බල්ලාගේ ඇඟේ උෂ්ණත්වය මත ජීවත් වන මැක්කා බල්ලා මැරෙනකොට කලබල වන බවත්, ආණ්ඩුව පළවා හරින්නට හැකියැයි කියන රතු සංඥාව නිකුත් වීමත් සමග ආණ්ඩුවේ මැක්කන් කළබළ වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මාතර දී පැවසීය.
‘ප්‍රගිතිශීලී බලවේග එක්රැස් වෙනවා. එය වැළැක්වීමට උගුළුත් ඇටවෙනවා. ජනතාව මේ තත්ත්වය හොඳින් තේරුම් ගත යුතුයි. එසේ නොවුණහොත් අවසානයේ රැවටෙන්නේ ඔවුන්මයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තරම් උචිත උපමාවක් තවත් නැත. අනුර, ඔබ දක්ෂ නායකයෙකු වෙන බව ස්ථිරයි. ඔබේ පිරිසිදු දේශපාලන චරිතය රැකගන්න. (නි)
ජේවීපී එක නැති වුණා නම් මිනිසුන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්න කවුරුවත් නැහැ. (නි)
ඔය මැක්කෝ ඔක්කොම ඉපදුනේ මොන පක්ෂයෙන්ද කියලා දන්නවා ඇතිනේ (නි)
ඩුබායි තිලක් ප්‍රේමදාස මහත්තයට පින්සිද්ද වෙන්න තමයි අපිට නම් 88/89 පොළොවේ පය ගහල ජීවත් වෙන්න පුළුවන් වුනේ. ඔයා ඇයි ඩුබායි ගියේ ? (දී)
අනුර දිසානායක මහතා මැක්කන් ගැන කියනකොට තමයි මැක්කන්ට තේරිලා තියෙන්නේ එයාලට වෙන්න යන දේ. (නි)
අපි එයාලටත් අවස්ථාවක් දීල බලමුද...(ස)
එයාලා මැක්කා. හරි. එතකොට ඔයාලා කවුද? (නි)
ඩුබායි තිලක් කියන්නේ ඩුබායි පොළව ගැන වෙන්න ඇති.කොහොමත් මේ දේශයේ ඩුබායි තිලක්ගේ කව්රුවත් ඉන්න විදියක් නැහැනේ.අනේ අපි නම් මේ පොළොවේ පය ගහලා අපේ දු දරුවොත් එක්ක දෙවියනේ කියලා ඉන්නෙ පවතින රජයට පින්සිද්ධ වෙන්නයි. (නි)
පාර්ලිමේන්තුවේ ආසන 40කටත් කිට්ටු වෙන්න ගත් පක්ෂයක් මේ වගේ තත්ත්වයකට පත් කරන්න ඍජුවම බලපෑ තීන්දු තීරණ ගත්, ඒවා ගන්න බලපෑම් කළ අය ඉන්නකම් හැමදාමත් ඔහොම තමයි කට්ටියට ඉන්න වෙන්නේ. (නි)
දිසන්ත, අපි මෙහෙමවත් පොළොවේ පයගහලා ජීවත් වෙන්නේ ජේවීපීයට පින් සිද්ධ වෙන්න. එය නොතිබුනා නම් බලන්න තිබුනා අපිට සහ අනාගත දරුවන්ට සිදුවෙන දෙය. (නි)
දිසන්ත, ඔය කියන විශ්ව කර්මයා අර තනතුරු දරපු වකවානුවේ වැව් 1000 ව්‍යාපෘතියත් ඉලක්කයටම කළාද? මම නම් දන්නැති නිසයි අහන්නේ.? (ස)
මේවට ඉතින් වෙන මොනවාද කියන්න තියෙන්නේ? හරියටම හරි. මේ කතාව ජේවීපී එකටත් ගැළපෙනවා (නි)
අනුර සරසවියේදී හරිම දක්ෂයෙක් ඉගෙනගන්න. විශේෂයෙන්ම ගණන් හදන්න දක්ෂයි. එක්තරා ඉලක්කයක් ඇතුව ඒ කාලෙත් හොදට වැඩ කළ කෙනෙක්.ඔබ රට වෙනුවෙන් කරන කැපවීමට ඔබට සහ පක්ෂයට සුභ පතනවා! (නි)
මන් කිසිම රැකියාවක් පහත කරන්නේ නැහැ.ලෝකේ ගොඩක් රටවල් ගොඩනැගුවේ නීතිඥයෝ,දොස්තරලා,කලාකාරයෝ හෝ හමුදා නායකයෝ බලේට පත් කරලා නෙවේ.රටවල් නැග්ගේ ඉංජිනේරුවෝ, විද්‍යාඥයෝ හෝ ආර්ථික විශේෂඥයෝ බලේට පත්වෙච්ච රටවල්. එත් මේක ලංකාව නිසා කවුරු ආවත් ෂුවර් නෑ මට නම්. (ස)
