන්නේ නැති එකේ ප්‍රස්නේ. (නදී)
සාමය ආරක්ෂා කිරීම සඳහා තම රාජකාරි කරමින් සිටි නිරායුධ පොලිස් නිලධාරියෙකු ඝාතනය කල, මිනිස් ජීවිත වල සහ පවුල් ජිවිත වල කිසිම වටිනාකමක් දන්නේ නැති ඝාතකයෙකුට තවත් මිනී මරණ එක ලොකු වැඩක් නෙමෙයි. නිලධාරීන් වහා ක්‍රියාත්මක වූ නිසා හොඳයි. නැතිනම් තවත් නිලධාරීන් කිහිප දෙනෙකුගේ ජිවිත අහිමි වෙන්ට තිබුණා. (ස)
අහිංසක මිනිස්සු තමන්ගේ සාදාරනය උසාවි වලින් ලැබෙන කල් බලන් ඉඳලම නාකිවෙලා. කොහොම නමුත් මානව හිමිකම් වගේ බොරු දේවල් වලින් බේරෙන්නත් වෙන නිසා අවි පෙන්නන්න සියලුම මැරයෝ කුඩු කාරයෝ හොරු හැකි ඉක්මනින් ගෙනියන එක හොඳා (නදී)
මගේ ළඟත් තියෙනවා (අ)
මේවා සමාජයේ හා පොලිසියේ පරිහානියට හේතු වේවි (අ)
මැරුම් කෑවේ උඩුනුවරද නැත්නම් උඩුදුම්බරද කොහේ උනත් දඬුවම හොඳයි. ළමා අපචාර කරන අයටත් මේ දඩුවම් දෙන්න. (ස)
මේ විදියට රටේ පැන ගිය සෙබළු මර්නන ගියොත් පොලීසිය හෙට දිනයේ යන්නේ නිරුවතින් ද ? (ස)
අර කතරගම සෙල්ලම් පිස්තෝල කාරයත් ඔය වගේ ම එක්ක යන්න පුළුවන්ද සර් ? (ස)
සෞදි වල බෙල්ල කැපුවත් නීතියට අනුව තමයි කරන්නේ. මෙහෙමනම් කරන්නේ නැහැ. (ස)
මරන්නත් කුමයක් තියෙනවා. බල්ලෝ බළල්ලු වගේ නැතිව. (ස)
ඉතුරු තුන් දෙනාවත් අවි පෙන්වන්න දෙන්න (ස)
බුදු දහමට අනුව වෙසක් මාසයේ සිදුවන මෙවැනි දේ කිසිසේත්ම අනුමත කළ නොහැකියි. (ස)
අනති තුන් දෙණා ළඟත් අවි තියන ඒවා පෙන්න එක යන්න කෝ. ඔය වගේ ම කුඩු තියන තැනුත් බලන්න ඔය ලොක්කෝ එක්කන් ගියොත් හොද නැද්ද?. (අ)
පොලිසියේ කෙනෙක් මැරුව නිසා අනිවාර්යෙන් අවි පෙන්නන්න එක්කන් යන බව අපිට තේරුණා. අහිංසක මිනිහෙක් මරුවා නම් පෙන්නන්නේ උසාවියනේ.(නදී)
මේ ක්‍රමය වෙනස් වුනොත් හොඳයි. නැත්නම් හැමෝම දන්නවා වෙන්නේ මොකක්ද කියා.(නදී)
පොලිසිය දේශපාලනය නොවී ඔය විදියට ක්‍රියාත්මක වෙන්න ඕනෙ ....මොකද ...පොලිසියටත් ඕක හොද පාඩමක් ...මොකද ඔය සෙල්ලන් දා න්නේ....දේශපාලුවන්ගේ සාක්කුවේ රිංගලා. පාතාලයක් කියල එකක් තියෙන්න බැහැ. අනිවාරෙන්ම මරන්න ඕනේ.(නදී)
එතකොට පොලෝසිය ගහලා අහිංසකයෝ මරල දාන කොට දෙන දඩුවම මොකක්ද ? (නදී)
මෙයින් පෙනෙන්නේ අපරාද කරුවන්ට නීතියෙන් දඩුවන් ලැබෙන බව නීතිය ආරක්ෂා කිරීමට සිටින පොලිසියේ මහත්වරුන්වත් දැන් විශ්වාස නොකරන බවද ? (නදී)
ඉතුරු තුන්දෙනාවත් අවි පෙන්නන්න එක්ක ගියා නම් තමයි හොඳ.(නදී)
ලංකාවේ නීති පද්ධතියක් තියෙනව. මොනම අපරාධයක සැකකරුවෙක් වුවත් නීතිය ඉදිරියේ ඔප්පු විය යුතුයි. නීතිය අතට ගැනීම දිගින් දිගටම සිදුවීම සහ මහ ජනතාව එය අනුමත කිරීම දීර්ඝ කාලීනව පසු තැවීමට හේතුවක් වේවි. (නදී)
