
(අංජුල මහික වීරරත්න)
පොදුරාජ්‍ය මණ්ඩල නීතිඥ සංවිධානයට අපහාස වන ලෙස ආණ්ඩුවේ උදවිය කතා කිරීමෙන් රටට අගතියක් සිදුවන බව ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.
ලංකා ආර්ථිකය ගොඩ නැගීමට විදේශීය සංවිධාන වලින් උපකාර ලැබුණේ නැද්දැයි ප්‍රශ්න කළ පීරිස් මහතා ලෝකයේ හුදෙකලාව ජීවත් වීමට අපිට ශක්තියක් තියෙනවාදැයි විමසීය.
කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ජී.එල් පීරිස් මහතා මෙසේද කීය.
අධිකරණ අමාත්‍යවරයා පොදු රාජ්‍ය මණ්ඩල නීතිඥ සංවිධානයට ප්‍රහාරයක් එල්ල කිරීම පුවත්පත් වල ප්‍රධාන ප්‍රවෘත්තිය බවට පත්ව තිබෙනවා.ඉතාමත් අපහාසාත්මක ලෙස අධිකරණ ඇමතිවරයා පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ගැන කතා කරනවා. ඒක ප්‍රයිවට් ක්ලබ් එකක්ලු. ඒකට බැඳෙන්නේ සල්ලි ගෙවලලු. අන්න ඒ විදියට ඉතාමත් සැහැල්ලුවට ලක් කරලා තමයි අධිකරණ ඇමතිවරයා ලෝකය පිළිගත් මේ සංවිධානය ගැන පාර්ලිමේන්තුවේ කතා කළේ.
මේ සංවිධානය කිසිසේත් ප්‍රයිවට් ක්ලබ් එකක් නොවෙයි. පොදු රාජ්‍ය මණ්ඩලයේ සියලු රටවල්වල නීතිඥ වෘත්තිය, නීතිඥ වෘත්තිකයින් නියෝජනය කරන ජගත් ගෞරවයට පාත්‍ර වෙලා තිබෙන සංවිධානයක් තමයි, පොදුරාජ්‍ය මණ්ඩලීය නීති සංගමය යනුවෙන්ද ජී.එල් පීරිස් මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක පුද්ගලික සංවිධානයක්, ඒකේ සාමාජිකත්වය ගන්න ගෙවන්න ඕන. ඒ කාරණා දෙකම ඇත්ත. ඇත්ත කතාකරපුවම රිදෙන්නේ හංගන්න දේවල් තියෙන අයට. ඒ හංගන්න දේවල් තියෙන අයව රැකගන්න මේ වයසක මනුස්සය පුදුම මහන්සියක් වෙන්නේ.
තමුන් එහෙට මෙහෙට හේත්තු වේවී සදහටම බලයේ ඉන්ඩ හදපු ආත්මාර්තකාමි අවස්තාවාදී බලලෝබි ,බඩගෝස්තරවාදි දේසපාලුවෙක් බව දන්නෝ හොඳාකාරවම දන්නවා.බලය තිබුනු කාලේ කියපු කරපුවා රටට කෙළවපු හැටි අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ.ලැජ්ජයි .
,මහින්දය චින්තනය ,තාරුණ්‍යයට හෙටක් ,ලන්කාව දැනුමේ කේන්ද්‍රස්ථානය ,ආසියාවෙ ,ආස්චර්ය ,සවුබාග්‍යයේ දැක්ම මෙකී නොකී බොරු බේගල් ටොන් ගණන් ගහලා ජනතාව රවට්ටපු දූෂිත දේසපාලුවන්ගේ කෙරුවාවල් නිසා මුලු රටම බන්කොලොත් උනා.නූපන් දරුවන් පවා ලෝකෙටම ණය කාරයෝ කෙරුවා..රට විනාස කරන්ඩ දායක වෙචිචි එකෙක් සුදනා වෙන්ඩ හදනවා.
මේ මහත්තයා මේ දවස්වල කොයි පැත්තේද ඉන්නේ කියල දන්නා කෙනෙක් අපටත් කියනවද ප්ලීස් .
ඇමති කිව්වේ ඒක පොදුරාජ්‍ය මණ්ඩලයේ නිළ නීති සංගමය නෙමේ, වෙන පුද්ගලික නීති සංගමයක් කියල. ප්‍රයිවට් ක්ලබ් එකක් කියල අපහාස කරේ නැහැ. ඒකෙන් උනේ ඒගොල්ලන්ගේ ප්‍රකාශවලට අනවශ්‍ය වලංගුතාවක් ලැබෙන එක වැළකුණු එක. සමහර වෙලාවට ඒ ප්‍රසිද්ධිය නැති වෙච්ච එකට වෙන්ඩ ඕනේ ඔහෙලා කලබල වෙලා තියෙන්නේ.