IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ආණ්ඩුවේ මැක්කන් කලබල වෙලා

බල්ලාගේ ඇඟේ උෂ්ණත්වය මත ජීවත් වන මැක්කා බල්ලා මැරෙනකොට කලබල වන බවත්, ආණ්ඩුව පළවා හරින්නට හැකියැයි කියන  රතු සංඥාව නිකුත් වීමත් සමග ආණ්ඩුවේ මැක්කන් කළබළ වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මාතර දී පැවසීය.

‘ප්‍රගිතිශීලී බලවේග එක්රැස් වෙනවා. එය වැළැක්වීමට උගුළුත් ඇටවෙනවා. ජනතාව මේ තත්ත්වය හොඳින් තේරුම් ගත යුතුයි. එසේ නොවුණහොත් අවසානයේ රැවටෙන්නේ ඔවුන්මයි.



අදහස් (0)

ආණ්ඩුවේ මැක්කන් කලබල වෙලා

ප්‍රසාදිනී Tuesday, 20 May 2014 12:01 PM

සමහරු හිතාගෙන ඉන්නේ මිනිස්සුන්ට මඩගහන එක තමයි දේශපාලනය කියන්නේ කියලා. (නි)

:       0       0

පියසිරි Tuesday, 20 May 2014 12:21 PM

කවුරු කවුරු ගැනත් අපි නම් දන්නවා (නි)

:       0       0

දීපාල් Tuesday, 20 May 2014 12:22 AM

නමුත් අනුර සහෝදරයා, ඔයාලා එකක් තේරුම් ගන්න හොඳේ. මම සන්ධානයේ කෙනෙක්. ඔයලගෙ අදහස් වලටත් ගරු කරනවා. මම නම් කියන්නේ ඔයාලා පුලුවන් තරම් රටේ ප්‍රධාන විපක්ෂය වගේ බලවත් තැනකට එන්න බලන්න කියලයි. අනුර කුමාර යනු උගත් විද්‍යාවේදී උපාධිදාරියෙක් නේද ඔබට ජය ! (ස)

:       0       0

දාස Tuesday, 20 May 2014 12:48 AM

හැමදාම කලේ එක බල්ලෙක්ගෙන් පනින මැක්කන්ව අනිත් බල්ලා ආදරෙන් ලඟට ගන්න එකනේ. එන සැරෙත් එහෙම වේවිද ? (ස)

:       0       0

ගුණරත්න Tuesday, 20 May 2014 12:57 AM

දීපාල් ප්‍රසිද්ධියේ ම මමත් සන්ධානේ කියන්නේ ලැජ්ජා නැද්ද අනේ. (ස)

:       0       0

පූර්ණ Tuesday, 20 May 2014 01:14 AM

එජාපෙ නම් කියන්නෙ කොල එළි වැටෙනව කියල​.ජවිපෙ කියන්නෙ රතු එළි වැටෙනව කියල​.අනේ මන්ද,කොල එළිය වැටෙන කොට යනවද​,රතු එළිය වැටෙන කොට නවතිනවද​,රතු එළිය වැටෙන කොට යනවද​, කොල එළිය වැටෙන කොට නවතිනවද​.?දන්න කෙනෙක් ඉන්නව නම් කියල දෙන්නකෝ. නොදැන ගිහින් අතපය කඩා ගන්න කලින්.!!! (ස)

:       0       0

බණ්ඩාර Wednesday, 21 May 2014 10:19 AM

මේ දෙගොල්ලම අපි නම් දැන් හොදට දන්නවා (දිල්)

:       0       0

නීලා Tuesday, 20 May 2014 01:45 AM

මන් කිසිම රැකියාවක් පහත කරන්නේ නැහැ.ලෝකේ ගොඩක් රටවල් ගොඩනැගුවේ නීතිඥයෝ,දොස්තරලා,කලාකාරයෝ හෝ හමුදා නායකයෝ බලේට පත් කරලා නෙවේ.රටවල් නැග්ගේ ඉංජිනේරුවෝ, විද්‍යාඥයෝ හෝ ආර්ථික විශේෂඥයෝ බලේට පත්වෙච්ච රටවල්. එත් මේක ලංකාව නිසා කවුරු ආවත් ෂුවර් නෑ මට නම්. (ස)

:       0       0

විමල් Monday, 19 May 2014 05:31 PM

ජේවීපී නව නායකත්වය රටේ විශාල වෙනසකට මුල පුරාවිද? (නි)

