

ශ්රී ලංකාවේ රෝහලක පසුගිය 19 වැනිදා ප්රථම වරට ‘රොබෝ ටෙලිසර්ජරි’ සැත්කම් දෙකක් සාර්ථකව සිදුවිය.
‘රොබෝ ටෙලිසර්ජරි’ සැත්කම් යනු වෛද්යවරුන් නව තාක්ෂණය සහ වෛද්ය උපාංග භාවිතයට ගනිමින්, ඔවුන් සිටින ස්ථානයේ සිට මාර්ගත ආකාරයට සම්බන්ධ වී, ඈත ස්ථානයක හෝ වෙනත් රටක හෝ රෝහලක් සමග සම්බන්ධ වී සිදු කරන සැත්කමකි.
ප්රථම වරට ශ්රී ලංකාවේ ‘රොබෝ ටෙලිසර්ජරි’ සැත්කම සිදුවූයේ කොළඹ කිංග්ස් රෝහලේ රෝගීන් දෙදෙනකුටය.
සැත්කම සිදු කළේ කිලෝ මීටර් 3,500 ක් දුරින්, ඉන්දියාවේ නවදිල්ලියේ සිටිශල්ය වෛද්යවරුන් දෙදෙනකු වන මහාචාර්ය ශ්රීනාත් චන්ද්රසේකර සහ මහාචාර්ය භවාන්ත ගමගේ ය.
අධිවේගී සන්නිවේදන ජාල හරහා, ඉන්දීය වෛද්යවරුන් දෙදෙනා එම සැත්කම් සිදු කළේ, කිංග්ස් රෝහලේ ශල්යාගාරයේ රොබෝ උපාංග මෙහෙයවමිනි.
සැත්කම සාර්ථකව සිදුවුණු බවත් සැත්කමට ලක්වුණු රෝගීන් දෙදෙනාම පැය 24 ක් ඇතුළත රෝහලෙන් පිටවී ගිය බවත් පැවැසෙයි
හදිසි සායනික හෝ තාක්ෂණික ගැටලුවක් මතුවුවහොත්, අවශ්ය පරිදි ඊට මුහුණ දීමට, කිංග්ස් රෝහලේ ශල්ය ඒකකයේ විශේෂිත පුහුණුවක් ලැබූ ශල්ය වෛද්යවරුන් සහ හෙද කාර්ය මණ්ඩල සාමාජිකයන් සීරුවෙන් සිටි නමුත්, ‘රොබෝ ටෙලිසර්ජරි’ සැත්කම කිසිදු ගැටලුවකින් තොරව, ඉතාමත් සාර්ථකව සිදුවුණු බව පැවැසෙයි.
‘රොබෝ ටෙලිසර්ජරි’ සැත්කම් මේ වනවිට ලොව පුරා ජනප්රිය වි ඇත. රොබෝ තාක්ෂණයේ දියුණුව සමග, ලෝකයේ එක් කෙළවරක සිටින විශේෂඥ ශල්ය වෛද්යවරයකුට ලෝකයේ අනෙක් කෙළවරේ සිටින රෝගියකුට අවශ්ය පරිදි අදාළ සැත්කම කළ හැකිය.
මෙය අපේ රටේ ද දකින්න ලැබීම මෙරට වෛද්ය ක්ෂේත්රයේ සංධිස්ථානයක් බව පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd