අලවතුගොඩ රඹුකේඇල පල්ලිය පාරේ නිවසක තනිවම විසූ වයස අවුරුදු අසූවක් පමණ වන අවිවාහක කාන්තාවක නිරුවත් කර පොල්ලකින් පහර දී ඝාතනය කර තිබියදී සොයාගත් බව පොලීසිය කියයි.
ඝාතනයට පෙර ඇය දුෂණයට ලක්ව ඇත්දැයි පොලීසිය සොයයි.
අලවතුගොඩ රඹුකේඇල පල්ලිය පාරේ නිවසක තනිවම විසූ වයස අවුරුදු අසූවක් පමණ වන අවිවාහක කාන්තාවක නිරුවත් කර පොල්ලකින් පහර දී ඝාතනය කර තිබියදී සොයාගත් බව පොලීසිය කියයි.
ඝාතනයට පෙර ඇය දුෂණයට ලක්ව ඇත්දැයි පොලීසිය සොයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පවුකාරයෝ කන්ද උඩරට වීර විකුම් පෑ හෙළයන්ටත් මහා නින්දාවක්. (නි)
පණපිටින් වලලන්න ඕනේ මේවගේ තිරිසනුන්ව.කොයි ලොව යන්නද මේ වගේ පව් කාරයින්.වයස ගැනවත් දුක හිතුනේ නැද්ද මේ අමුනුස්සයන්ට.අපේ කරුමේ මේවා අහන්න ලැබීම.(ස)
මිනිසුන්ගේ අධ්‍යාත්මික ගුණ වගාව පිරිහිලා .මත්ද්‍රව්‍ය වලට පුරුදු තරුණයන් මුදල් සොයා මිනිමරනවා .මුළු සමාජයම පිරිහිලා .මේවා කාට කියන්නද ? (ස)
බුදුන් වැඩිය රටේ සිදුවන අපරාධ වලට නිසි දඩුවම් නොමැති කමින් සිදුවන මෙවැනි අපරාධ නැවැත්විය නොහැක..!!! (ස)
අපරාධ කාරයින්ට කන්ට බොන්ට ආරක්ෂාව දීල දඬුවමක් නැතිව පරෙස්සම් කරනවනේ.අද මහා අපරාධ කරුවන්ට හොඳම ආරක්‍ෂිත තැන හිර ගෙදරයි. ඒ නිසා අපරාධ වැඩි වෙලා.ලොක්කෝ බලයෙන් අන්ධ වෙලා. මේවා පෙන්නේ නැහැ.ලංකාව වගේ රටක ඉපදීම කරුමයක් කියලා හිතෙන්නේ මේවා දකින කොටයි. (ස)
නීතියෙන් නිසි දඬුවම් දිය යුතුයි. (ස)
අපේ රටේ මෙවැනි අපරාධ එන්න එන්නම වැඩි වෙන්නේ රටේ නීති නැති නිසා නෙමේ. තිබෙන නීති හොදටම ප්‍රමාණවත්. එත් ඒ නීති ක්‍රියාත්මක නොකෙරෙන එක තමයි ලොකුම ප්‍රශ්නේ. මෙවැනි අපරාධ වලට නිසි දඩුවම් දීල ජනතාවගේ ආරක්ෂාව රැකදීම පවතින ඕනෑම ආණ්ඩුවක වගකීමක්. අද ගැහැනියකට දරුවෙකුට පාරක තනියම යන්ඩ බැරි මානසික රෝගී , තිරිසන්නු වැඩි වෙන්නේ රටේ නීති ක්‍රියාත්මක නොකිරීමේ වරද. (ස)
