ගෘහ සේවිකාවන් ලෙස වෙනත් රටවලට යැවීම සදහා බලහත්කාරයෙන් රදවා ගෙන සිටි බව කියන නේපාල ජාතික කාන්තාවන් 18 දෙනෙකු අවිස්සාවේල්ල කර්මාන්තපුරය ආසන්නයේ නිවසක සිටියදී අත්අඩංගුවට ගැනීමට ආගමන විගමන දෙපාර්මේන්තුවේ නිරික්ෂණ බුද්ධි හා විමර්ෂණ ඒකකයේ නිලධාරීහු පිරිසක් සමත්වූහ.
නේපාලයේ කාන්තාවන් වෙනත් රටවල ගෘහ සේවයට යැවීම තහනම් බැවින් එම කාන්තාවන් මෙරටට ගෙන්වාගෙන මෙහි රදවා තබා ගෙන වෙනත් රටවල් සදහා ගෘහ සේවයට යැවීම නේපාල ජාතික කාන්තාවක් විසින් කලක සිට සිදු කරගෙන ගොස් ඇති බවද එම දෙපාර්තමේන්තුව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නේපාල ජාතික කාන්තාවන් ඕන තරම් මේ රටේ ගෘහ සේවයේ රැකියාවන් වල නිරත වෙලා ඉන්නවා.මම හිතන්නේ ඔවුන් ඔවුන්ගේ මව් රටේ සිටමයි ඇවිත් ඉන්නේ. ඒ අයගෙන්ම මේ ගැන විමසා බැලිය යුතුයි. (ත)
නේපාලය දුප්පත් රටක් වුවත් රටේ කාන්තවන් පිටරට වහල් සේවයට යවන්නේ නැහැ. කොතරම් හොඳයිද බලන්න . (ත)
නේපාල කාන්තාවන් වැඩ කරන්නේ මැද පෙරදිග. (ත)
මොන දේ කරන්නෙත් සල්ලි හොයන්නනේ.(හේ)
මෙම කාන්තාවන් නේපාලයට යවන්න.(හේ)
නේපාලයේ කාන්තාවන් සහ බංගලාදේශයේ පිරිමින් එලෙස රටවලට ගෙනෙන්න තහනම් කරලයි තියෙන්නේ (නි)
ෂා! ශ්‍රී ලංකාව මෙතරම් දුරට දියුණු බව අපි දැනගෙන සිටියේ නැහැනේ (නි)
අතීසාරයට අමුඩය ගහලා වැඩක් නැහැ කියන කතාව මතක්වුණා. තමන්ට අවශ්‍ය දේ මිනිස්සු කොහොමහරි කරගන්නවා (නි)