:       0       0

සේනක Monday, 19 May 2014 05:33 PM

ඇත්ත තමයි.... (නි)

:       0       0

දිසන්ත Tuesday, 20 May 2014 04:11 AM

අනුර සරසවියේදී හරිම දක්ෂයෙක් ඉගෙනගන්න. විශේෂයෙන්ම ගණන් හදන්න දක්ෂයි. එක්තරා ඉලක්කයක් ඇතුව ඒ කාලෙත් හොදට වැඩ කළ කෙනෙක්.ඔබ රට වෙනුවෙන් කරන කැපවීමට ඔබට සහ පක්ෂයට සුභ පතනවා! (නි)

:       0       0

ඩෑම් Monday, 19 May 2014 05:50 PM

හැබැයි සමහර වෙලාවට මැක්කෝ ගෙම්බෝ වෙනවා. මොකද නැව ගිළෙනකොට උන් පනිනවානේ... (නි)

:       0       0

සුනෙත් Monday, 19 May 2014 05:53 PM

සමහරු අද කතා කරන සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය අපි ඉස්සර එක කාල වකවානුවකදී දැක්කා (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 19 May 2014 05:58 PM

සහතික ඇත්ත (නි)

:       0       0

සේනාධීර Monday, 19 May 2014 05:59 PM

මේ විදියට රටේ ප්‍රජාතන්ත්‍රවාදය කතා කරනවා වගේම විශ්ව විද්‍යාලවල වෙනස් මත දරන දේශපාලන ව්‍යාපාරයන්ටත් නැගිටින්න දියයුතුයි. (නි)

:       0       0

උදයකාන්ත Monday, 19 May 2014 06:03 PM

මෙන්න අවස්ථාව, ජනතාව තේරුම් ගන්නවා නම්. වැඩි ඈතක් නැහැ වෙනසක් වෙන්න. (නි)

:       0       0

අජිත් Monday, 19 May 2014 06:10 PM

දෙමල සන්දානේ එක්කත් එකතුවෙලා ආණ්ඩු පෙරලන්න හදපු අය‍ට මැක්කෝ ටික පැන්නොත් එපා කියාවී. එදාට මැක්කෝ වීරයෝ වෙන හැටි අපිට බලන පුළුවන්. (නදී)

:       0       0

පියල් Monday, 19 May 2014 06:12 PM

ජවිපෙන් ලොකු වෙනසක් අපේ බලාපොරොත්තුව (නදී)

:       0       0

ගුණරත්න Monday, 19 May 2014 06:17 PM

අනුර කුමාර දිසානායක යනු අතිශය සරල මිනිසෙකි. ඔබට ජය! (නි)

:       0       0

ඩිලාන් Tuesday, 20 May 2014 07:14 AM

මේවට ඉතින් වෙන මොනවාද කියන්න තියෙන්නේ? හරියටම හරි. මේ කතාව ජේවීපී එකටත් ගැළපෙනවා (නි)

:       0       0

නැනිල් Tuesday, 20 May 2014 07:14 AM

මේ තරම් උචිත උපමාවක් තවත් නැත. අනුර, ඔබ දක්ෂ නායකයෙකු වෙන බව ස්ථිරයි. ඔබේ පිරිසිදු දේශපාලන චරිතය රැකගන්න. (නි)

:       0       0

රුක්මන් Monday, 19 May 2014 06:20 PM

නමුත් අනුර සහෝදරයා, ඔයාලා එකක් තේරුම් ගන්න හොඳේ. මම සන්ධානයේ කෙනෙක්. ඔයලගෙ අදහස් වලටත් ගරු කරනවා. මම නම් කියන්නේ ඔයාලා පුලුවන් තරම් රටේ ප්‍රධාන විපක්ෂය වගේ බලවත් තැනකට එන්න බලන්න කියලයි (නි)

:       0       0

ගුණරත්න Monday, 19 May 2014 06:24 PM

අනුර කුමාර යනු උගත් විද්‍යාවේදී උපාධිදාරියෙක් නේද? (නි)

:       0       0

ශේන් Monday, 19 May 2014 06:25 PM

ඔහොම යමුකෝ.... (නි)

:       0       0

සුනිල් විතානගේ Monday, 19 May 2014 06:28 PM

බලු මැක්කෝ ? (නදී)

:       0       0

දිලිප් Monday, 19 May 2014 06:32 PM

ජ.වි.පෙ ට මම මගේ ඡන්දෙ දුන්නා. ඒත් මම දැන් ඒකට පසුතැවිලි වෙනවා (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 20 May 2014 07:58 AM