බද්දේගම පැත්තේ අම්බලමක සිටි (හිඟන) වයසක ගැහැණියකටත් මෙවැනි දෙයක් සිදුකර තිබුනා මේ ළඟකදී.කොල්ලෝ ටිකක් එකතු වෙලා දවල් කාලේ මේ ගැහැණියව නාවලා පිරිසිදු කරලා දවල්ට කන්නත් ගෙනත් දීලා රාත්‍රී කාලයේ මෙවැනිම දෙයක් කර තිබුනා.ඔය වගේ පවු මේ ආත්මයේදීම පළදෙනවා. තමන්ගේ අම්මාවවත් මතක් වුණේ නැද්ද මං අහන්නේ? (අහෝ! පවුකාරකමක තරම ) (නි)
ඕකනේ දරුවනේ බුදු හාමුදුරුවෝ තුන්වැනි වරට ඇවිල්ල ගියා ගියාමයි නැවත ආවේ නැහැනේ. තවමත් ඉන්නේ යක්ෂයෝ , නාගයෝසහ තිරිසනුන්නේ. (නි)
පුදුමාකාර රටක් මේක. ඉන්න හරියක් ඉන්නේ තිරිසන්නු.ලංකාව වගේ රටක ඉපදුනාට වඩා හොඳයි සුද්දෙක්ගේ වැසිකිළි වළක පණුවෙක් වෙලා ඉපදුනා නම්... (නි)
අනේ පවු! (නි)
විවාහක වුණත් නැතත් එම කාන්තාව අවුරුදු 80 නම් අම්මා කෙනෙක් තමයි. මේ වගේ කෙනෙකුටවත් ඉන්න දුන්නේ නැති ඒ අපරාධකාරයව එල්ලුම් ගහට නියම කරන ලෙස මා ඉල්ලා සිටිනවා. අපේ රටේ නීතිය හැමෝටම එක හා සමානව ක්‍රියාත්මක කරන මෙන්ද ඉල්ලා සිටිනවා (නි)
මෙතරම් වයස කාන්තාවක් මොන හිතින් මරනවද? (නි)
මානසික ලෙඩෙකුගේ අසික්කිත වැඩක්. (ස)
ප්‍රසිද්ධියේ එල්ලා මරන්න (නි)
අයියෝ! (නි)
රුක්ෂාන්, මවක් කියන්නේ කාන්තාවකට දිය හැකි උපරිම ගෞරවයයි. (නි)
"සුභ මවුවරුන්ගේ දිනයක්" ශ්‍රී ලංකා පණිවුඩය. (නි)
රුක්ෂාන්, විවාහ වන්න ඕනෑමද ළමයි සිටින්න? ඒකනේ මවක් කියන්නේ. (නි)
අම්ම කෙනෙක්ව, ආච්චි කෙනෙක්ව අදුරන්නෙ නැති තිරිසන්නුද ඉන්නෙ මේ බෞද්ධ රටේ. උන් ඉපදුනෙත් අම්ම කෙනෙක්ගෙ නෙවෙයිද? මේ වගේ උන් උල තියන්න ඕන. (ස)
ලංකාවේ නීතිය ලිහිල් වැඩියි (නි)
මම හිතාගෙන හිටියේ මේවා වෙන්නේ දකුණේ විතරයි කියලා. බලාගෙන ගියාම ඔක්කොම එකයි.(නදී)
නීතිය පොත්වලටම සීමාවෙලා වගේ. බැරිද ගමේ කට්ටියට මේ අමනයෝ ටික අල්ලාගෙන හන්දියක් මැද්දේ නිරුවතින් හිටවල බුහනස්සක් අරන් පහරදෙන්න. මාසයක් වාඩිවෙන්න නොහැකිවෙන්න. (නදී)
කවුරු කවුරුත් තරඟයට වගේ යෝජනා කරලා තියෙන්නේ වරදට දඬුවම් කළ යුතු ආකාරය. මෙවන් තිරිසන් තත්වයකින් පව්කාර මිනිසා මුදා ගත යුතු ආකාරය ගැන කියන්න කෙනෙක් මේ ලංකාවේ නැති පාටයි. මේ සියලුම් දේට "පිළිතුරක්" ලඟම එනවා. (ස)
වැරදිකරු සොයා දඩුවම් කරන්න. (ස)
