IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘‘අවශ්‍යනම් එල්ලුම්ගහ ක්‍රියාත්මක කරණවා“

අවශ්‍ය වුවහොත් එල්ලුම් ගහ යළි ක්‍රියාත්මක කරණ බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. මත්ද්‍රව්‍ය ඇතුළු අපරාධ රැල්ල තවදුරටත් පාලනය කරගැනීමට හා අපරාධකරුවන්ගෙන් ජනතාව බේරාගැනීම සඳහා මෙවැනි තීරණයක් ගැනීමට නොපැකිලෙන බව ද ඔහු කියා සිටියේය. එල්ලුම්ගසට නියම වූ වරදකරුවන් දහසකට ආසන්න පිරිසක් බන්ධනාගාරගතව සිටින බව ද දැනගන්නට ඇත.



අදහස් (0)

‘‘අවශ්‍යනම් එල්ලුම්ගහ ක්‍රියාත්මක කරණවා“

අශාන් Wednesday, 04 February 2015 02:50 AM

මාලි මෝඩ ප්‍රශ්න අහන්ඩ එපා. එල්ලුම්ගහට යන්ඩ අකමැති අය වැරදි නොකර ඉදිවී. එහෙම තමයි අපරාද අඩු වෙන්නේ. (නදී)

:       0       0

සින්න පෙරුමාල් Wednesday, 04 February 2015 02:54 AM

පොල් ගස් නැගල පොල් කඩන රා මදින අපිට මෝල් ගහෙන් බැත හදන අපේ මායියන්ට එල්ලුම් ගහත් ගහක්ද අප්පුහාමි. කෙරෙන වැඩක් ගැන කතා කරන්නකෝ. අර උසාවියට ලොක්කෙක් පත් කොරන්න අස් කොරන්න ඔච්චර අමාරු නම් ඔය කොළ නැති ගහ මොන බොරුවක්ද. ඔන්‍න‍ බබෝ බිල්ලා එනවා. අඩන ළමයි අල්ලන් යනවා කිව්වට මම අම්මටවත් බය උනේ නැහැ. (නදී)

:       0       0

වයිකෝ Wednesday, 04 February 2015 02:59 AM

ඇමතිතුමනි , තීරණයක් ගන්න පිටකොන්ද පන මදීද? (නදී)

:       0       0

වයිකෝ Wednesday, 04 February 2015 03:03 AM

මරණ දඩුවම නියම වෙච්ච කී දෙනෙක් හිරගෙවල්වල ඉන්නවද? (නදී)

:       0       0

වයිකෝ Wednesday, 04 February 2015 03:08 AM

මරණීය දඩුවම නියම කරන්නේ නඩුකාරවරු මිස ඔබතුමා නොවේ. එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න ප්‍රමාද නොකර. (නදී)

:       0       0

වයිෙකා් Wednesday, 04 February 2015 03:27 AM

තීරණයක් ගන්න ශක්තියක් නැත්නම් අමාතංශය ජනරාල් සරත් ෆොන්සේකාට බාරදෙන්න. (නදී)

:       0       0

වසන්ත Wednesday, 04 February 2015 03:33 AM

ත්‍රිවිධ හමුදාවත්, පොලිස් දෙපාර්තමේන්තුවත් ජනරාල් සරත් ෆොන්සේකාට බාරදෙන්න. එල්ලුගහ අවශ්‍ය නැහැ.(හේ)

:       0       0

රසික රුවන් Wednesday, 04 February 2015 03:51 AM

ඔබලාගේ අරමුණ අපට ඉතා පැහැදිලියි.(හේ)

:       0       0

චමී Wednesday, 04 February 2015 04:05 AM

අවශ්‍යනම් නෙවෙයි ඇමතිතුමනි අවශ්‍යයි. වහාම ක්‍රියාත්මක කරන්න.(හේ)

:       0       0

අසංග Wednesday, 04 February 2015 04:36 AM

එ්කේ ඉස්සල්ලම එල්ලන්න වෙන්නේ දේශපාලුවෝ තමයි. (නදී)