දිසන්ත, අපි මෙහෙමවත් පොළොවේ පයගහලා ජීවත් වෙන්නේ ජේවීපීයට පින් සිද්ධ වෙන්න. එය නොතිබුනා නම් බලන්න තිබුනා අපිට සහ අනාගත දරුවන්ට සිදුවෙන දෙය. (නි)

:       0       0

සම්පත් Monday, 19 May 2014 06:35 PM

සමහරු නම් දවල් හීන තාම දකිනවා. (නි)

:       0       0

තිලක් Tuesday, 20 May 2014 08:05 AM

පාර්ලිමේන්තුවේ ආසන 40කටත් කිට්ටු වෙන්න ගත් පක්ෂයක් මේ වගේ තත්ත්වයකට පත් කරන්න ඍජුවම බලපෑ තීන්දු තීරණ ගත්, ඒවා ගන්න බලපෑම් කළ අය ඉන්නකම් හැමදාමත් ඔහොම තමයි කට්ටියට ඉන්න වෙන්නේ. (නි)

:       0       0

කුසුම් Monday, 19 May 2014 06:44 PM

අනුර කුමාර මහත්මයා කිව්වා නම් ආයේ දෙපාරක් සැකයක් නැහැ, හරියටම හරි. (නි)

:       0       0

නිශාන් Monday, 19 May 2014 06:51 PM

හැමදේකටම කළමනාකරණයක් අවශ්‍ය වෙනවා (නි)

:       0       0

ගුණරත්න Monday, 19 May 2014 06:51 PM

ඇයි දිලිප් මට කියන්න,ඔයා හීනෙන් හරි දැක්කද? (නි)

:       0       0

ගිරිෙගා්රිස් Monday, 19 May 2014 06:54 PM

ඒ මැක්කෝ බල්ලන්ගේ ඇගටත් එයිද? (නදී)

:       0       0

තරිදු Monday, 19 May 2014 06:56 PM

සේනාධීර, මමත් විශ්ව විද්‍යාල සිසුවෙක්.නමුත් අපේ විශ්ව විද්‍යාලයේ දේශපාලනයට ඉඩ නැහැ.ඉඩ තියන්නෙත් නැහැ. (නි)

:       0       0

කුසුම් Monday, 19 May 2014 07:01 PM

අනේ පවු මැක්කෝ! එයාලත් කාගේ ඇඟේ හරි එල්ලිලා ජිවත් වෙන්න එපැයි නේද? මැක්කන්ට හරිහැටි නින්ද නොයන නිසා හීන නම් පෙනෙන්නේ නැතුව ඇති කවදාවත්. (නි)

:       0       0

තිලක් Tuesday, 20 May 2014 08:48 AM

ඩුබායි තිලක් කියන්නේ ඩුබායි පොළව ගැන වෙන්න ඇති.කොහොමත් මේ දේශයේ ඩුබායි තිලක්ගේ කව්රුවත් ඉන්න විදියක් නැහැනේ.අනේ අපි නම් මේ පොළොවේ පය ගහලා අපේ දු දරුවොත් එක්ක දෙවියනේ කියලා ඉන්නෙ පවතින රජයට පින්සිද්ධ වෙන්නයි. (නි)

:       0       0

අමාලි Tuesday, 20 May 2014 08:52 AM

එයාලා මැක්කා. හරි. එතකොට ඔයාලා කවුද? (නි)

:       0       0

නිලන්ග Monday, 19 May 2014 07:18 PM

මහජනතාවට තමා දැන් හැම ජාතියේම මැක්කොත් එක්ක නැගිටින්න වෙලා තියෙන්නේ. (නි)

:       0       0

මහේ Tuesday, 20 May 2014 08:59 AM

අපි එයාලටත් අවස්ථාවක් දීල බලමුද...(ස)

:       0       0

අනුරශාන්ත Tuesday, 20 May 2014 09:15 AM

අනුර දිසානායක මහතා මැක්කන් ගැන කියනකොට තමයි මැක්කන්ට තේරිලා තියෙන්නේ එයාලට වෙන්න යන දේ. (නි)

:       0       0

සහන් Monday, 19 May 2014 07:51 PM

ඔය කියන මැක්කාත් දැන් හැමතැනම එක එක කතා කිය කියා යනවා. (නි)

