ආගම හා ජාතිය මත පදනම්ව පාසල් බෙදා වෙන් කිරීම නොකළ යුතු දෙයක් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද කොළඹ සහිරා විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී කීවේය. රටේ සියලු දෙනා අතර සහෝදරත්වය සහ විශ්වාසය ගොඩනැගීමේ වත්මන් වැඩ පිළිවෙල අනුව සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දරුවන් එක්ව එකතු වී සමගියෙන් සිය අධ්‍යාපන කටයුතු කිරීම අවශ්‍යයැයි ද ජාතීන් අතර සහයෝගීතාව හා අවබෝධය ගොඩනැංවීමට එය අත්‍යාවශ්‍ය බවව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් කීවේය.
(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළමු වතාවට රාජ්‍ය නායකයෙක් මෙවැනි අදහසක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නට යෙදුනේ. මේවා තමයි අනාගතය වෙනුවෙන් අද දිනයේ වහාම විසඳාගත යුතු ප්‍රශ්න. මා වාසය කරන ජර්මනියේ කිසිම පාසලක් ආගමක නමින්, ආගමක අවශ්‍යතාවයක් වෙනුවෙන් පවත්වාගෙන යන්නේ නැහැ. ආගම් ඉගැන්වීමට වෙනම ආයතන තිබෙන අතර මුලු ජර්මනිය පුරාම ඇති පාසැල් වල උගන්වන්නෙ එකම විෂය ධාරාවක්. (නි)
රටේ සමගිය ඇති කරන්න. (ර)
සාම,ලංකා,යසෝදා ඔබේ අදහස් වලට ස්තුතිය.(හේ)
ජනපතිතුමනි, ඔබ තුමාගේ අදහස මසුරන් වටිනවා. එය ඔය තැනින්ම දැන්මම පටන් ගන්න. ස්තුතියි. (ර)
ඉතා හොඳ අදහසක්.ක්‍රියාවට නැගීමට හැකි නම් අගය කරමි.(ම)
මට පේන විදියට ඔබතුමා කරන්නේ ඉන්න ටිකේ ජනතාව රවටන බොරු දෙසා බාලා රටේ ජනප්‍රිය කතා ටිකක් ගොතලා තියලා පැන්ෂන් යන්න.කිසිම දෙයක් තවම කරලා පෙන්නුවේ නැහැ. (බ)
දැන් එතකොට සහිරා එකට සිංහල බෞද්ධ, කතෝලික , හින්දු, ළමයින්ට ඇතුළත් වෙන්න පුලුවන්ද? සිංහල බෞද්ධ පාසල් වල නම් කොහොමත් ජාති ආගම් බේදයක් නැතුව ළමයි නිදහසේ ඉන්නවා. වත්තල ඉදල මීගමුවට එනකන් තියෙන කතෝලික පාසල් වලට සිංහල බෞද්ධ ළමයින්ට ඇතුළත් වෙන්න පුලුවන්ද? සිංහල බෞද්ධ ළමයින් පාසලට ඇතුල් කරනකොට දෙන ලකුණ ප්‍රමාණය කතෝලික පාසල් අඩු කරන්නේ සහජීවනය නිසාද ? (බ)
වත්තල ඉදල මීගමුවට එනකන් තියෙන කතෝලික පාසල් වලට සිංහල බෞද්ධ ළමයින්ට ඇතුළත් වෙන්න පුලුවන්ද?සිංහල බෞද්ධ ළමයින් පාසලට ඇතුල් කරනකොට දෙන ලකුණ ප්‍රමාණය කතෝලික පාසල් අඩු කරන්නේ සහජීවනය් නිසාද ? බෞද්ධ පාසල් වල නම් කොහොමත් ජාති ආගම් බේදයක් නැතුව ළමයි නිදහසේ ඉන්නවා (ම)
