ශ්‍රී ලංකාවේ සමගි සන්ධාන ක්‍රියාවලිය සඳහා කැපවන ලෙස ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉල්ලීමක් කැර ඇතැයි වතිකාන ගුවන් විදුලිය කියයි.
එක් ආගමක අනන්‍යතාව පදනම් කැරගෙන ශ්‍රී ලංකාවේ ජාතික එකමුතු භාවය ගොඩ නැගීම දුෂ්කර බව ද පාප්වහන්සේ පෙන්වා දී ඇත.වතිකානයේදී කාදිනල් මැල්කම් රංජිත් අගදරුගුරුතුමන් ඇතුළු ශ්‍රී ලාංකික රදගුරුන් හමු වු අවස්ථාවේදී පාප් තුමා මේ බව පවසා ඇත.
පාප්වහන්සේ පෙන්වා දී ඇත්තේ ආගමික අන්තවාදය මෙන්ම එම කොටස්වල බලපෑම් හා ප්‍රචණඩත්වය ආගමික සහජීවනයට තර්ජනයක් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෑම පිරිසකට සිය ආගම ඇදහීමට අයිතියක් තිබෙන අතර එය අතිශය පුද්ගලික කටයුත්තකි. යමෙකුට ආගමික වීමට ඇති අයිතිය සේම, අයෙකුට අනාගමික වීමේ ශුද්ධ වූ අයිතියක් තිබේ. එය ප්‍රශ්නයක් බවට පත්වන්නේ ආගම විසින් මිනිසාගේ දෛනික ජීවිතය බලහත්කාරයෙන් පාලනය කිරීමට සහ එම ආධිපත්‍ය තුළට අනෙකා බලහත්කාරයෙන් නම්මවා ගැනීමට කරන බලපෑම තුළය. (නි)
එක් ආගමක අනන්‍යතාව පදනම් කරගෙන ශ්‍රී ලංකාවේ ජාතික එකමුතුභාවය ගොඩ නැඟීම දුෂ්කර බවද පාප්වහන්සේ පෙන්වා දී තිබුණත් මට නම් එය පිළිගන්න බැහැ (නි)
ශ්‍රී ලංකාව යනු බුදුරජාණන් වහන්සේට පුජා කළ දේශයකි (නි)
පාප්වහන්සේ පෙන්වා දී ඇති පරිදිම අපේ ස්වාමින් වහන්සේලාද දේශනා කරන්නේ ආගමික අන්තවාදය මෙන්ම එම කොටස්වල බලපෑම් හා ප්‍රචණඩත්වය ආගමික සහජීවනයට තර්ජනයක් බවයි. (නි)
ආගම ඇදහීම සහ ආගමික ආක්‍රමණය යන දෙකේ තේරුම සහ වෙනස අපි හැමෝම තේරුම් ගනිමු (නි)
කාටවත් නොදැනෙන්න හීන් නුලෙන් වැඩේ දෙන්න හදන අය තමයි මේ හැමදේකම පිටුපස ඉන්නේ (නි)
මෙවැනි දේ සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් නොකර හිටියා නම් වඩා හොඳයි මගේ හිතේ (නි)
ලංකාවේ තිබෙන ආගමික සහජීවනයේ තරම මේ අදහස් කියවන ඕනෑම කෙනෙකුට හොඳින් තේරුම් යනවා. (නි)
ඊයේ රාත්‍රියේදී මගේ ඊමේල් ලිපිනයට නේපාලයේ මිතුරෙකුගෙන් කාලයකට පසු පණිවුඩයක් ලැබී තිබුණි. එය ඉතා දිගු ලිපියක් නොවුණත් එයින් මාද ඇතුලුව ලංකාවේ 'රෙදි ගලවා' තිබුණි. එහි තිබුණේ මේ රටේ දැනට ක්‍රියාත්මක ආගමික මතගැටුම් පිළිබඳ විමසීමකි. (නි)
කුසුම් දිල්හානි ඔයා හරියටම හරි.කුරුස යුද්ධය සමහර අය දන්නෙවත් නැ. බලහත් කාරයෙන් සිංහල බෞද්ධ අයට පෘතුගිසිකාරයෝ ඔයා අගම දුන්නේ හැටි අපිට නම් අමතක නැ. (ස)
පාප් වහන්සේ වත්මනේ සිදුවෙමින් පවතින දේවල් නිසා අනාගත ව්‍යසනයක පෙරනිමිති දැක මෙසේ පවසන බව මගේ හැගීමයි. බහුතරයන් සිංහල බෞද්ධයන් වෙසෙන පමණින්ද, එසේ කියාගත් පමණින්ද රටක් සිංහල බෞද්ධ වන්නේ නැත. (ස)
ඔව් ඉතින් එහේ යන්න ඉස්සර මෙහේ ඉන්න අනුගාමිකයා මොනවද ලංකාව ගැන කියන්න ඕන කියල දැනුවත් කරලමනේ එහේ යන්නේ. (ස)
කාටත් අමතකද ශ්‍රී ලංකාව කියන්නේ සිංහල බෞද්ධ රටක් බව? (නි)
ආගමික සහජීවය ගැන අපි පසුවට බලමු (නි)
රටක පොදු නීතියක් තිබෙනවා.ඒ පොදු නීතියට අනුව රටේ හැම පුරවැසියෙකුටම කටයුතු කරන්න අනිවාර්ය බැදීමක් තියෙනවා.එසේ නොකර පොදු නීතිය පසෙක දමා ආගමික මතවාද හා බැඳී,සිය අභිමතාර්ථ ජයගැනීමට උත්සාහ කිරීමෙන් සිදුවන්නේ ගැටුම් ඇතිවීමට පාර කැපීමක්.ආගම පෞද්ගලිකව තබා ගැනීම ඉතාම යහපත්.ආගමික ගැටුම් ප්‍රතික්ෂේප කරන්නෝ ලොව පුරා සිටින අතර ඔවුන් නිර්ආගමිකත්වය අගය කරනවා.ලොව දියුණු රටවල මෙම තත්ත්වය වැඩිවෙමින් තිබෙනවා. (නි)
සාම කාමිව හිටපු සිංහල බෞද්දයන් අවුස්සන්නේ ආගමික අන්ත වාදීන් නෙමයිද? (නදී)
සමහරුන්ගේ අදහස් කුහකයි කියන එක කියවනකොට පෙනෙනවා.ඉවසීම නැති බව පෙනෙනවා.ළිං මැඩි සංස්කෘතියේ සිට අනුන්ට මඩ ගගහා ජීවත්වෙනවා සමහරු.ලෝකයේ වෙන දේවල් ගැන දැනුමක් නැහැ (නි)
කොහොමද අනාවැකි කියන්නේ? (නදී)
මෙහි ලියන බොහෝ අයට ඩෝන් ගිහිල්ල. නමුත් සත්‍ය අබොද කර නොගෙන (ස)
කට්ටිය නැති බිල්ලෙක් මවල පෙන්නන්න හදනවා.අද මේ රටේ කාගේවත් ආගමික නිදහසක් අහිමි වෙලා තියෙනවද..කව්රුවත් මේක බෞද්ධ රටක් කියල කතෝලිකයින්ට මුස්ලිම් ආගමිකයින්ට පල්ලි යන්න බාධ කරලා තියෙනවද..ආගම අදහන්න බාධා කරලා තියෙනවද.?ප්‍රශ්න ඇති වුනු තැනදී ප්‍රශ්න ඇති වුනේ බෞද්ධයගේ නිහඬත්වය නිවට කමක් සේ සළකා සිමාව ඉක්මවා යම් ආගමික අන්ත වාදීන් ක්‍රියාත්මක වීමක් නිසා මිසක් මේ රටේ ආගමික නිදහසක් නැති නිසා නෙමෙයි. (ස)
එතකොට යුද්ධ කාලය ගැන මොකද කියන්නේ? (නි)
රෝමය කාරුණික නිසා තම්‍යි අපේ රටේ මිනිස්සුන්ට එහෙ රැකියා කරන්න අවස්ථාව දීලා තියෙන්නේ. කවුරු කිව්වත් වැරැද්ද වැරැද්දමයි. එතුමා කියන්නේ හරි දේ (නි)
මම..බෞද්ධ..නමුත් ඔබතුමාට දැඩි සේ ගරු කරමි.රායප්පු ජෝශප් පියතුමාගේ ක්‍රියාකාරකම් දෙස විමසිලිමත් වන ලෙස කාරුණිකව අයදිමි. (ස)
මම බුදු දහම අදහන කෙනෙක් නමුත් පාප් තුමා කියන දේ සත්‍යයක් අපි පිලි ගන්න ඕනේ ඒ දේ (දී)
ආගමික නායකයෙක් උනාම කරන්න ඕනේ මිනිසුන්ව සමගිකරන ප්‍රකාශ එතුමා කරලා තියෙන්නේ ඒක . පන්සලකින් හරි පල්ලියකින හරි කෝවිල හෝ මුස්ලිම් පල්ලියෙන් වෙන්න ඕනේ මිනිසුන්ව සමගි කරන වැඩපිළිවෙලවල් අපිට පුළුවන් වෙන්න ඕනේ අපේ අසල්වැසියාගේ අගම අනුව ඔවුන් හොදද නරකද කියන එක මත ඔහුව තීරණය කරන එක අපි ශ්‍රී ලාංකිකයන් හැටියට රටක් විදිහට ඉදිරියට යන්න එය අපිට හොද පිටුවහලක් වේවි.............. (දී)
මේක සිංහල බෞද්ධ රටක්. ඒකට හැම කෙනෙක්ම ගරු කරන්න ඕනේ.(නදී)
පාප් වහන්සේ ලංකාව ගැන අනාවැකියක් පවසා ඇත. එය ඇසි රිදෙන අය බොහෝ ඇත. පාප් වහන්සේ මේ අනාගත වැකිය පවසා ඇත්තේ ශ්‍රී ලාංකිකයන් වන අප සැමට විනා බෞද්ධ , ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් යන සියළු දෙනා කාණ්ඩ කර කියපු දෙයක් නොවේ. උන්වහන්සේ කියපු දේ තේරැම් ගනු ලබන ශ්‍රී ලාංකිකයෝ දිනයි අනිත් අය හැමදාම තම මතයේම සිට මැරිලා යාවි එදාට තමන් ගොඩාක් ප්‍රමාද වනුද ඇත.(දී)
කුමාරිගේ ඔළුව නරත් නෙලා ඒහෙනම් කියන්න තිබුනනේ ඇප්ගනිස්ථානය නාය යනවා කියලා.(නදී)
ආගම්,ජාති,දේශපාලනය යන මාතෘකා මත විවාද කළ නොහැකිය. විවාදයට ගන්නා කරුණු කිසිවිටෙක හරි වැරදි යැයි පිළිගැනීමට කවුරුත් එකඟවන්නේ නැත. එවැනි විවාදයක කෙළවරක්ද නොමැත්තේය. (නි)