:       0       0

ජයසිංහ Tuesday, 20 May 2014 09:41 AM

ඩුබායි තිලක් ප්‍රේමදාස මහත්තයට පින්සිද්ද වෙන්න තමයි අපිට නම් 88/89 පොළොවේ පය ගහල ජීවත් වෙන්න පුළුවන් වුනේ. ඔයා ඇයි ඩුබායි ගියේ ? (දී)

:       0       0

උදාර Monday, 19 May 2014 08:16 PM

දැන් සමහරු හිතනවා එතුමා "වෙනසක්" කරයි කියලා. මම නම් කොහොමටවත් එයාලට ඡන්දෙ නම් දුන්නේ නැහැ. (නි)

:       0       0

ආසිරි Tuesday, 20 May 2014 09:55 AM

ඔය මැක්කෝ ඔක්කොම ඉපදුනේ මොන පක්ෂයෙන්ද කියලා දන්නවා ඇතිනේ (නි)

:       0       0

ගිහාන් Tuesday, 20 May 2014 09:57 AM

ජේවීපී එක නැති වුණා නම් මිනිසුන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්න කවුරුවත් නැහැ. (නි)

:       0       0

වින්සන්ට් Monday, 19 May 2014 08:23 PM

අනුර කුමාර සහෝදරයා අපි ඉහළින්ම පිළිගන්නෙමු.නමුත් මැක්කන් කතාව නම් දේශපාලනයේදී කාටත් පොදුයි නේද? (නි)

:       0       0

හංසි Tuesday, 20 May 2014 10:01 AM

දිසන්ත, ඔය කියන විශ්ව කර්මයා අර තනතුරු දරපු වකවානුවේ වැව් 1000 ව්‍යාපෘතියත් ඉලක්කයටම කළාද? මම නම් දන්නැති නිසයි අහන්නේ.? (ස)

:       0       0

සිතිර Tuesday, 20 May 2014 10:03 AM

මැක්කෝ ඉන්නකොට තමා බල්ලාගේ ලෙඩ වැඩිවෙන්නේ. (නි)

:       0       0

සුරංග Tuesday, 20 May 2014 10:06 AM

ආණ්ඩුව වට්ටන්න පුළුවන් පක්ෂයක් තිබෙනවද? (නි)

:       0       0

ගජේන් Monday, 19 May 2014 08:31 PM

අපිත් හිතුවේ නව නායකත්වය සැබෑ වෙනසක් කරයි කියලා. එහෙත් පළකළ අදහස් අනුව නම් ඒ වෙනස සිදු නොවේවි කියලා හිතෙනවා (නි)

:       0       0

ඇතුගල Monday, 19 May 2014 08:39 PM

ඔයාලා දැන් මොනවා කිවුවත් රත්වෙලා විසිවෙලා නැත්තේමත් නැහැනේ.... (නි)

:       0       0

අසිත Tuesday, 20 May 2014 10:22 AM

ආණ්ඩුව හොල්ලන එක බොරු වැඩක් පුතේ.ආණ්ඩුව මේ රට ගොඩ දාපු විදියට වෙන කවුරුත් මේ රට සංවර්ධනය කරලා නැහැ. (ස)

:       0       0

ජයන්ත Monday, 19 May 2014 08:44 PM

ආණ්ඩුව පළවා හරින්න සුදානම්? ඒ මොකටද? (නි)

:       0       0

ජයසිංහ Tuesday, 20 May 2014 10:30 AM

ගිහාන්, ප්‍රශ්න කතා කරන අයම තමා ප්‍රශ්න ඇති කරන්නේ, අසාධාරණ වැඩ වර්ජන(සාධාරණ වැඩ වර්ජනත් තියෙනවා) මෙහෙයවල ඒවා ගැන වේදිකාවල කගහනවා. එතකොට ටික කාලයක් ඇද ගෙන යන්න ප්‍රශ්නයක් තියෙනවනේ. ඕව තමා එයාල කතා කරන මිනිස්සුන්ගේ ප්‍රශ්න. ප්‍රශ්න මවල ඒවා ගැන කතා කරනවා. (ස)

:       0       0

සුරේන්ද්‍ර Monday, 19 May 2014 08:54 PM

අපි නම් හැමදාම මැක්කන්ගේ ලේ උරාබීම් වලට මුහුණ දෙනවා (නි)

:       0       0

ලාල් ජකර්තා Monday, 19 May 2014 08:55 PM

රට සම්පූර්ණයෙන් විනාශවීමට පෙර වෙනසක් අවශ්‍යයි (නි)

