IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


අංශු මාරසිංහගේ වීඩියෝ පටයක් ප්‍රචාරය කිරීම වලකා වරණයක්

(රෝෂන් තුෂාර)

එක්සත්  ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී   අංශුබෝධ මාරසිංහ මහතාගෙන් කප්පම් ඉල්ලීමකට අදාල අපහාසාත්මක වීඩියෝ පටයක්   සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ(මුහුණු පොත) ප්‍රචාරය කිරීම වලක්වාලමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය අංශ නිලධාරියකු ඇතුළු සිව් දෙනෙකුට  කොන්දෙසි සහිත වාරණ ආඥාවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද(06) නිකුත් කළාය.

ආංශු මාරසිංහ මහතා විසින් 2024 අංක 9 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනතේ 24 වන වගන්තිය යටතේ ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම කොන්දේසි සහිත ආඥාව ලබන 20 වෙන දින දක්වා බල පැවැත්වෙන පරිදි නිකුත් කළාය .

විදේශ සේවා කටයුතු අමාත්‍යාංශයේ  මාධ්‍ය ඒකකයේ ජයන් චානක පතිරණ, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විනය පාලක  අංශයේ  චන්ද්‍රගුප්ත මහානාම,  පෞද්ගලික ආපන ශාලාවක ආයතනයක හිමිකරුවකු වන නවීන් කනිෂ්ක ප්‍රනාන්දු, ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක කළමනාකරුවකු වන දුලාජ් වීජේකොන් සහ  යන වගඋත්තරකරුවන්ට ලබන 20 වෙන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද නියෝග කළාය.

පැමිණිලිකරු වෙනුවෙන් නීතිඥ.  චමින්ද අතුකෝරල මහතා පෙනී සිටිඅතර නඩුවට පදනම් වූ වීඩියෝ පටයක තිර උපුටනයක්  අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ  වගඋත්තරකරුවන් විසින් දේවේශසහගත ලෙස හා වෛරී සහගත ලෙස අන්තර්ජාලය ,මුහුණු පොත සහ වට්සැප් යන සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අදාළ ප්‍රකාශ බෙදා හැර ඇති බවය.

අදාළ වීඩියෝ පටයට එරෙහිව පැමිණිලිකරු විසින් රහස් පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව වනිතා ආදර්ශනී නමැති සැකකාරියට එරෙහිව  රහස් පොලිසිය මගින් නඩු පවරා ඇති බවත්,එකී වීඩියෝ පටිය පසුගිය දෙසැම්බර් 14 වැනි දිනයේ සිට අන්තර්ජාලය ඔස්සේ නැවත ප්‍රචාරය කරමින් සැකකරුවන් විසින් පැමිණිලිකරුගේ කීර්තියට හානි කරමින් සිටින බවත් සඳහන් කළේය.

නීතිඥ කේ.පී.සී එල් කාරියවසම් මහතා මගින් පවරා තිබූ එම පැමිණිල්ලේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය  වග උත්තරකරුවන්ට වාරණ ආඥාවක් හා නොතීසි නිකුත් කරමින් ලබන විසිවෙනි දින අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසට නියෝග කළාය.



අදහස් (4)

අංශු මාරසිංහගේ වීඩියෝ පටයක් ප්‍රචාරය කිරීම වලකා වරණයක්

බකල ජයා Monday, 06 January 2025 08:31 PM

මාර අසූචි මහතා යන යන තැන හත්පොලේ ගාගන්නව වගේ. ජොලි සීයගෙ උපදේශක තනතුරටම ගැලපෙනවා.

:       4       17

Perera Tuesday, 07 January 2025 09:12 AM

බලු වැඩ කරන එවුන්ගේ යහපත් කීර්ති නාමයක් කොහෙද තියෙන්නේ ?

:       3       13

Pankumburage Tuesday, 07 January 2025 12:52 PM

අංශු මාරසිංහගේ වීඩියෝ එකක් කිව්වම මට මතක් උනේ වෙන එකක්.

:       1       6

ජිල්බු Tuesday, 07 January 2025 03:30 PM

මට මතක් උන දේම නේද ඔයාටත් මතක් උනේ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 577 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site