සියළු දෙනාටම සුබ මව්වරුන්ගේ දිනයක් වේවා. (ස)
මෙවන් තිරිසනුන් උල තැබිය යුතුයි (නි)
අපි පෞඪ ජාතියක් නිසාද මෙවන් වැඩ කරන්නේ? (නි)
වයසක අම්මා කෙනෙකුටවත් ඉන්න දෙන්නේ නැහැ නේ (ස)
දවස පුරා තුණුරුවන් සිහි කරන රටේ, මේ වගේ වැරදි වෙන්නේ නුගත් අය අතරේ, වයසක මවකටවත් ජිවත් විය නොහෙකි කාලේ, දිය යුතු දඩුවම ලැබෙන්නේ දෛවයේ සරදමට බොලේ (ස)
අවිවාහක නම් මවක් කියල දාන එක හරිද? (ස)
මුන්ට කියන්න දේවල් නෑ (ස)
ලංකාවේ නීතියක් හරියට නෑ (ස)
ලෝකෙන් උතුම් රට ලංකාවයි, ශ්‍රී ලංකාවයි. (ස)
බුදුන්ගේ දේශයට මොකද මේ වෙන්නේ ? (ස)
අනේ මේ ධර්මද්වීපයද? (ස)
අනේ දෙවියනේ! දෙවියන් ම අහන්න ඕනේ මේ අවනඩුව නම්? (ස)
ඔහුට වහාම දඬුවම් දිය යුතුයි. (ස)
දැන් ලංකාවේ වෙන දේවල්? (නි)
මේකත් ආගම් ප්‍රශ්නයක් කියන්න එපා. (ස)
මොකද ම වැඩේ කරපු එකා. (ස)
තිරිසන් මිනිස්සු (ස)
වෙසක් සතියේ මෙවැනි දේ ඇසීම දැකීම අතිශය සෝචනීය තත්වයක්. මේකද මේ රටේ දැන් සදාචාරය කියන්නේ. (ස)
අපි ලංකාවේ තිරිසනුන් සමග ඉපදුනේ මොන කරුමයකට ද ? (ස)
ශ්‍රී ලංකාවේ පොලීසියට වැඩ වැඩි වෙලා. (ස)
දේශපාලකයන්ට දැන් බලය හොඳටම වැඩියි. (ස)
සසර කලකිරෙනවා මේවා දැක්කම .අපේ රටේ නීති පොතේ ලියවෙලා තියන නීති ප්‍රයෝගිකව ක්‍රියාත්මක වෙන්නේ නැති එකේ ප්‍රතිඵල නේද මේ. ? (ස)
බුද්ධ රුපය අතේ කොටා ගෙන ආපු අයව අාපහු අරින නීති හදපු අය , මේවා කරන අයට උපරිම දඩුවම් දෙන්න නීති හදන්නේ නැත්තෙ මොකද ? (ස)
ලංකාවේ වග කිව යුතු කෙනෙක් පසුගිය ජනවාරි මාසයේ ඊශ්‍රායාලයට පැමිණියා.. ඒ වෙලාවේ ගොඩක් අය එතුමාගෙන් ඉල්ලා සිටියේ ලංකාවේ අපරාධ රැල්ලක් තියන නිසා කිසියම් මුදලක් ඉතුරු කරගෙන ලංකාවට ඇවිත් යම් දෙයක් කරගෙන ජීවත් වෙන්න බයක් තියන නිසා මේ අපරාධ රැල්ල පාලනය කරලා දෙන්න කියල. ඒ වෙලාවේ එතුමා කිවුවේ ලංකාවේ එහෙම අපරාධ නැහැ. දැන් යුද්දේ නැති නිසා මාධ්‍ය වැඩිපුර එවැනි ප්‍රවෘත්ති වලට මුල් තැනක් දෙනවා කියල.. ඉතින් අපිත් සද්ද නැතුව ඉදලා එන්න ආවා. (ස)
දකුණු ආසියාවේ ආශ්චර්යය. (ස)