:       0       0

සුරේන් Monday, 19 May 2014 09:01 PM

දැන් නම් ගොඩක් දෙනා කලබල වෙලා තමයි ඉන්නේ (නි)

:       0       0

ඇතුගල Monday, 19 May 2014 09:19 PM

සුරේන්, කවුරුත් කලබල වෙලා නැහැ (නි)

:       0       0

ගිහාන් Monday, 19 May 2014 09:25 PM

වෙනසක් කරන්න පුළුවන් කට්ටියක් නම් ඉතින් අපිත් සතුටුයි (නි)

:       0       0

කල්ප Tuesday, 20 May 2014 10:59 AM

ඔය කථා වලින් අණ්ඩුව වට්ටන්න බෑ..(ස)

:       0       0

හසිත Monday, 19 May 2014 09:48 PM

මීලගට කවුරු අනුර කුමාරලාගේ ලණුව ගිලීද ? (ස)

:       0       0

කාවින්ද ගයාන් Tuesday, 20 May 2014 11:02 AM

අනුරගේ ගන්න දෙයක් අැත්තේම නෑ. (ස)

:       0       0

කසුන් Tuesday, 20 May 2014 11:03 AM

මෙයාව පොදු අපේක්ෂකයා කරලා පොල් ගාන්න තමා වෙන්නේ. (ස)

:       0       0

සාන්ත Tuesday, 20 May 2014 11:04 AM

අණ්ඩුවට ඇති ජන ප්‍රසාදය, අනුර කුමාරට අල්පෙනෙත්තකින් ඇහැට අනින්නා වාගේ..(ස)

:       0       0

සමිත Tuesday, 20 May 2014 11:05 AM

ජේප්පෝ එදත් කලේ තමන්ගේ බඩ වඩා ගත්ත එක. අදත් කරන්නේ එ්කම තමා. (ස)

:       0       0

නිෂෘනී Tuesday, 20 May 2014 11:06 AM

JVP බලු මැක්කෝ එල්ලෙන්න බල්ලන්ව හොයනවා‍ෙ(ස)

:       0       0

සුනිල් රියාද් සිට Monday, 19 May 2014 10:19 PM

මැක්කෝ පැනපුවාවේ. ප්‍රගිතිශීලී බලවේගත් එක්රැස් උනාවේ. ඒත් ආයේ (ස)

:       0       0

තිලක් ඩුබායි Monday, 19 May 2014 10:56 PM

ලාල් ජකර්තා. තවත් ලංකාවේ විනාශවීමට තරම් දෙයක් ඉතිරි කරලා නැහැ.සහමුලින්ම සුද්දම කරලා ඉවරයි. (ස)

:       0       0

සුබසිංහ Tuesday, 20 May 2014 11:47 AM

ඒ වුණාට ශක්තිමත් කන්දක් කවදාවත් පාත්වෙන්නෙ නැහැනේ. (නි)

:       0       0

සමන් Tuesday, 20 May 2014 11:47 AM

බලනකොට හැමෝම එක්තරා ආකාරයක මැක්කන් තමයි. (නි)

:       0       0

pitigala Monday, 19 May 2014 11:13 PM

අපේ පැත්තේ මහා කකුළුවෝ පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා. ඒ කියන්නේ , මහා කකුළුවෝ කෙලින් අතට ගමන් කරනවා. නෑ ! නෑ !! පොඩි එවුන්ට යන්න කියනවා. ඉතින් කොහොමහරි පහු වෙන කොට එවුන්ට කෙලින් යන්න පුළුවන් වෙනවද? මොන පිස්සුද? උන් ඔක්කොම හරහට යනවා! (ස)

:       0       0

සමන් Tuesday, 20 May 2014 11:48 AM

දැන් ආණ්ඩුව වට්ටන්න හදන්නෙ මොන පක්ෂයද මහත්තයෝ? (නි)

:       0       0

විධුෂක Monday, 19 May 2014 11:21 PM

ඉස්සාගේ ඔලුවේ මොනවාද තියාගෙන මම සුදන මම සුදන කියල බෙරිහන් දෙනවලුනේ. මේවට ඉතින් වෙන මොනවාද කියන්නේ තියෙන්නේ?? (ස)

:       0       0

කොඩිතුවක්කු Tuesday, 20 May 2014 11:53 AM

නියම කතාව මහත්තයෝ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3865 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2816 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3593 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3274 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 735 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1419 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36129 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24136 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 519 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site