කොටුව දුම්රියපොළේ දී මගියකුට ලේ යන තුරු පහර දීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ අධීක්ෂණයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිසිය කියයි.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන එම මගියා කියනුයේ තමා දුම්රිය සේවකයකු නොවන බවයි.
ඔහු ගම්පහ යාගොඩ පදිංචිකරුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දන්නෙ නැහැනේ වුණේ මොකක්ද කියලා හරියටම (නි)
එයාට මතක නැහැ කොහේද ගියේ කියල. බොරු අවියකින් එයා එයාටම ගහාගෙන .. ඔය තරම් පරීක්ෂණ මොකටද? දුම්රිය පොළ කියන්නේ මොකද්ද කියා දන්නෙත් නැහැ. (දී)
අර කව්දෝ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී පාලකයෙක් ජනතාවට කියල තිබුන නේද " තමන්ගේ ආරක්ෂාව තමන් බලාගත යුතුයි" කියල.(දී)
පිස්තෝලය සෙල්ලම් වුනාට බටන් පොල්ල සෙල්ලම් නැහැ වගෙයි (දී)
ෂුවර් එකටම මේ විදිහට ගහල තියෙන්නේ ලංකාවේ පොලිසියෙන්ද? මිට දින කීපයකට කලින් අපි මත්තල, හම්බන්තොට පැත්තේ දැක්ක පොලිසිය මෙහෙම නැහැනේ. එයාල කොච්චර නම් අහිංසකද? අනික මුහුණේ හිනාව සිරියාවේ බෑ. මට නම් හිතෙන්නේ අපේ පොලිස් මහත්තුරු අහුවෙන්න මෙයාම හිසට තඩි බාගෙන වගෙයි. අපේ මහත්තුරු ඒ විදිහට ගැහුවනම්, අතිනුත් අල්ලාගෙන යයිද මන් අහන්නේ? අනේ මන්ද?(දී)
දැන් මාස දෙක තුනක ඉදලා බැලුවාම වෙලා තියෙන්නේ පොලිසිය එපාම වෙන වැඩ (දී)
ඔය ගහපු ගැහිලි, වීඩීයෝ කරන්නත් ඇති නේද ? ඒවා ඔය කියන පරීක්ෂණයට පහසුවක් වෙයි සමහරවිට.එහෙත් ප්‍රශ්නය තියෙන්නේ මීට පෙරත් සාප්පුවක ඔවැනිම වීඩියෝ පට බොඳ වුණා වගේ ,මේවත් බොඳවෙලා යයිද කියලයි. (නි)
"මට කලන්තේ වගෙයි. මට නම් මොකුත් මතක නැහැ" ඕකනේ හැම ප්‍රශ්නයකම අවසාන උත්තරය. (නි)
අර පොලිසියේ එක්කෙනා අල්ලාගෙන ඉන්නේ ගුටි කාපු කෙනාගේ කමිසයෙන් නේද? (නි)
මෙයා දැන් මෙහෙම කිවුවට ලබන සතියේ කියාවිද දන්නෙ නැහැ මට ඔලුවට වැදුන පහර නිසා සිහිවිකල් වෙලා මට මතක නැහැ කියලා (නි)
එයාම ගහගෙන තුවාල කරගත්තා කියලා අද කිවුවොත්?? (නි)
ඔය පොලිසියේ මිනිස්සු මමනම් ගණන් ගන්නේ නැහැ සතයකටවත් (දී)
ශ්‍රී ලංකාවේ පොලිසිය!!! (නි)
සිද්ධියට අදාල උද්ඝෝෂකයෙකුට හිරීම් තුවාලයක්වත් නැතුව,දෙනෝදාහක් මිනිස්සු අතරින් මේ මනුස්සයාගේ ඔලුව පැලුණු විදිය නම් හොයන්න වටිනවා. අපේ කට්ටියක් ඉන්නවනේ සිදුවීමක් වෙන ඕනෑම තැනකදී තමන්ට අදාල වුණත් නැති වුණත් ඕනෑම කුණුගොඩකට ඔලුව දාලා බලන. කොහොම වුණත් පොලිසියෙන් ගැහුවත් ඔලුවට ගහයි කියලා හිතන්න බැහැ. මේ ගල් පාරක්ද පොලු පාරක්ද කියලා හොයන එක පොලිසියට බාරයි. (නි)
මෙහි සිටින අය බලෙන් මොහු රැගෙන යන බවකුයි අපිට නම් පෙනෙන්නේ (නි)
අනේ නැහැ, බන්දුල මහත්තයෝ, මිනිහා තමන්ටම ගහගෙන. ඔන්න බලන්න බොරුද කියලා? (නි)
බන්දුල මහත්තයෝ....මම මගේ ඔලුව පලා ගත්තා.... (ස)
මෙතන ඔළු පැලෙන්න පහර දුන්නේ කවුද කියලා හැමෝම ටීවී නාලිකා වල දැක්කා. කොහොමත් බන්දුල මහත්තයා වගේ කෙනෙක්ට කවදාවත් මෙහෙම කන්න ලැබිලා නැහැනේ නේද. කාපු දාකට බලන්නකෝ. (ස)