:       0       0

සචිත් Wednesday, 04 February 2015 05:21 AM

කාලීනව අනිවාර්යෙන්ම කරන්න ඕනි දෙයක්. පක්ෂ පාට බලන්නේ නැතුව හරියට ක්‍රියාත්මක කරන්න. (නදී)

:       0       0

ලක්මාල් Wednesday, 04 February 2015 05:32 AM

කරුණාකර ක්‍රියාත්මක කරන්න. රටේ අවශ්‍යතාවයක් මේක දැන් (නදී)

:       0       0

සුමන මානන්දුව. Wednesday, 04 February 2015 05:46 AM

එල්ලුම් ගහ නීතිය ක්‍රියාත්මක කළ විට නඩුකාරතුමා දඩුවම ක්‍රියාත්මක කළ යුතු දිනය නියම කළ යුතුයි.නැවත සමාව දීමට ජනාධිපති තුමාට ඇති අයිතිය අහෝසිකළ යුතුයි.(දිල්)

:       0       0

වැකෝ Wednesday, 04 February 2015 05:56 AM

පෙබරවාරි අවසානයට පෙර එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න (දිල්)

:       0       0

වැකෝ Wednesday, 04 February 2015 06:02 AM

අපිට ඕනේ තීරණ ගන්න හැකියාවක් තියන පිටකොන්ද පණ ඇති ඇමතිවරු.(දිල්)

:       0       0

ප්‍රබු Wednesday, 04 February 2015 07:53 AM

එල්ලුම් ගහ ගේන්නම ඕනේ නැහැ. මට මතකයි බන්දනාගාර රෝහලට රාජකාරි අවශ්‍යතාවයකට ගිය වෙලාවේ එවකට චන්ද්‍රිකා මැතිනියගේ රජය එල්ලුම් ගහට අවශ්‍ය ලනුව පකිස්තානයෙන් ආනයනය කරල කියන පණිවිඩයට අසනීප උන හිර කාරයින්ගෙන් රෝහල් වාට්ටුව පිරිලා තිබ්බ ආකාරය. දැන් මිනිස්සු දන්නවා මොනවා කලත් තමන්ට එලියට යන්න ලැබෙන බව. එක්කෙනෙක් එල්ලුව නම් මිනිස්සුන්ගේ ඔය කියන ක්ෂණික කේන්තියි අනික් අපරාදැයි අගේට අඩු වෙයි. (නදී)

:       0       0

සමන් Wednesday, 04 February 2015 08:20 AM

අනිවාර්යෙන්ම කරන්න ඕන දෙයක්. ඔබතුමා මේ දෙය කළොත් හොඳ ශ්‍රී ලංකාවක් බිහි වෙනවා සිකුරුයි. මේ වගේ තීරණයක් ගන්න ජනාධිපති තුමාගේ ආශිර්වාදය ලැබෙනවා අනිවාර්යෙන්ම ජයවේවා.(දිල්)

:       0       0

රසිකා Tuesday, 03 February 2015 04:44 PM

අනිවාර්යෙන්ම ජාතික අවශ්‍යතාවක්. කලොත් මගේ ඡන්ද අයිතිය තියන තාක් ඡන්දය ඔබ තුමන්ට දෙනවා. (නදී)

:       0       0

රේණුකා Tuesday, 03 February 2015 04:54 PM

අනිවාර්යෙන්ම කල යුතු දෙයක්. අවශ්‍ය නම් ජනමත විචාරණයක් තියල ජනතාවගේ කැමැත්ත අනුව තීරණයක් ගන්න පුළුවන්. ඕකට මානව හිමිකම් කියාගෙන බොරුවට දගලන පගර නැට්ටෝ හරස් වෙන්න පුළුවන්. ඒත් මෙච්චර අපරාද වුන රටේ ඔවුන් මොනවද ගත්ත පියවරවල්. ඒ නිසා එල්ලුම් ගස ගෙනාවොත් අපරාද රැල්ල අඩුවෙනවා ඒකාන්තයි (නදී)

:       0       0

නිලන්ත Tuesday, 03 February 2015 04:58 PM

අනිවාර්යෙන් රසිකා ඔබගේ කතාවට මමත් එකගයි. (නදී)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට​ Tuesday, 03 February 2015 05:03 PM

