(යොහාන් භාසුර)
ජනාධිපතිවරණය කල්දැමීමේ ආණ්ඩුවේ අවසාන තුරුම්බුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බවත් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 83 (ආ) වගන්තිය ඇතුළු වගන්ති තුනක් සමඟ ගැටෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (17) පැවසීය.
මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා කොළඹ අද (17) පැවති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට නීතිමය බලතල ඊයේ දින සිට හිමිවූ බවත් ජනාධිපතිවරයාගේ නිල කාලය සහ පාර්ලිමේන්තුවෙන් නිල කාලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 (2) උපවගන්තියේ සහ 62(2) උපවගන්ති ඉතා පැහැදිලිව දක්වා ඇති බවත් ඒ මහතා කීය.
විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් සහ ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවත් යම් හෙයකින් එය සම්මත වුවහොත් දින 30 ක් ඇතුළත ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවත් පීරිස් මහතා සඳහන් කළේය.
විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හදිසි පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැකි බව කී ජී. එල්. පීරිස් මහතා පැවසුවේ ආණ්ඩුක්‍රව ව්‍යවස්ථාවේ 122(3) උපවගන්තියෙන් එය ඉතා පැහැදිලිව දක්වා ඇති බවත්ය.
විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය ලැබුණත් මේ දක්වා ගැසට් කළ නොමැති බව කී ඒ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සරළ ක්‍රියාදාමයක් නොව එය සංකීර්ණ ක්‍රියාවලියකින් පසුව වන දෙයක් බව ද සඳහන් කළේය.
ජනාධිපතිවරණයක් අත ළඟ තිබේදී මෙවැනි සංශෝධනයක් ගෙන එන්නේ ආණ්ඩුව මැතිවරණවලට ඇති භීතිකාව හේතුවෙන් බවත් මැතිවරණ කොම්ෂන් සභාව තව දින 13 ක් ඇතුළත ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වැඩි දුරටත් පැවසීය.
ජපානයේ පමණක් නොව, දකුණු කොරියාවේ ද දුම්රිය ධාවනය නියමිත වේලාවට සිදුවෙයි. එසේ වුවත් පසුගිය දා දකුණු කොරියාවේ සෝල් අගනුවර, දුම්රිය නියාමකවරයකුට හදිසියේ
සහල් හිගයට කඩිනම් විසඳුමක් ලෙස සහල් ආනයනය කිරීමට ආනයනකරුවන්ටත් අවස්ථාව දෙන්නේ නම් දින 10 ත් 15 අතර කාලයකින් සහල් ආනයනය කර ජනතාවට බෙදා හැරීමට හැකි බව අත්
නව කලා නිර්මාණයක් ලෙස හඳුන්වා දෙමින්, ටේප් පටිවලින් බිත්තයට ඇලවූ කෙසෙල් ගෙඩියක් පසුගිය දා ඇමෙරිකානු ඩොලර් මිලියන 6.2 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 180 ක් පමණ)
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයෙ පවතින ෆෙන්ගල් සුළිකුණාටුව ඊයේ (29) රාතී වන විට ත්‍රිකුණාමලයට කිලෝ මීටර් 360ක් පමණ උතුරු දෙසින් සහ කන්කසන්තුරේ සිට කිලෝ මී
පුද්ගලයකුගෙන් රුපියල් 270.000/= ක අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂ
පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවු නාමයෝජනා අවලංගු කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා තීරණාත්මක පක්ෂ නායක රැස්වීමක් ලබන සතියේදී පැ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආණ්ඩුවේ අවසාන තුරුම්බුව 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි
සිමියොන් සිල්ව Thursday, 18 July 2024 05:52 AM
මහාචාර්ය මොළයක් තියෙන කෙනෙකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එක් තැනක අවුරුදු පහ හමාරක් ලෙසටත් තවත් තැනක අවුරුදු හය හමාරක් ලෙසටත් තිබීම අවුරුදු පහ හමාරක් ලෙසට පවතින මුද්‍රණ දෝෂය සංශෝධනය කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය කියලා මහාචාර්ය මොළයක් තියෙන කෙනෙකුට මහලොකු ප්‍රශ්නයක් වුණාට සාමාන්‍ය ජනතාවට එය කිසිම ප්‍රශ්නයක් නොවෙයි එම සංශෝධනය සදහා ජනමතය විමසීමේ අවශ්‍යතාවක් නැහැ
Lalla Thursday, 18 July 2024 01:27 PM
අයියෝ මහාචාර්ය තුමා... ගස් කීයක් යට හෙවන හෙව්වද? තාම වේලෙනවා.. ඔහොම යනකොට තුත්තිරි ගහක් යට හුස්ම ටික යයි...
අබිලින් Thursday, 18 July 2024 01:47 PM
ඒයි ලොක්කො 19 වැනි සංශෝධනය අනුමත කරන්න ඉස්සර වෙලා ඒ ගැන විවාදයක් පවත්වන වෙලාවෙ ඔය ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට තමුන්නැහැ කටයුතු නොකර සිට දැන් මොකක්ද කරන්න හදන්නෙ .නීතිය සම්බන්ධ මහාචාර්ය කෙනෙක් වෙලත් ඇතිවියහැකි ගැටලු තේරුම් ගන්න කල්පනාවක් නැතිවුනේ මානසික දුර්වල කමක් නිසාද. ඇත්තටම ව්‍යවස්ථා සංශෝධනයක් කරන වෙලාවෙ එහි වගන්ති වලට සම්බන්ධ අනු වගන්ති ගැන නොබලන්නෙ ඇයි කියලා දන්න කෙනෙක් පැහැදිලි කරන්න