ජනපති තුමනි ඔබගේ අඳහස ඉතාමත් අගය කළයුතු එකක්. මෙය ක්‍රියාවට නැංවීමට ඔබට අප සියලු දෙනාගේම සහාය. (බ)
ඔබ තුමා ඉතා හොඳින් කතා කරනවා. ඔබ තුමාගේ බොහොමයක් අදහස් වලට මම එකඟයි. ඒත් කතාව විතරයිනේ ....වැඩ නැහැ. අපට අවශ්‍ය වැඩියෙන් වැඩකර පෙන්නන ක්‍රමවේදයක්. රටේ ජනතාවට විශ්වාසයක් ඔබ තුමාගේ කතාවලින් ලැබුනට, ඒ විශ්වාසය තහවුරු වෙන්නෙත්, ඔබතුමාගේ කතාවලට වැඩි වටිනාකමක් ලැබෙන්නෙත් ක්‍රියාව තුළින් ඔය අදහස් ඔප්පු කර පෙන්නුවොත් විතරයි. (බ)
ආනන්දේ නාලන්දෙටත් ගෙනත් දාන්න හදන්නේ මරදානේ කට්ටිය. ඡන්දෙ ගන්න ඕන මගුලක් කරනවා. දැන් ඉස්කෝල ටිකත් කන්න හදන්නේ. (බ)
ආගම් සහ ජාති වශයෙන් හැඳින්වෙන දේශපාලන පක්ෂ පළමුවෙන්ම තහනම් කළ යුතුයි .(ම)
ඔබතුමාට ජයවේවා! (නි)
ජනපතිතුමනි, මම මුස්ලිම් ජාතිකයෙක් වශයෙන් ඔබට මේ කාර්යය ඉතා ඉක්මනින් ක්‍රියාවට නංවාලීමට ආශිර්වාදය, ශක්තිය සහ ධෛර්යය ලැබේවායි කියා මුළුමහත් සිතින් ප්‍රාර්ථනා කරමි. (නි)
දැන් එතකොට සහිරා එකට සිංහල බෞද්ධ, කතෝලික , හින්දු, ළමයින්ට ඇතුළත් වෙන්න පුලුවන්ද? සිංහල බෞද්ධ පාසල් වල නම් කොහොමත් ජාති ආගම් බේදයක් නැතුව ළමයි නිදහසේ ඉන්නවා. (නි)
ජාති ආගම් භේද කොහෙත්ම වැදගත් නැහැ (නි)
පාසල් වලට ආගම්වාදය අනවශ්‍යයි. ඔබතුමා හරි (නි)
ඔබතුමා නියම කතාව නියම තැනදී කිවුවා (නි)
ඒක හොඳයි. (නි)
මුස්ලිම් සිසු දරුවන්ට වැඩිපුර පාසල් වලට ඇතුළත්වීමට අවස්ථාව ලබාදෙන්න. (නි)
ඔබට බොහෝම තුති ජනපතිතුමනි! ඔබට එය කළහැකිය. එය කරන්න. ආගම ජාතිය අනුව අධ්‍යාපනය, ඉඩම්, ප්‍රදේශ වෙන්කිරීම රටේ ඉදිරි ගමනට ඉතා අහිතකරයි. ඔබට ජය. (නි)
ඉක්මණින් මේ කියන දේවල් වුණොත් හොඳයි (නි)
මෙය කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි (නි)
රටේ ප්‍රධාන ජාතිය වන සිංහලයින් මෙයට විරුද්ධ නැහැ. ජනපතිතුමනි, ඔබට මෙය කළහැකි වේවා! (නි)
ජනාධිපතිතුමාගේ අදහස අගය කරමි (නි)
හොඳ කතාවක් (නි)
ඔබතුමාගේ කතාව මසුරන් වටිනවා (නි)
ජයවේවා! (නි)
ඔබතුමාගේ මේ ප්‍රකාශය නිවැරදියි (නි)
ඔබතුමා සමඟ අපි එකඟයි (නි)
මෙතුමා කියන විදිහට කරන්න පුලුවන් නම් අපි ගොඩක් කැමතියි (නි)
ඔබතුමා රටට වාසනාවක්. ජයවේවො! (නි)