රසිකා...ඇත්තටම ඔබගේ අදහසට මමත් එකගයි. (නදී)

:       0       0

ජයන්ත Tuesday, 03 February 2015 05:06 PM

හොඳ අදහසක්. රටේ තරුණ පරපුර විනාශ කරමින් ශ්‍රී ලංකා වාසීන්ගේ අනාගතය අදුරු කරන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට වැඩිය කොයින්ද තවත් ත්‍රස්තවාදීන් (නදී)

:       0       0

උයන්ගොඩ Tuesday, 03 February 2015 05:20 PM

අප රටේ සිදුවන බොහෝ අපරාද අඩුම කර ගන්නට නම් එල්ලුම් ගහ යලි ක්‍රියාත්මක කරන්න (නදී)

:       0       0

පද්මසිරි ඉතාලිය Tuesday, 03 February 2015 05:28 PM

ඇත්තටම මමත් එකඟයි හැම ආණ්ඩුවක්ම බලයට පත්වුණා ගමන් කියනවා තමයි නමුත් එයට බාලගිරි දෝෂය (නදී)

:       0       0

අශාන් Tuesday, 03 February 2015 05:33 PM

එල්ලුම් ගහ ගෙනල්ලා දරුණුම අපරාධකාරයෝ තුන් දෙනෙක්ව එල්ලන්න. රටේ ලොකු වෙනසක් වෙයි. (නදී)

:       0       0

තිලක් Tuesday, 03 February 2015 05:33 PM

මේ රටේ ජනතාවගේ ඇති මහත් බහුතරය බොහෝ කාලයක් තිස්සේ ප්‍රාර්ථනා කරන දෙයක්. රේණුකා කී සියල්ල නිවැරදියි. අවශ්‍ය උනොත් වගේ බොරු මාධ්‍ය සංදර්ශන නැතිව අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න. මේ වෙනකොට රටේ සිදුවුණා හා සිදුවන අපරාධ හොඳටම වැඩියි. ලොකුම කුඩු කාරයෝ ටික ඉස්සරලම එල්ලන්න. පාතාල නායකයෝ ස්ත්‍රී දූෂකයෝ ඊළඟට පේලියේ තියන්න. (නදී)

:       0       0

තිලක් Tuesday, 03 February 2015 05:35 PM

ජනතා දේපල වංචා කල අයටත් මරණ දඬුවම දෙන්න නව නීතිත් සකස් කරන්න. (නදී)

:       0       0

චන්ද්‍රලතා පිට රටක සිට Tuesday, 03 February 2015 05:57 PM

හොඳම හොද අදහසක් මට නම් හරිම සතුටුයි. අනේ ඔබ තුමන්ට පින්සිද්ද වෙනවා දැන් රට වටේ මිනීමරුවන් එන්න එන්න වැඩිවෙනවා. මගේ රත්තරන් පියත් මල්ලිත් මරපු මිනීමරුවන් අපේ ගමේ සතුටින් ජීවත්වෙනවා අම්මත් අපිත් දවසින් දවස මැරී මැරී උපදිනවා අහසට දුක කියනවා. මෙතැනදී හරියට නිතිය කළා නම් අද මිනීමරුවන් හිරේ අපිට මේ දුන්න දුක් ගින්දර වෙන කාටවත් අත් නොවේවා. එල්ලුම්ගහ ඔනෙමයි. එහෙම නැති උනොත් රටේ පව්කාරයෝ වැඩිවෙනවා අනිවාර්යෙන්. (නදී)

:       0       0

මගලී ‍ ෆොන්සේකා Tuesday, 03 February 2015 06:10 PM

මිට වඩා තව මොනවද මිනි මරුවන්ට දෙන්නම ඕනි. ළමා දුෂකයෝ ගැහැණු දුෂකයෝ (ස්ත්‍රී දුෂකයෝ) මත් ද්‍රව්‍ය කාරයන්ට (නදී)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 04 February 2015 09:34 AM

