IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


අස්ගිරි මහා නාහිමිගෙන් අගමැති ඉම්රාන් ඛාන්ට ලිපියක්

ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ අමානුෂීය ඝාතනය සම්බන්ධයෙන් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් පැහැදීමට පත් විය හැකි යැයි පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යවමින් අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ වරකාගොඩ ඥානරතන මහා නා හිමියෝ ​අවධාරණය කරති.

ප්‍රියන්ත කුමාර දියවඩන මහතා ඝාතනය සැලවුණු සැණින්, එම ඝාතනය හෙලා දැකීමටත්, ඝාතනයට සම්බන්ධ වුණු අන්තවාදීන් කඩිනමින් නීතිය හමුවට ගෙන ඒමටත්, ඔවුන්ට නිසි දඩුවම් පැමිණවීමටත් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් කටයුතු කිරීම පාකිස්තානයත් ශ්‍රී ලංකාවත් අතර පවතින මිතුදම් තවත් ශක්තිමත් කිරීමට හේතුවක් යැයි ද මහා නා හිමිපානෝ එම ලිපිය හරහා පෙන්වා දෙති.

ජාත්‍යන්තරයේ අවධානයට ලක් වුණු, පාකිස්තානයට කැළැලක් වූ එම ම්ලේච්ඡ සිදුවීම හෙළා දකිමින්, ඊට එරෙහිව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පියවර ගැනීම, එතුමාගේ ශක්තිමත් නායකත්වය පිළිඹිබු කිරීමක් බව ද මහා නා හිමිපානෝ යැවූ ලිපියෙහි සඳහන් වෙයි.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර හමුවේ අර්බුදවලට මුහුණ දෙද්දී, අසල්වැසියකු ලෙස මෙන්ම අවංක මිතුරකු ලෙස පාකිස්තානයේ සහාය සැමවිටම ශ්‍රී ලංකාවට හිමි වුණු බවත්, එම මිතුදම් දිගටම පවත්වා ගෙන යෑමට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අපක්ෂපාතී තීන්දු තීරණ හේතුවනු ඇති බවත් මහා නා හිමිපානෝ යැවූ ලිපියෙහි වැඩි දුරටත් දැක්වෙයි.

ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ ඝාතනයට සම්බන්ධ සියලු වැරදිකරුවන්ට නීතියට අනුව දඩුවම් ලැබෙනු ඇති බවත් ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂිත පරිසරයක් පාකිස්තානයේ නිර්මාණය වනු ඇති බවත් තමන් විශ්වාස කරන බව ද හිමිපානෝ පවසති.

ඊට අමතරව, ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ පවුලේ සාමාජිකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සුදුසු පියවර ගැනීම කොළඹ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය හරහා සිදු කරන ලෙසත් අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ වරකාගොඩ ඥානරතන මහා නා හිමිපානෝ එම ලිපියෙන් ඉල්ලා ඇත.

 



අදහස් (11)

අස්ගිරි මහා නාහිමිගෙන් අගමැති ඉම්රාන් ඛාන්ට ලිපියක්

siri Wednesday, 08 December 2021 04:50 PM

පාකිස්තානු රජයෙන් සහ සියල්කොට් නගරයේ වාණිජ ප්‍රජාවගේ මැදිහත්වීමෙන් එකතුකර ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ පවුල වෙත ප්‍රදානය කිරීමට සූදානම් කර ඇති මුදල් කෙලින්ම එතුමාගේ පවුලේ සාමාජිකයින්ගේ අතටම ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටියා නම් ඉතාම කාලෝචිත බවයි කිව යුත්තේ... එසේ නැතුව රජයේ හෝ වෙනත් අතර මැදියෙකුගේ මාර්ගයෙන් එම ආධාර ප්‍රදානය කිරීමට කටයුතු කළහොත් ඒවාට මොනවයින් මොනවා වෙයිද? එම මුදල් කාගේ සාක්කුවට යයිද කියා කීමට බැරි වාතාවරණයක් අපේ රටේ දැන් ඇති නිසයි එවැනි අදහසක් ප්‍රකාශ කිරීම වැදගත් බව සිතුවේ...

:       8       123

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 08 December 2021 06:34 PM

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙලා හා තවත් දේශපාලන වැඩ කටයුතු කරමින් රටට මහා කරුමයක් වී සිටින ඇතැම් චීවරධාරීන් ගැන කිසිවක් කතා නොකොට සුවසේ වැඩ වසන්නේ ඇයි .. ?

:       13       69

ලලිත් අම්බලන්ගොඩ Wednesday, 08 December 2021 07:14 PM

ප්‍රියන්ත කුමාර දියවඩන මහතා මරණයෙන් බේරා ගැනීමට උත්සාහ කළ පුද්ගලයා ඒ රජය ඇගයීමට ලක්කළා. සැකකරුවන් අල්ලා ගත්තා. අවශ්‍ය වන්දි මුදල් දීමට කටයුතු කළා. වැටුප දීමට කටයුතු කළා. ඒ රටේ ව්‍යාපාරිකයින් වෙනමම මුදල් පරිත්‍යාග කළා. එහෙත් අපේ රටේ 300 කට අධික පරිසක් ඝාතනය කර තවත් විශාල පිරිසක් අබ්බගාතයන් කළ එමෙන්ම තවත් අති විශාල පිරිසකට උන් හිටිතැන් අහිමි කරමින් බිරින්දෑවරුන්ට සිය සැමියා අහිමි කළ, සැමියන්ට බිරින්දෑවරු අහිමි කළ දරුවන්ට දෙමාපියන් අහිමි කළ, දෙමාපියන්ට දරුවන් අහිමි කළ පාස්කු අපරාධය සම්බන්ධයෙන් මෙතෙක් කළ කටයුතු මොනවාද? රටක් වශයෙන් අපි සිටින තැන මොන දෙවියන්ට කියන්නද? පේනවා නේද අපෙයි එහෙයි තියෙන වෙනස...

