(විමුක්ති එස් රුද්‍රිගු)
ආගමික දේශන මගින් දිවි නසා ගැනීමට පෙළඹවීම් කළ බව කියන රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැති පුද්ගලයා සහ ඔහුගේ ඉගැන්වීම් සම්බන්ධයෙන් ආරම්භ කර ඇති පුළුල් විමර්ශනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(05) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.
රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැති පුද්ගලයාට මුදල් ලැබුණු ආකාරය සහ මුදල් වියදම් කළ ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කොටුව අධිකරණයෙන් අද(05) නියෝගයක්ද නිකුත් කෙරිණ.
දර්ශනවාදී දේශන පැවැත්වූ රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැති පුද්ගලයාට වෙනත් සංවිධානවලින් මුදල් ලැබී ඇත්දැයි සහ ඔහුගේ ක්‍රියා කලාපයට තෙවැනි පාර්ශවයක සම්බන්ධයක් ඇත්දැයි විමර්ශනයේදී සොයා බැලෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
ආගම් සම්බන්ධ දේශකයෙකු ලෙස කටයුතු කළ රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැති පුද්ගලයා කොට්ටාව ප්‍රදේශයේදී වස පානය කර සියදිවි හානිකර ගත් අතර ඔහුගේ බිරිඳ ඇතුළු සය දෙනෙක් පසුව වස පානය කර මිය ගියහ.එලෙස වස පානය කර මියගිය 7 දෙනාගේ සිරුරු කොටස් සහ පානය කළ වස වර්ගයන්හි සාම්පල් අධිකරණය මාර්ගයෙන් රජයේ රස පරීක්ෂකවරයාට යවා වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පසුගියදා ප්‍රකාශ කළේය.
රස පරීක්ෂක වාර්තාවට අනුව ඔවුන් සියදිවි හානිකර ගැනීමට ලබා ගෙන ඇති විෂ ද්‍රව්‍ය සයිනයිඩ් ද නැතිනම් වෙනත් වස වර්ගයක්ද යන්න තහවුරු කරගැනීමට හැකිවනු ඇතැයිද මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී පැවැසුවේය.
අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා
නීති විද්‍යාලයේ විදුහල්පතිආචාර්ය අතුල පතිනායක මහතාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කර දෙන ලෙස නීති විද්‍යාල කාර්ය මණ්ඩලය අග්‍රාමාත්‍ය සහ අධිකරණ ඇමැතිනී
පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.
ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’
පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ
බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ආගම් නාමයෙන් දිවි නසාගන්න ඉගැන්නූ දේශකයා ගැන අධිකරණයට කියයි