ශාන්ත, ලංකාව කියන්නේ සිංහල බෞද්ධයන්ටම අයත් රටක් කියලා කියන්නේ කොහොමද?රටේ ජීවත් වෙන හැම කෙනෙකුටම සමාන විදිහට හැමදේම ලැබෙන්න ඕනෑ.ඒක තමා ඇත්ත.එහෙම නැතිවුණහම තමා යුද්ධය ඇතිවෙන්නේ (නි)
කමනි, ලංකාව සිංහල බෞද්ධ රටක් වෙන්නේ බහුතරය සිංහල බෞද්ධ නිසා නෙවෙයි. ලංකාවේ සදාචාරය, සංස්කෘතිය සිංහල බෞද්ධ පරිසරය මත ගොඩ නැගුන නිසයි. ඉතිහාසය හදාරලා කතා කරන්න. 2500 අවුරුද්දකට වඩා වැඩි ඉතිහාසය ගොඩ නැගුනේ සිංහල බෞද්ධකම පදනම් වෙලා කියල අමතක කරන්න එපා. (ස)
සිත් රිදවීම දැන් මෝස්තරයක් වෙලා.කාට කාටත් අනිවාර්යයෙන්ම මේවට එලොවේදී දඬුවම් විඳින්න සිද්ධ වේවි.සත්‍යය ජය ගනී. (නි)
ආගම යනු උගත් මිනිසුන් විසින් නුගත් මිනිසුන් මෙහෙයවීමට යොදා ගන්නා වූ මෙවලමකි. මුළු ලෝකයම එකවර ගිනි තැබිය හැක්කේ ආගම වලට පමණි. (ස)
කෙසේ වෙතත් මේ කියමනේ යම් ගත යුත්තක් ඇත. (ස)
මේක කියලා තියෙන්නේ කෙලින්ම.කටිටියට රිදිලා වගේ නේද? (ස)
සුදුසුම අයට තමයි කියලා තියෙන්නේ. රාසප්පුට සහ එමානුවෙල්ටත් මේ පණිවිඩය කියන්න. (ස)
සමිපත් අමතක වුනාද ලංකාව වතිකානුවේ කොටසක් නොවුනාට ලංකාෙවන් භාගයක්ම ඉන්ෙන් ඉතාලිෙය් කියලා (ස)
මේ රටේ අනන්‍යතාව වෙනස් කරන්න බෑ (ස)
තහනම් වචන තිබෙනවා. (ස)
ලංකාව පිලිබඳ මේ අය දන්නේ මොනවාද අනේ ! (ස)
ශෙහාන් හරියටම හරි.ලෝකේ කුඩාම රාජ්‍ය වතිකානුව.වතිකානුව ඇතුලේ වෙන දේවල් දන්නෝ දනිති.(ස)
අමතක උනාද දන්නේ නැහැ ලංකාව වතිකානුවේ කොටසක් නෙවි කියල. (ස)
ඇත්ත කියනකොට පිළිගන්න අමාරුයි ගොඩ දෙනෙකුට, මේ ලංකාදීප පුවත්පතේම කතෝලික ආගම ගැන යන පුවත් වලට එරෙහිව කොච්චර පිරිසක් අදහස් දමනවාද, ඉතින් ඒවා හරි නෙමේනේ, (ස)
ආගම නෙවෙයි ප්‍රශ්නේ උද්දච්චකම (ස)
ලංකාවට බලෙන් දීපු නැති එකම ආගම,දර්ශනය බුද්ධ ධර්මය වේ . (ස)
අනේ මගේ කට . (ස)
වතිකාණුව ගොඩනගලා තියෙන්නේ එතකොට ආගම් ගොඩක අනන්‍යතාවයකින් ද? (ස)
නීල් නොදන්නවා උනාට එතුමා නොදැන ඉන්න විදිහක් නැහැ.එතුමා සැබෑම නායකයෙක්.
