අපවත්වී වදාළ අස්ගිරි මහානායක උඩුගම බුද්ධරක්ඛිත මහානායක හිමියන්ගේ ශාසනික සේවාව සිහිපත් කරමින් පින් පැතීමේ මතක වස්ත්‍ර පුජාමය පින්කමක් ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී සිදුකෙරිණි.
විහාරාධිපති මහාබ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක ගලයායේ පියදස්සි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති පිංකම සඳහා හාඳුපැල්පොල මහින්ද හිමි, දඹර අමිල හිමි, වස්කඩුවේ සුබෝධි හිමි, ගලයායේ ධම්මදස්සී හිමි සමඟ ලන්ඩනයේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් චන්ද්‍රා මොනරවල, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය සුභද්‍රා සිරිවර්ධන ඇතුළු බොහෝ පිරිසක් එක්වුහ.
එහිදී අනුශාසනාවක් කළ පියදස්සී නාහිමියෝ අස්ගිරි මහ නාහිමියන් කිහිප වතාවක්ම කින්ස්බරි විහාරස්ථානයට වැඩම කළ බවත් පසුගිය වසරේ ලන්ඩනයේ අලුතෙන් ආරම්භ කළ සම්බෝධි විහාරය විවෘත කිරීමේ පිංකම සඳහා සහභාගිවීමට ලන්ඩන් නුවරට වැඩමකළ අවස්ථාවේදීද උන්වහන්සේ තම විහාරස්ථානයට වැඩමකළ බවද සිහිපත් කළහ.
නිහතමානි සරල ඉතාම චාම් ජිවිතයක් ගතකල මහනාහිමියන් වහන්සේගේ අපවත්වීම රටටත් ජාතියටත් බුදු සසුනටත් සිදුවූ විශාල පාඩුවක් බව ද එම සේවය කෘතවේදීව සිහිපත් කරමින් උන්වහන්සේට පින්පෙත් පැමිණවීම තම යුතුකමක් වන නිසා මෙම පිංකම සුදානම් කළ බවද පියදස්සී හිමියෝ පැවසුහ.
මෙයට අමතරව ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි විහාරස්ථාන ශාඛාවේදී සතියක්පුරා මහනාහිමියන් සිහිපත්කර පින්කම් පැවැත්වෙන බව දැනට ලන්ඩන් නුවරට වැඩම කර සිටින සම්බෝධි විහාරාධිපති දරණාගම කුසධම්ම හිමියෝ පැවසුහ.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අස්ගිරි මහනාහිමි ගුණ ලන්ඩන් නුවරදී සිහිකෙරේ