මෙයාල ඕක කලොත් බටහිරින් ඉර පායයි. පසු ගිය රජය පෙරලන්න ඇමෙරිකානු සහ බටහිර රටවල් වල තානාපති කාර්යාල වල ක්‍රියාකාරි දායකත්වය දුන් බව දන්නා අයට මේ කොළ කඩා පෑම දැක්කම අධෝ මුකයෙනුත් හිනා යනවා. එල්ලුන් ගහ කොහොම වෙතත් ආයේ ආයුධ පෙන්නන්නවත් කාවවත් ගෙනියන්න ලැබෙන්නේ නැහැ. (නදී)

:       0       0

චම්පික Tuesday, 03 February 2015 06:29 PM

කරන්නම ඕන වැඩක් (නදී)

:       0       0

සාගර කාරියවසම් Tuesday, 03 February 2015 06:34 PM

මම කියන්නේ අහිංසක ළමයි දූෂණය කරන තිරිසන්නු එල්ලලා මරන්න එක තමයි රටට කරන ලොකුම සේවය (නදී)

:       0       0

ඉන්දික Tuesday, 03 February 2015 06:37 PM

මෙය අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. කරුණාකර ජනමත විචාරණයකින් හෝ, මෙම නීතිය ක්‍රියාවට නංවන්න. (නදී)

:       0       0

ටෝනි Tuesday, 03 February 2015 06:45 PM

රසිකා ඔයාගේ අදහසට ඒකාන්තයෙන්ම මමත් එකගයි (නදී)

:       0       0

වසන්ත Wednesday, 04 February 2015 09:45 AM

ඇමතිතුමනි එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න . (හේ)

:       0       0

සිසිර Tuesday, 03 February 2015 06:57 PM

මෙය කාලයේ අවශයත්වයක්. ක්‍රියාත්මක කළ යුතුයි (නදී)

:       0       0

ඉන්දි Tuesday, 03 February 2015 07:18 PM

ජනමත විචාරණයක් තිබ්බොතින් අනිවාර්යයෙන්ම දිනනවා. මරණ දඬුවම නැතුව ලංකාව විනය ගරුක රටක් කරන්න බැහැ. වැඩියම වැරදි කරන්නේ බෞද්ද අය. ඔප්පුවෙලා තියනවා බන කියල හදන්න බැරි මිනිස්සු ගොඩාක් ලංකාවේ ඉන්නබව. (නදී)

:       0       0

චන්න ඇමරිකාව Tuesday, 03 February 2015 07:53 PM

තව මිනිහෙක්ගේ ජීවත් වීමේ අයිතිය නැති කරපු මිනිහෙක්ව ජනතාවගේ බදු මුදලින් තවදුරටත් ජීවත් කරන්න අවශ්‍ය නැහැ. (නදී)

:       0       0

ඉසුරි Tuesday, 03 February 2015 08:38 PM

රසිකා, ඔබේ අදහසට මාත් එකගවෙනවා. (නදී)

:       0       0

කුමාර Tuesday, 03 February 2015 08:42 PM

කරනවා නම් නියම වැඩේ. (නදී)

:       0       0

දීනා Tuesday, 03 February 2015 08:51 PM

රටට අවශ්‍ය දෙයක් මමත් කැමතියි (නදී)

:       0       0

ශ්‍රී ලාල් Tuesday, 03 February 2015 09:21 PM

අවශ්‍ය කම එදා ඉඳලම තිබුන නමුත් අද අත්‍යාවශ්‍ය වෙලා තියෙනවා. දැන් දැන් තව ගොඩාක් අය පෝලිමට එන්න ඉන්නවා.(නදී)

:       0       0

ජයන්ත ජයසුන්දර Tuesday, 03 February 2015 09:32 PM

නියමයි මගේ ශ්‍රී ලංකාව (නදී)

:       0       0

බණ්ඩා Tuesday, 03 February 2015 09:50 PM

මේ අපරාධ රැල්ල නවත්වන්න අනිවාර්යෙන්ම මේක ක්‍රියාත්මක කරන්න ඕනා (නදී)

:       0       0

චන්ද්‍රලතා Tuesday, 03 February 2015 09:54 PM

මේ එල්ලුම් ගහ 80 දශකයේ ඉදළ තිබුණා නම් මගේ තාත්තාත් මල්ලිත් අදත් ජීවත්වෙනවා. (නදී)

:       0       0

එස්.කේ විජේතුංග Tuesday, 03 February 2015 10:50 PM

හොද අදහසක් මුලින්ම කුඩු ගෙනත් විකුණන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් හා ගංජා විකුණන කනිෂ්ට පොලිස් නිලධාරීන්ගෙන් පටන් ගන්න ඕනේ (නදී)

:       0       0

ප්‍රීති - ඇල්පිටිය Tuesday, 03 February 2015 11:31 PM

අන්න කරනවා නම් නියම වැඩ (නදී)

:       0       0

පාලිත ප්‍රනාන්දු Tuesday, 03 February 2015 11:31 PM

අනිවාර්යෙන්ම කළ යුතු දෙයක්. ඔබ තුමාගේ තීරණයට ස්තුතියි (නදී)

:       0       0

සංඛ Tuesday, 03 February 2015 11:57 PM

රටේ ඉන්න අහිංසක තරුණ තරුණියන් මරන්න හදාපු විදේශීය අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක් කියයි ඕකටත් (නදී)

:       0       0

ඇසිලින්නෝනා Wednesday, 04 February 2015 12:05 AM

මෙතුමාට නැගලා වගේ. ඔය කිව්වට ගොරවන තරමට වහින්නේ නැතෝ. නොකෙරෙන දිගෙට කෝදුරු තෙල් කුප්පියකුත් හොයන්න වේවි. (නදී)

:       0       0

සිරී වෙනුර Wednesday, 04 February 2015 12:11 AM

කරුණාකර නිතිය අකුරටම කරන්න (නදී)

:       0       0

වයිකෝ Wednesday, 04 February 2015 01:09 AM

මෙතෙක් ඝාතනය කරපු පවුල් සහ මිනිස්සු ගණන මදිද එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න ? (නදී)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 04 February 2015 01:21 AM

අපි අවුරුදු ගානක් බලන් ඉන්නවා මේක ගේනකම්. තවත් තටමන්නේ නැතුව ගේන්න. එතකොට සුදු වෑන් ඕනේ වෙන්නේ නැහැ (නදී)

:       0       0

සුසන්ති විමලසේකර Wednesday, 04 February 2015 01:26 AM

අායෙත් අහනවා අවශ්‍ය නම් කියාගෙන, ඕක වහාම ක්‍රියාත්මක කරන්න. මතක නේ තංගල්ල උන සිදුවීම. වීදේශ පෙම්වතාව මරලා, එයාගේ වීදේශ පෙම්වතිය සමුහ දුෂණය කරපු කෙනාට දුන්න දඩුවම අවුරුදු 20 යි. (නදී)

:       0       0

මාලි Wednesday, 04 February 2015 02:09 AM

රසිකා, ඔයාව එල්ලුන් ගහට යවන්න හැදුවොත් ඔයා මොකද කරන්නේ? (නදී)

:       0       0

රකිත් Wednesday, 04 February 2015 02:45 AM

එල්ලුම් ගස ක්‍රියාත්මක කිරීමට පෙර රටේ දැනට තිබෙන නීතිය හරියට ක්‍රියාත්මක කලොත් බොහෝ අපරාධ අඩුකර ගත හැකි බව මගේ හැඟීමයි. එල්ලුම් ගස ක්‍රියාත්මක වන රටවලත් අපරාධ සිදු වේ. ඒවා සම්පුර්ණයෙන්ම මැඬලිය නොහැක. (නදී)

:       0       0

ජයන්ත ද සිල්වා Wednesday, 04 February 2015 02:48 AM

එල්ලුම් ගහ ගේනවා කියල හරියන්නේ නැහැ. අනිවාර්යෙන්ම ගේන්න ඕනේ. පුලුවන්නම් අරාබියේ වගේ ප්‍රසිද්දියේ එල්ලන්න ඕනේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 228 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 215 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 302 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 273 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 265 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 181 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38513 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25353 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 912 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site