තොරතුරු තාක්ෂණය පිළිබඳ බීසීඑස් උපාධිය වයස අවුරුදු 11 දි සම්පුර්ණ කළ සහ වයස අවුරුදු නවයේ දී වෙබ් අඩවියක් නිර්මාණය කරමින් මෙරට ළාබාලතම වෙබ් නිර්මාණවරිය බවට පත්වු මහනුවර කොළඹ ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය ලබන වෂින්‍යා ප්‍රේමානන්ද සිසුවිය සිය දෙමාපියන් සමඟ අද (23) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමු විය.
සිසුවියගේ දක්ෂතා අගය කරමින් ඇයට දිප්තිමත් අනාගතයකට සිය සුබ පැතුම් පළ කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට උණුසුම් සුභ පැතුම් දුවේ! තවත් ජයග්‍රහණ ලබන්න. තාක්ෂණයේ වැරදි පැත්තට වැඩි නැඹුරුවක් ඇති අපේ අනෙක් දරු පරපුරට හොඳ ආදර්ශයක් (නි)
බී. සී. එස්. කියන්නේ ලංකාවේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ගෞරව උපාධියකට සමාන සුදුසුකමක් ලෙස පිළිගැනෙන බ්‍රිතාන්‍ය උපාධියක් (බ)
ඔබට ජයෙන් ජය! සුභ අනාගතයක් පතමි! (නි)
ඔබට ජයෙන් ජය! සුභ අනාගතයක් පතමි! (නි)
රටට වටිනා දක්ෂ දරුවෙක් (නි)
මොහමඩ් රිස්වාන්, ඔතන කියල තියෙන්නේ අවරුදු 11 දී හා නවයේදී කරපු දේවල් ඔයාට පෙන්නේ වෙන විදිහකට! (බ)
අතිශය දක්ෂ ළමයි ඉපදුණාම තම දැනුමින් උපාධීයක් කරන්න වයස ප්‍රශ්නයක් කරගත යුතු නැහැ.මේ ළමයි ලංකාවේ සංවර්ධනයට ප්‍රයෝජන ගන්න පාලකයන් දැන ගත යුතුයි.! (ම)
ඔබට ජයෙන් ජය !!! සුභ අනාගතයක් පතමි! (ම)
බී සී එස් පරිගණක උපාදිය සා පෙළ කිරීමට කලින් සම්පූර්ණ කල දරුවන් සිටිනවා !! (ම)
ළමයාගේ දක්ෂතාවය බලන්න මෙතනදී (නි)
අපෙන් සුබ පැතුම් දුවේ! (නි)
හදවතින්ම සුබ පතමි! (නි)
වසන්ත, ළමයාගේ දක්ෂතාව ගැන ටිකක් හිතන්න. ඇයට සුබ පැතීමට මෙය අවස්ථාවක් කරගන්න. දුවේ, ඔයාට මගේ සුබ පැතුම්! (නි)
මෙතන අදහස් දාන සමහර මිනිස්සු මේ තමුන්ගේ ළමයින්ගේ වයසේ ළමයෙක් කියලාවත් නොහිතා කියන දේවල් නම් වැරදියි. මිනිසුනේ, මේ ළමයාගේ දක්ෂතාවය අගය කරන්න ඉගෙනගන්න (නි)
අනන්තවූ තුණුරුවන් ගුණබලයෙන් චූටි දූගේ හැකියාවන්,දක්ෂතාවයන් තවතවත් වර්ධනය වේවා..! දීප්තිමත් අනාගතයක් වේවා..! තුණුරුවන් සරණයි! අදහස් දමන්නන් කරුණාකර දරුවෙකු දිහා දරුවෙක් විදිහට දකින්න. එ් වගේම ඔබ ඉදිරිපත් කරන අදහස් වලින් ඔබ ලෝකයට නිරාවරණය වන බව තේරුම් ගන්න. (නි)
මේ අවරුදු එකලොහේ ළමයෙක්ද. (අ)
මෙවන් දක්ෂ දරුවන් රටට වාසනා! (නි)
වසන්ත, ගැහැණු අය මඟුල් මුදුව දමන්නේ දකුණේ නෙමෙයි, වම් අතේ. මේ දරුවා මුදුවක් පැළඳ ඉන්නේ දකුණු අතෙයි. (නි)
ඇයි මෙවන් සතුටු වියයුතු වෙලාවක සමහරුන් වෙනත් අදහස් පළකරන්නේ? (නි)
මිනිපෙ, ගැහැණු අය මගුල් මුදුව දමන්නේ වමේ නොවයි,දකුණේ, ඔබ සොරබොරට කිට්ටු නිසා අපි මොනවත් කියන්න යන්නේ නැහැ. (රේ)
බුදුසරණයි දරුවෝ...කවදා හෝ අපේ රටේ නම ලෝකය ඉදිරියේ ඔබ බබලවාවී.(රේ)
ඇගිල්ලේ මංගල මුදුවක් තියෙන්නේ.(රේ)
අතුල ගමගේ. ස්තුත්යි. (අ)
මේ ලිපිය මගින් උපාදිය දුන්න විශ්ව විද්‍යාලය හෝ එහි ප්‍රමිතිය පිලිබඳ විස්තර කලා නම් තම හොඳා. මොකද අවුරුදු 11 කින් උපාදියක් ලංකාවේදී කිරීම අමාරුයි නමුත් සෝම හාමුදුරුවන්ට දුන්න උපාදිය වගේ ආයතන දැන් ලංකාවේ හැම තැනම තියෙනවා. (අ)
දැන් ලංකාවේ රටකන විශ්ව විද්‍යාලවල අය මේකට විරෝධය පායිද දන්නේ නෑ, මොකෝ මෙයාලාගේ විශ්ව විද්‍යාලවලට පිටින්නේ මේ උපාදිය ලබාගෙන තිබෙන්නේ. (අ)
රිස්වාන් ප්‍රවෘත්තිය හරියට කියවන්න. එකේ තියෙන්නේ 11 සහ නවයෙන් ලබා ගත් බවයි කියන්නේ දැන් වයස නොවේ (අ)
මේ දියණියට සුබම සුබ අනාගතයක් පතමි! තව තවත් දක්ෂතා දක්වන්නට හැකියාව ලැබේවා! ඒ වගේම මේ දරුවාගේ දෙමාපියන්ට ආයුබෝ වේවා! (නි)
දුවේ ඔබට නිදුක් නිරෝගී යහපත් අානාගතයක් උදාවේවා... මම සහ මගේ පවුලේ ප්‍රාර්ථණාව එයයි. (අ)
සුභ පැතුම් දෙවිපිහිටයි (අ)