IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


‘‘අසාධාරණ ලාභ ලබන්න කිසිම ව්‍යාපාරිකයකුට ඉඩ දෙන්නේ නෑ‘‘

(අංජුල මහික වීරරත්න)

සහල් පාලන මිල වැඩි කරමින් අසාධාරණ ලෙස ලාභ ලැබීමට කිසිදු ව්‍යාපාරිකයකුට ඉඩ නොතබන බව ජනාධිපති අනුර දිසානායක මහතා සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයන් සමඟ ජනාධිපති කාර්යාලයේ අද (25) පැවති සාකච්ඡාවකදී පැවසීය.

සහල් වෙළඳපොළ සමතුලිත කිරීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයන්ගේ ගබඩා ධාරිතාව වැඩි කිරීමට රජයේ සහාය ලබා දෙන බවද ජනාධිපතිවරයා කීය.

කෘෂිකර්ම සහ වාරිමාර්ග ක්ෂේත්‍රවල ප්‍රවර්ධනයට මෙන්ම පොහොර සහනාධාරය ලබා දීම සඳහා රජය විශාල මුදලක් වැය කරන බැවින් ජනතාවට සහල් සැපයීමේදී සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයන්ට ද සමාජයීය වගකීමක් පැවරෙන බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයන්ගේ ධාරිතාව නගා සිටුවමින් සහල් වෙළෙඳපොළ සමතුලිත කිරීමට අදාළව ගත යුතු පියවර පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

 



අදහස් (7)

‘‘අසාධාරණ ලාභ ලබන්න කිසිම ව්‍යාපාරිකයකුට ඉඩ දෙන්නේ නෑ‘‘

Don perea Saturday, 26 October 2024 01:40 AM

ගෝඨා දෙක, ලංකාවේ මිනිසුන්ගෙන් ඉල්ලගෙන කන.

:       3       2

Roshan Saturday, 26 October 2024 06:17 AM

බලය ගන්නකම් අරූ කොමිස් ගහනවා මූ කොමිස් ගහනවා කිය කිය මැරෙන්න හැදුවා. අපිට දෙන්න අපි හොරු අල්ලනවා අරම කරනවා මෙහෙම කරනවා කිය කිය මැරෙන්න හැදුවා. දැන් බිත්තර වලින් කොමිස් ගහන්නේ කව්ද දන්නේ නෑ. මිනිහට උතුර දකුණ මාරු වෙලා ඉන්නේ කොහෙද කියල හොයා ගන්න මාලිමාවක් හොයනවා. මිනිහට අමතක වෙලා දැන් බලේ ඉන්නේ එයාලා කියලා.

:       3       5

අරවින්ද මොනරවිල Saturday, 26 October 2024 07:11 AM

දැන් තමයි රටට හරි පාලකයෙක් ලැබුණේ, ඒ නිසා ඔහුට නිවැරැදිව හා ක්‍රමානුකූලව රට පාලනය කිරීම සඳහා ශක්තිමත් ජනවරමක් ලබන 14 වෙනිදා ලබා දිය යුතුයි...!

:       71       10

Upul Saturday, 26 October 2024 07:26 AM

දීර්ඝ සාකච්ඡා, දීර්ඝ විවේචනවලින් ප්‍රශ්න විසඳන සහෝදරයෝ...

:       2       49

Samantha Saturday, 26 October 2024 08:09 AM

ව්‍යාපාරිකයෙක් ලාභ ලැබුවොත් ඔහු තව තවත් ව්‍යාපාර ආරම්භ කරනවා වැඩි වැඩියෙන් රක්ෂා දෙන්න පුළුවන් වෙනවා. රජයට ආදායම් බදු ලැබෙනවා. ඒවා නුසුදුසු නම් ළඟ බලා කටයුතු කරන්න පුතා... දීඝායු දුර බලන්න ළඟ බලන්න එපා කියලා දීඝායු ජාතකයේ තියෙනවා. ඒවා කියවපු එය තේරුම් ගනීවි නුවනැත්තෝ සිතත්වා... අනුවණයෝ ඩිස්ලයික් දමත්වා...! 

:       4       38

Prasanna Saturday, 26 October 2024 11:10 AM

එඩිතර නායකයින් කයිවාරු ගහන්නේ නැහැ. අපේ රටේ ඉන්නේ නායකයෝ නෙවෙයි බබාලා... තාම රටේ කිසිම වෙනසක් වුණේ නෑ. ඉදිරියට වෙන්නෙත් නෑ. ජනතාව අසීරුවෙන් ජීවත් වෙන්නේ...

:       2       42

Somasiri Saturday, 26 October 2024 02:57 PM

මාර සිංහ නඩයක්නේ කරන්නේ...!

:       0       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 774 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site