ඖෂධවේදීයාගේ පැහැදිලි ඡායාරූපයක් සහිතව ජාතික විලවුන් උපකරණ හා ඖෂධ නියාමක අධිකාරිය නිකුත් කළ බල පත්‍රය ප්‍රදර්ශනය නොකරන ෆාමසි වලින් ඖෂධ මිලට ගැනීමෙන් වළකින ලෙසට එම අධිකාරියේ අධ්‍යක්ෂක වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ඊට අමතරව ඡායාරූපයේ දැක්වෙන් ඖෂධවේදීයා ෆාමසියේ සිටීමත් අනිවාර්ය බව ද එම නිසා බලපත්‍රය ප්‍රදර්ශනය කැර තිබුණත් එහි දැක්වෙන ඖෂධවේදීයා එම ස්ථානයේ නොමැති නම් ඖෂධ මිලට ගැනීමෙන් වැළකිය යුතු බව ද වෛද්‍ය බෙනරගම සඳහන් කළේය.
ෆාමසියට ගොඩවන සෑම පාරිභෝගිකයකුටම මැනවින් දැක බලා ගැනීමට හැකි ස්ථානයක බල පත්‍රය ප්‍රදර්ශනය කරන ලෙසට බලපත්‍රලාභි සෑම ෆාමසියකටම අධිකාරිය මගින් දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිති නම් දානවා ඕන තරම්, ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැති එකයි වෙන්නේ. ඕන තරම් ෆාර්මසි තියෙනවා බලපත්‍ර නැති වෙළඳ සේවක සේවිකාවන් ඉන්න. මම දැන් ඉන්න කොම්පැණියට මේ ලඟදි අලුතෙන් සුපවයිසර් කෙනෙක් ගත්තා. එයා මාදම්පේ තියෙන ෆාර්මසි එකක අවුරුදු 12ක් වැඩ කරපු කෙනෙක්. අවුරුදු 12ක් වැඩ කරලා තියෙන්නේ බලපත්‍රයක් නැතුව. එතන වැඩ කරන අනිත් අයත් එහෙම වෙන්න ඇති. (ස)
ලංකාවේ නීති දාන්නේ හරියට ඇහී පිල්ලම් ගහනවා වගේ. ඒ වගේම ඒවායේ තියෙන පරස්පරතා ගැන හිතන්නේ තවත් අවුරුදු කල්පයක් ගියාම. (ස)
මොන නීතිද මහත්තයා..! කොයි ෆාමසියේත් සිස්ටම් එක එකම විදිහයි. අපිට පරිස්සම් වෙන්න කියනවාට වඩා මාසෙකට සැරයක් රවුමක් යන්න ෆාමසි වල. (නි)
මාසයකට සෑරයක්වත් සොයා බලන්න. පාලන මිළක් නියම කරන්න.මගේ රටට අවශ්‍ය ඉල්ලීම් වලට කන්දෙන නිළධාරීන් නොව, මහජනයාගෙ මුදලින් ඉගෙනගෙන ඒ මහජනයාට තමන්ගෙ යුතුකම ඉටුකරන නිළධාරීන් ය. එතකොටයි මේ පුංචි රට ලස්සන වෙන්නේ. (නි)
ජර්මනියේ ඖෂධවේදියෙකු වශයෙන් රැකියාව කරන්න විශ්ව විද්‍යාලයේ අඩුම තරමින් අවුරුදු 4ක් ඖෂධවේදය හදාරා උපාධියක්´ලබාගත යුතුය . බෙහෙත් තුණ්ඩුව කියවා ගන්න පුළුවන් වූ පමණින් ඖෂධවේදියකු වන්නේ නැත , රසායන විද්‍යාව පිළිබඳ දැනුමක් ඖෂධවේදියකු තුළ තිබීම අනිවාර්ය වේ . අධ්‍යක්ෂක වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා පවසන්නේ විහිලු කතාවකි. ෆාමසි වල සේවකයන්ගේ සුදුසුකම් සහ ප්‍රමිතිය පරික්ෂා කිරීම රජයට අයත් වැදගත් රාජකාරියක් මිස පාරිභෝගිකයන්ගේ වගකීමක් නොවේ. (ස)