අනේ අපොයි රටකට ගිය කලක්. (ස)
අනේ නිකන් බොරු කරන්න එපා. අපි නොදන්නා පරීක්ෂණ (දී)
බන්දුල පෙරේරා කියන විදිහට මේ තුවාල වුණු කෙනාමයි වැරදිකරු. මේ තුවාලකරු කිව්වා ගෙදර යන්න කෝච්චිය අල්ල ගන්න යනකොට පොලිසියෙන් ගැහැව්වා කියලා. ලංකාවේ ක්‍රමය අනුව අන්තිමට මෙයා තමයි වැරදිකරු. (ස)
දැන් මෙයා මෙහෙම කිව්වට තව පහුවෙලා කියාවි එයාම තුවාල වෙන්න ගහ ගත්තා කියලා. (ස)
ඔය පරීක්ශන වලින් මේ මනුස්සයට සදාරණයක් ලංකාවේදී සිදුවෙන්නේ නැහැ.පිටරටක වුනානම් මොනවා හරි සිදුවේවි.බන්දුල පෙරේරා බලන්න මෙයා දුම්රිය සේවකයෙක් නොවෙයි. (දී)
මේ ගැන පරීක්ෂණයක් කරලා, යම් නීතිවිරෝධී දෙයක් වෙලා තිබෙනවා නම් නීතිය ක්‍රියාත්මක කරන්න (නි)
සෙල්ලමට නෙමෙයිනේ මේ අහිංසක මනුස්සයාගේ ඔලුව පලලා තියෙන්නේ (නි)
සියල්ල හෙළිකරන මාධ්‍යයට ස්තුතියි! (නි)
දැන් මේකේ අන්තිමට මොනවා වෙයිද? (නි)
හෙට වෙද්දී බලා ගනිමු හොද පුවත් ටිකක් මේ ගැන (නි)
මේ දවස්වල සමහරුන්ට නම් නිවාඩු ඇති නේද?? අවුරුදුනේ..... (නි)
මෙයාටත් ජනතාව පහර දීල වෙන්න බැරිද?. ඔය හැමතැනම ගහන්නේ මහා ජනතාව නේ? (අ)
මේ දේවල් දැකල මුකුත් නොලියත් බැහැ.කොච්චර ලියුවත් වැඩකුත් නැහැ.චන්ඩි ෆොටෝ වල ලස්සනට ලොකුවට පෙනෙන්න ඉද්දි,පිස්තෝල අරන් දුවගෙන එනවා හොදටම ඒවායේ පෙනෙද්දී පොලිසිය තවම සාක්කි හොයනවා.උන් නිදහසේ ඉන්නවා.පාරේ යන අහිංසක මිනිස්සුන්ටනම් ඉවක් බවක් නැතිව තලනවා.මේ දේවල් කාටද අපි කියන්නේ?අපිට කව්ද සාදාරණයක් ඉටු කරන්නේ?අපි මොකද කරන්න ඕනේ දෙවියනේ ?(අ)
අනේ ඔය පරීක්ෂණ කවදා ඉවර වෙයිද මන්ද ඔය කිසිම පරීක්ෂණයක් හරියට ඉවරකරා කියල කිසිම දවසක අහන්න ලැබෙන්නේ නැහැනේ (අ)
අන්තිමට කියිද මන්ද මම මගේ ඔලුව පලා ගත්ත කියල, කොහොම උනත් කරපු දේ අන්තිම වැරදියි මමත් ඊයේ කොළඹ හිටිය මට ඔය දේ උනානම් (අ)
අර හැමදේටම ප්‍රකාශ නිකුත් කරන කෙනා මේ ගැන මොකද කියන්නේ කියලා අපිට දැනගන්න ආසයි (නි)
ආය දෙකක් නැහැ කියනවා මම මගේ ඔලුව පලා ගත්තා කියලා (දී)
මේ විදිහට සෙල්ලමට ගහන්න ඇති (දී)
හැබැයි එක්තරා ගුවන් විදුලු නාලිකාවක පුවත් වලනම් මේ පුද්ගලයා කියුවේ " මට පොලිසියෙන් ගැහුවා " කියල (දී)
පොලිසියේ වරදක් නැහැ කියල තමයි මටනම් පෙන්නේ. අහිංසකයෙක් කියල කියන මෙයා ගැනත් පරීක්ෂණ කරන්න ඕනි. වරදක් කරලා තියෙනවනම් දඩුවම් දිය යුතුයි.(දී)
දැන් අර ඔක්කොම ගැන කියන එක්කෙන්න කියයි ඒ මගියා අපිව දැන්වත් කලේ නැහැ එතන ඉන්නවා කියලා. අහිංසක මිනිස්සුන්ට තමයි ඔක්කොම
මේකේ පුදුම වෙන්න දෙයක් නැහැ. මුළු පොලිස් ඉතිහාසයම තුලම පොලිසිය ඔලු පළල තියෙන්නේ අහින්සකයින්ගේමයි. ඒක දැන් ජාතික මට්ටමේ සෙල්ලමක් වෙලා. මොකද තෑගී දෙන්නේ දේසපාලුවෝ හින්ද. (දී)
දැන් බලමු මේ දාලා තියෙන පින්තුර පවා බොරු වෙන හැටි (දී)
මතක ඇති කාලෙකින් මේ වගේ පරීක්ෂණයකට අපක්ෂපාති තීරණයක් ලැබුනේ නැහැ (දී)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ (දී)
පරීක්ෂණය කරන්න දීලා තියෙන්නෙත් පොලිසියටමද? නියමයිනේ (දී)