:       5       79

JusuwaThursday, 09 December 2021 08:19 AM

ලලිත් සර්වබලධාරී දෙවියන්ට කියලා බලන්න .මොකද මම දැක්කා තාමත් පල්ලි කාදිනල් තුමාගේ ස්ථානයත් මුර කරන්නේ අපේ හමුදාවේ කොල්ලෝ ටික.දැන් මිත්‍යාව පච වී ඇත

:       11       6

බාලා Wednesday, 08 December 2021 08:10 PM

අනේ අපේ එක්කෙනාටත් ඔය ගැම්මෙන්ම ලියුමක් ලියන්නකෝ...? හොඳටම කරමින් ඉන්නේ සහ මෙහෙත් 300 කට ආසන්න ගාණක් මැරුණා කියලා මතකයක් තියනවාද බලන්න. මේ ගොල්ලන්ගේ බොරු කයිවාරු අහලා ඇතිවෙලා...

:       1       9

Upali Wednesday, 08 December 2021 09:13 PM

ඔබ වහන්සේගේ මේ ක්‍රියාව හොදයි. අපේ රටේ සිදුවන දේ ගැනත් විමසිලිමත්ව ඉදල ප්‍රතිචාර දක්වන්න.

:       1       17

ලුම්බිණි Thursday, 09 December 2021 04:08 AM

සමාවෙන්න. අපේ හාමුදුරුවෝ හරියට හැම දේම නොදන්නවා වගේ පෙනෙනවා.

:       3       5

Bamunuarachchi Thursday, 09 December 2021 07:19 AM

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතානනි , ඔබ අවදානම් අඩියකට වැටෙන්නයි උත්සාහ කරන්නේ පරිස්සමින් . දන්නවා නේද සුලිෆිකාර් අලි භුතොට, බෙනාසීර් භුතොට සිද්ද උන දෙය?

:       6       4

සුධීර සේනාධීර Thursday, 09 December 2021 02:48 PM

අතිපූජ්‍ය මහා නාහිමියන්ගේ ක්‍රියාව පැසසිය යුතුයි. මේකේ ප්‍රතිචාර දාන සිවුර ඇලජික් සමහර බූවල්ලෝ මහා නාහිමියන්ගේ ප්‍රකාශය දකින්නෙත් වපර ඇහෙන්. බූවල්ලනි නුවණින් හිතපල්ලා.

:       6       4

සත්‍ය ගවේෂී. Thursday, 09 December 2021 03:29 PM

සුධීර.. අපට සිවුර ඇලජික් නැහැ. මහානායක හාමුදුරුවන් වහන්සේගේ අදහස් අප ගරුකරනවා. ඒත්, උතුම් වූ බුද්ධ චීවරය දාගෙන දේශපාලුවන් වන්දනා කරනා දුසිල්වතුන් ගැන තමයි මෙහි කියා ඇත්තේ. බුද්ධ චීවරය කිලිටි කරනා දේශපාලන ගැත්තන්ට ආවැඩුවාට අපට එසේ කරන්නට බැහැ. මන්දයත්.., අප හොඳ බෞද්ධයන්... පියවි සිහියෙන් සිතා බලන්න..

:       2       10

හර්ෂාන් අබේසූරිය Friday, 10 December 2021 01:00 PM

නහී වේරේන වේරානි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 72 0

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


ලැගුම්හලේ කතක මාරා බස් පොළේ දමාගිය චුදිතයාට මරණ දඬුවම්
2025 අප්‍රේල් මස 24 664 1

ලැගුම්හලකදී කාන්තාවක මරා ගමන් මල්ලක දමාගෙන විත් කොළඹ බැස්ටියෙන් පාරේ බස් නැවතුම්පොලේ දමා යෑමේ චෝදනාවන්ට වරදකරුවු පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු


කොළඹ අගරදගුරුතුමෝ පාප්වහන්සේට ගෞරව දක්වති
2025 අප්‍රේල් මස 24 506 0

ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා අද (24) ගෞරව දැක්වූහ.


අප්‍රේල් 26 ජාතික ශෝක දිනයක් කරයි
2025 අප්‍රේල් මස 24 665 1

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදු කෙරෙන අප්‍රේල් 26 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.


අපේක්ෂිකාවට ජන්ද කාඩ් දුන් ලියුම් බෙදන්නාත් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 1073 6

පුත්තලම ප්‍රාදේශීය සභාවට තරඟ වදින අපේක්ෂීකාවකට නිල ජන්ද පත්‍රිකාවක් ලබා දුන් බව කියන පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයෙ ලියුම් බෙදන්නා අද (24) දහවල් අත්


‘කුෂ් ‘සමඟ විදෙස් සරසවි සිසුවා අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 767 0

රුපියල් පන් කෝටි තිස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 712 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 354 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 502 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site