(එච්.එම් ධර්මපාල)
අධිකරණ වරෙන්තු ගණනාවක් ඇති දකුණේ පාතාල කල්ලි සාමාජිකයකු ඇමරිකාවේ නිෂ්පාදිත ස්වයංක්‍රීය පිස්තෝල ගිනි අවියක් සහ එයට යොදන ජීව උණ්ඩ 10 ක් , හෙරෝයින් මිලි ග්‍රෑම් 2200 ක් ජංගම දුරකථනයක් සමග ගල්කිස්ස දූෂණ මර්දන ඒකකය මගින් බඩෝවිට 2 අදියරේදී අත්අඩංගුවට ගෙන ඇතැයි ගල්කිස්ස පොලීසිය පැවසීය.
සැකකරු තාවකාලිකව පැපිලියාන ප්‍රාදේශයේ පදිංචිව සිට ඇති අතර දකුණේ අපරාධ ගණනාවකට අධිකරණ වරෙන්තු ගණනාවක් ඇති පොලීසිය සොයමින් සිටි පුද්ගලයෙකු වන බවත් පොලීසිය කියයි .
යුක්තිය මෙහෙයුමට සමගාමීව ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී පෙරේරා, දූෂණ මර්දන ඒකකය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චමින්ද කුරඹගේ මහතා ඇතුලු නිලධාරින් කණ්ඩායමක් විසින් බඩෝවිට දෙවන අදියරේදී සිදුකල විශේෂ අපරාධ නිවාරණ රාජකාරියේ දී හෙරෝයින් මිලි ග්‍රෑම් 2200 ක් සමග අත්අඩංගුවට ගෙන ජංගම දුරකථනය පරීක්ෂාවට ලක්කල විට එහි ගිනි අවියක ඡායාරූපයක් තිබී ඒ සම්බන්ධව සිදු කළ විමර්ශනයට අනුව සැකකරුගේ නවාතැන්පල සඟවා තිබූ මෙම ගිනි අවිය සොයා ගැනීමට හැකිවී ඇතැයිද පොලීසිය පැවසීය.
අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මහතා ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පළ කර තිබේ.
බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ
දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්
ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත
දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අවියක් සමග පාතාලයෙක් මාට්ටු