අපරාධ කරුවන්ට දඬුවම් දිය යුත්තේ උසාවිය නේද ? (නදී)
ඕක තමා ඉතින් අන්තිමට වෙන්නේ.(නදී)
දැන් අළුත් රෙදි සෝදන කුඩු වර්ගයක් හොයාගන්න වෙයි.(නදී)
කළ කළ දේ පල පල දේ ලෝකේ.(නදී)
ඇත්තෙන්ම මම බලාපොරොත්තු වෙච්ච සිද්දියක්. එය එසේ විය යුතුව තිබුනා. පොලිස් වෙඩි පහරින් නැතුව පොලිස් කඩු පහරින් මිය ගියානම් තවත් සතුටුයි . ලංකාවේ පොලිසිය දේශපාලනයට යට වී තිබුනත් ඔවුන් ඉතාම දක්ෂ දෙපාර්තමේන්තුවක් ..(නදී)
නිතිය අතටගන්න එපා කියලා ජනතාවට කියනවා. මේ විදිහට අපරාද රැල්ල නැති කළ හැකිද? (නදී)
ඒක තමයි අපි කිව්වේ. වෙන කරන්ඩ දෙයක් නැහැ කියලා.(නදී)
එයාලම නඩුව විසදලා. හැමදාම වෙන්නේ ඕකනේ (නදී)
මේ වගේ අයව අල්ලපු ගමන්ම අවි හංගපු තැන් පෙන්නන්න එක්ක යන්න ඕන, කාලේ නස්ති නොකර. වෙන විකල්පයක් නැහෙනේ. අනිත් අයවත් අල්ලපුග මන්ම අවි හංගපු තැන් පෙන්නන්න එක්ක යන්න. (නදී)
අනේ අනිකුත් අයත් ඉක්මනටම හංගපු අවි පෙන්නන්ඩ එක්ක යන්ඩ. (නදී)
එල්ලුම් ගහ ක්‍රියාත්මක නොවුනත් අවි පෙන්නුම් ගහ නියමෙට ක්‍රියාත්මක වෙනවා. (නදී)
මේ වගේ ප්‍රශ්න විසදීමට සුදුසුම ක්‍රමය මේ ක්‍රමයයි.(නදී)
අනිත් සැකකරුවොත් ආයුද සොයන්න අරන් යාවි.(නදී)
නීතිය ක්‍රියාත්මක වීම ඉදිරියේ පොලීසියද අසරණව ඇති බවක් පෙනෙයි. මෙම සිදුවීම ගැන කිසිත් නොකියමි. නමුත් සාමාන්‍ය ජනතාවට වන අසාධාරණකම් හමුවේද වැරදිකරුවන් තම බලය හා සබදතා හරහා නිතිය හෑල්ලුවට ලක් කරමින් වින්දිතයින් අසරණ කිරීම තවදුරටත් නොඉවසන සාමාන්‍ය ජනයාද වැරදිකරුවන් අවි පෙන්වන්නට ගෙන යන දිනය ලග ලගම එන බව විශ්වාසයි. නිතිය ක්‍රියාත්මක කරවීම ශක්තිමත් කිරීම හා පවතින යල් පැනගිය නීති සංශෝධනයට කාලයයි මේ.(නදී)
මන් දන්නවා මේ දේ වෙනවා කියලා. මේක භයානකයි.(නදී)
ලස්සනට ඉල්ලන් කැවා නේද. (නදී)
ඇත්තෙන්ම මම බලාපොරොත්තු වෙච්ච සිද්දියක්. එය එසේ විය යුතුව තිබුනා. පොලිස් වෙඩි පහරින් නැතුව පොලිස් කඩු පහරින් මිය ගියානම් තවත් සතුටුයි . ලංකාවේ පොලිසිය දේශපාලනයට යට වී තිබුනත් ඔවුන් ඉතාම දක්ෂ දෙපාර්තමේන්තුවක්.(නදී)
අර සාක්ෂි සහිතව අත් අඩංගුවේ ඉන්න ස්ත්‍රී දුෂකයන් ගේත් අවි ආයුධ මේ ක්‍රමයටම සොයා ගන්න බලමුකෝ. දැන් වයස 80 ක අත්තම්මා කෙනෙකුටවත් තනියම ගෙදෙරක ඉන්න බැරි කාලයක් නේ. (නදී)
ඕක ඔය තරම් ගණන් ගන්න දෙයක් නැහැ. ප්‍රජාතන්තරේ රකින ඇමරිකන් බටයෝ ඔසාමා බින් ලාඩන්ටත් කලේ ඔයටිකමනේ. නැත්නම් මුන්ව නොමරා හිරේ යවලා මාස දෙක තුනකින් ආයේ කන්නද කියන්නේ ?(නදි)
