
(නිමල කොඩිතුවක්කු)
මැතිවරණ වේදිකාවේ ලක්ෂ 12ට විට්ස් කාර් ලබා දෙන බවට පැවසූ මාලිමා ආණ්ඩුව අද වනවිට වාහන ආනයන මත 50% අධිභාර බද්දක් පනවා පාරිභෝගික අයිතිවාසිකම් සුනුවිසුණු කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ගොවි, ධිවර, කම්කරු, ව්‍යවසායකයන්, ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ආදී සෑම ක්ෂේත්රයක්ම මුහුණ දෙන දුක ගැන රජයට කිසිදු තැබීමක් නොමැති බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
2024 ජනාධිපතිවරණයේදි පොහොසත් රටක් නිර්මාණය කර ලස්සන ජීවිතයක් නිර්මාණය කරන බව පැවසුවත් පොහොසත් රටේ ලස්සන ජිවිතය තුළ 33%කින් විදුලි බිල අඩු කිරීම, වරායේ ගොඩබාන මිලට තෙල් ලබා දීම, තරුණ පරපුරට ලක්ෂ 12ට විට්ස් කාර් ලබා දීමට රජය කටයුතු නොකළ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක මහජනතාව බලාගනීවි. ඔයා ඔයාගෙ පක්ෂෙ හදාගන්න.
රටේ ව්‍යාපාර වලින් 98% විතර කරන්නේ UNP සහ SLP පක්ෂවල අය .ඔය පක්ෂ දෙක තමයි අවුරුදු 76ක් රට පාලනය කරලා හොරකම් කරල රට බන්කොලොත් කලේ ,, දැන් ඔය සජිත් නාමල් ඒගොල්ලොත් අයිති අර මුල් පක්ෂ දෙකට,,, ආණ්ඩුව කියපු විදිහට කාර් ලක්ෂ 12ට දුන්නානම් ඉස්සරවෙලාම කෙලවෙන්නෙ කාටද???? මගේ විශ්වාසය නම් තව අවුරුදු තව හතරකින් ආණ්ඩුව ස්ථාවර උනාම වාහන වල බදු අඩු කරයි එතකොට කෙලවෙනවා ඔය තමන්ගේ පක්ෂ වලට මුදල් සපයන ව්‍යාපාරිකයන්ට ,,හැබැයි වාසිය එන්නෙ අළුතින් වාහනයක් ගන්න බලන් ඉන්න ජනතාවට,,, දැන් වාහන තියෙන අයටත් කෙලවෙනවා.
මොලේ තරමට කාරෙක ගත්තොත් සර්ට මරුටියකුත් වැඩියි. පාවිච්චි කරපු ත්‍රීරෝද රියක් හොයාගන්න ඇහැක් වෙයිය, සර්?
ඔයත් කියන්නේ චන්ද කාලෙ කියන කතා වැඩිය ගනන් ගන්න එපා කියල නේද?
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි .
මිනිස්සුන්ට „CARS“ දෙන්න ඉස්සෙල්ලා බඩගින්නට කන්න දෙයක් දෙන්න ඕන කියන එක තේරෙන්නේ „ඔබතුමා මොළේ උඩද වාඩිවෙලා ඉන්නේ?“.
ඒකත් අර පොක්ස්වැගන් වගේ තමයි.
අර දිට්වා සුළි කුණාටුව එද්දි, ඇමරිකානු ඉරාන ප්‍රහාර වෙද්දි, හෝර්මුස් වහලා ලෝකෙටම තෙල් නැතුව යද්දි, මෙයා සූස්තියක් උර උර ඉඳලා වගේ?
විපක්ෂ ක්‍රියාමාර්ග ඉතාම ලදරු තත්ත්වයේ.බලවත් ආණ්ඩු පක්ෂයකට උපක්රමශීලීව මිස කෑගසා විරෝධය පෑම නිශ්ඵලයි.