එක් ආගමක අනන්‍යතාව පදනම් කැරගෙන ශ්‍රී ලංකාවේ ජාතික එකමුතු භාවය ගොඩ නැගීම දුෂ්කර නැත. අපි මෙතෙක් කල් මේ රටේ ජීවත් වුනේ එහෙම තමයි. යම් යම් අය ඔබවහන්සේවත් නොමග යවා ඇති සැටියක් පෙනේ. (ස)
පාප් ඕක කියන්න තිබුනේ මෑතකදී බරක් ඔබාමා හම්බ වෙච්ච වෙලාවෙ. ""ඉන් ගොඅඩ් වී ට්‍රස්ට් " කියලා ඩොලර් වල ගහල තියෙන එක අයින් කරන්න කියලා අතිගරු පාප් තුමා කිව්වෙ නැද්ද ඔබාමට. ලංකාවට ආපු පෘතුගීසි කඩුවලින් කප කප බයිනෙත්තු වලින් ඇන ඇන බෞද්ධයෝ මර මර කිරිස්තියානිය පතුරන කොට ඔය ශුද්ද වූ ආරන්චිය කියන්න පුලුවන් පාප් කෙනෙක් ලෝකෙ පහල වෙලා නොහිටියෙ සින්හල බෞද්ධයගෙ කරුමෙට වෙන්ඩ ඇති අප්පා (ස)
කාටද? ඉතිහාසය නොදන්නා කතා. කවුද අපේ රටේ තිබුන ආගමික සජීවනයට හතුරුකම් කලේ ජාතියත් වනසලා? (ස)
රායප්පු ජෝෂප් ගැන එතුමා දන්නේ නැතිව ඇති (ස)
පාප් වහන්සේ මොනවා කීවත් මහා විනාශයක් අත ලගම එන බව නම් විශ්වාසයි. (ස)
කොහොම උනත් මේක තමා ඇත්ත (දී)
පසුගියදා ඉතාලියේ බුද්ධා බාර් නැමති අවන්හල වසා දමන ලෙස ඉතාලියේ වෙසෙන සිංහල-බෞද්ධයන් පිරිසක් විරෝධතාවයක් පැවැත්වූ බවට පුවතක් කියවීමෙන් පසු මට සිනාසීමට තැනක් සොයා ගැනීමට අපහසු විය. මගේ මිතුරා ඉහතින් කියූ ලෙසම එය එතරම්ම විකාර සහගතය. (දී)
ලංකාෙවි භාගයක්ම ඉතාලිෙය් භාගයක්ම මැදෙපරදිග ඉතිරි කවලමි භාගය ලංකාෙවි කාටද අාඩමිබර ඉතින්(ස)
ලලිත් මහත්තයෝ වතිකානුව කියන්නේ වෙනම රටක්, ඉතාලිය තුල තිබුනට. (ස)
හැමෝම බොරු බන දෙසන්න එන්නේ සිංහල බෞද්ධයන්ටද? (ස)
කාලොචිත දේශනයක් (දී)
ආගම කියන්නේ පෞද්ගලික කාරණයක් .සෑම ආගමක්ම එය අදහන අයට උතුම් .සියලුම ආගම් වලට ගරුකළ යුතුය්.මගේ ආගම ලෝකෙන්ම උතුම් කියල කියන අයට කියන්නේ අන්තවදියෝකියල . (දී)
බුද්ධාගමත් එකල සිටි දේවානම් පියතිස රජු තුමා වැළද ගත් නිසා අපට වැළද ගන්න උන ආගමක් දර්ශනයක් . ප්‍රශ්නය හෝ පිළිතුර එය නොවේ . අපේ රටේ එයට කලින් තිබු දර්ශනය හෝ ආගම මොකක්ද ? ඉන්දියාවට පින්සිදු වන්නට අපට මෙය ලැබුනද ? දැනුත් ඔය එක එක දේවල් ලැබෙනවා වාගේ (දී)
රටක දියුණුවට සමගිය ප්‍රධාන වේ (දී)
බයිබලයේ මුල අන්තිම දක්වා උගන්වන්නේ ආදරය සංහිදියාව . සරලව කිව්වොත් අසල් වැසියට ප්‍රේම ( ආදරය ) කරන්න . තමන් තමාට ආදරය කරනවා සේ අනික් අයටත් ආදරය කරන්න කියලා . (දී)
අගමික අන්තවාදින් නිසා මෙරටට වන විනාශය වෑඩි ඈතක නොවෙ පාප් වහාන්සෙට අප සියල්ලට වඩා හොද බුද්ධියක් ඈත. (දී)
ආගම් බේධයකින් තොරව අපි පිලි ගන්නවා ඒ කතාව (දී)
දෙවියන් විසින් සාමයට කෑමෑති සියලුම ශ්‍රි ලාංකිකයින් ඉන් ගලවාගනු ඈත (දී)
බෞධයන් ශ්‍රී ලාංකිකයන් පමණක් නොවේ . ලෝකයේ තව බොහෝ බෞද්ධ රටවල් තිබේ . (දී)