පොලිසිය ඔන්න ඔය විදිහට ලොකු පොඩි භේදයකින් තොරව ක්‍රියා කළා නම් රට හදයි. වෙන විකල්පයක් පේන තෙක් මානයකවත් නැහැ.(නදී)
දැන් "අවි පෙන්වීම" යල් පැනපු කතාවක්. මේකට වෙනත් විවිධ යෙදුම් අලුතින් යොදා ගමුකෝ.(නදී)
මේ විදිහට පොඩි අහිංසක මිනිස්සුන්වත් අවි පෙන්නන්න එක්කන් යනවා ඇති නේද? (නදී)
පොලිසියම අපරාධකාරයො බිහි කරනවා උන්ම මරනවා. පුද්ගලික අත් දැකීමක් අනුව කියන්නේ. මට උන අවනඩුව කියන්න කෙනෙක් නැතිව අසරන වෙලා මමත් ඉන්නේ.(නදී)
ඔහොම ගියොත් පොලීසිය අාරක්ෂා කරන්න තවත් පොලිසියක් දාන්න වෙයි.(නදී)
හොයාගන්න තව තොරතුරු ඇති නේද? (නදී)
නිතිය වෙනුවෙන් පෙනී සිටින අය නිතිය කඩකිරීමක් ද දැන් ශ්‍රී ලංකාවේ වෙන්නේ. ඇත්තටම කණගාටු විය යුත්තකි. පොලිසියට මේ ගැන ලැජ්ජාවක් නැති එක පුදුමයට කරුණකි. අපරාදකරුවන් පමණක් නොව සාමාන්‍ය ජනතාවත් බියෙන් සැකෙන් ජිවත් වීමට සිදුවන්නේ, අදිකරණයට පෙර පොලිසිය තීරණය ගන්න නිසාය. මේ ගැන ජනතාවගේ පැත්තෙන් බලනවිට සිතෙන්නේ මැරකල්ලි දෙකක් අතර ගැටුමකි. මේ විදියට නිතිය ක්‍රියාත්මක වන රටක් ජාත්‍යන්තරයට මුණ දෙන්නේ කෙසේද? (නදී)
කැලෑ නීතියක්ද මෙය.(නදී)
මරන්නම ඕනේ නේද ඉතුරු තුන් දෙනාවත්.(නදී)
මෙය අතිශය භයානක තත්වයකි. මින් ඉදිරියට උසාවි නැති රටක් අපිට හිමි වේවිද ? (නදී)
පොලිසියේ කෙනෙක් මැරුවොත් නම් උසාවි අවශ්‍ය නැහැ වගේ. උසාවි ගිහින් ඇප මත නිදහසේ ඉන්නවට වඩා මේ කරපු දේ හොඳක් වගේ.(නදී)
මේවා මගින් ලංකාව මානව හිමිකම් කඩ කරනවා කියා ඔප්පු වෙයිද? (නදී)
මෙයාව අවි පෙන්නන්න එක්කන් යන්න තිබ්බේ ටිකක් පහුවෙලා. ඔක්කොම ටික හොයාගත්තට පස්සේ. අපරාදේ ඉක්මනට අවි පෙන්නන්න ගියේ.(නදී)
පොලිස් නිළධාරියෙක් මරපු නිසා මේ විදියට වුනා. හැබැයි දේශපාලන බලධරයෙක් ළමයෙක් දුෂණය කලා නම් හරි අහිංසක මිනිහෙක් මැරුවා නම් හරි මේ අය නිදි නේද? (නදී)
මේ විදියට අවි පෙන්වන්න එක්ක යන්නේ ඇයි. මෙයට ක්‍රමයක් තිබිය යුතුයි. හෙට අහිංසක මිනිස්සුත් අවි පෙන්නන්න මේ විදියට එක්ක යයි.(නදී)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ඔය විදියට මාවත් අල්ලන් ගිහිල්ල සැක පිට, ඔය විදියට මරා දාවිද? (නදී)
සරසි 100% ඔබ නිවැරදියි. (නදී)
ඒක එහෙම නම් උසාවි අවශ්‍ය නැද්ද? (නදී)
අපරාදකාරයෝ හිරේට යවලා තවත් රජයේ මුදල් වියදම් කරලා වැඩක් නැ. උන් එලියට ඇවිත් ආය කරන්නෙත් ඒ දේම තමා. සමාජෙට පිළිලයක් වෙන පුද්ගලයින්ට කල යුතු දේ මෙයම තමයි.(නදී)