එජාපෙ නම් කියන්නෙ කොල එළි වැටෙනව කියල.ජවිපෙ කියන්නෙ රතු එළි වැටෙනව කියල.අනේ මන්ද,කොල එළිය වැටෙන කොට යනවද,රතු එළිය වැටෙන කොට නවතිනවද,රතු එළිය වැටෙන කොට යනවද, කොල එළිය වැටෙන කොට නවතිනවද.?දන්න කෙනෙක් ඉන්නව නම් කියල දෙන්නකෝ. නොදැන ගිහින් අතපය කඩා ගන්න කලින්.!!! (ස)
දීපාල් ප්‍රසිද්ධියේ ම මමත් සන්ධානේ කියන්නේ ලැජ්ජා නැද්ද අනේ. (ස)
හැමදාම කලේ එක බල්ලෙක්ගෙන් පනින මැක්කන්ව අනිත් බල්ලා ආදරෙන් ලඟට ගන්න එකනේ. එන සැරෙත් එහෙම වේවිද ? (ස)
නමුත් අනුර සහෝදරයා, ඔයාලා එකක් තේරුම් ගන්න හොඳේ. මම සන්ධානයේ කෙනෙක්. ඔයලගෙ අදහස් වලටත් ගරු කරනවා. මම නම් කියන්නේ ඔයාලා පුලුවන් තරම් රටේ ප්‍රධාන විපක්ෂය වගේ බලවත් තැනකට එන්න බලන්න කියලයි. අනුර කුමාර යනු උගත් විද්‍යාවේදී උපාධිදාරියෙක් නේද ඔබට ජය ! (ස)
ඉස්සාගේ ඔලුවේ මොනවාද තියාගෙන මම සුදන මම සුදන කියල බෙරිහන් දෙනවලුනේ. මේවට ඉතින් වෙන මොනවාද කියන්නේ තියෙන්නේ?? (ස)
ජේප්පෝ එදත් කලේ තමන්ගේ බඩ වඩා ගත්ත එක. අදත් කරන්නේ එ්කම තමා. (ස)
මේ දෙගොල්ලම අපි නම් දැන් හොදට දන්නවා (දිල්)
කවුරු කවුරු ගැනත් අපි නම් දන්නවා (නි)
සමහරු හිතාගෙන ඉන්නේ මිනිස්සුන්ට මඩගහන එක තමයි දේශපාලනය කියන්නේ කියලා. (නි)
නියම කතාව මහත්තයෝ (නි)
දැන් ආණ්ඩුව වට්ටන්න හදන්නෙ මොන පක්ෂයද මහත්තයෝ? (නි)
බලනකොට හැමෝම එක්තරා ආකාරයක මැක්කන් තමයි. (නි)
ඒ වුණාට ශක්තිමත් කන්දක් කවදාවත් පාත්වෙන්නෙ නැහැනේ. (නි)
JVP බලු මැක්කෝ එල්ලෙන්න බල්ලන්ව හොයනවාෙ(ස)
අපේ පැත්තේ මහා කකුළුවෝ පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා. ඒ කියන්නේ , මහා කකුළුවෝ කෙලින් අතට ගමන් කරනවා. නෑ ! නෑ !! පොඩි එවුන්ට යන්න කියනවා. ඉතින් කොහොමහරි පහු වෙන කොට එවුන්ට කෙලින් යන්න පුළුවන් වෙනවද? මොන පිස්සුද? උන් ඔක්කොම හරහට යනවා! (ස)
අණ්ඩුවට ඇති ජන ප්‍රසාදය, අනුර කුමාරට අල්පෙනෙත්තකින් ඇහැට අනින්නා වාගේ..(ස)
මෙයාව පොදු අපේක්ෂකයා කරලා පොල් ගාන්න තමා වෙන්නේ. (ස)
අනුරගේ ගන්න දෙයක් අැත්තේම නෑ. (ස)
ඔය කථා වලින් අණ්ඩුව වට්ටන්න බෑ..(ස)
ගිහාන්, ප්‍රශ්න කතා කරන අයම තමා ප්‍රශ්න ඇති කරන්නේ, අසාධාරණ වැඩ වර්ජන(සාධාරණ වැඩ වර්ජනත් තියෙනවා) මෙහෙයවල ඒවා ගැන වේදිකාවල කගහනවා. එතකොට ටික කාලයක් ඇද ගෙන යන්න ප්‍රශ්නයක් තියෙනවනේ. ඕව තමා එයාල කතා කරන මිනිස්සුන්ගේ ප්‍රශ්න. ප්‍රශ්න මවල ඒවා ගැන කතා කරනවා. (ස)
ආණ්ඩුව හොල්ලන එක බොරු වැඩක් පුතේ.ආණ්ඩුව මේ රට ගොඩ දාපු විදියට වෙන කවුරුත් මේ රට සංවර්ධනය කරලා නැහැ. (ස)
ආණ්ඩුව වට්ටන්න පුළුවන් පක්ෂයක් තිබෙනවද? (නි)
මැක්කෝ ඉන්නකොට තමා බල්ලාගේ ලෙඩ වැඩිවෙන්නේ. (නි)
අනුර කුමාර දිසානායක යනු අතිශය සරල මිනිසෙකි. ඔබට ජය! (නි)
ඇයි දිලිප් මට කියන්න,ඔයා හීනෙන් හරි දැක්කද? (නි)
හැමදේකටම කළමනාකරණයක් අවශ්‍ය වෙනවා (නි)
අනුර කුමාර මහත්මයා කිව්වා නම් ආයේ දෙපාරක් සැකයක් නැහැ, හරියටම හරි. (නි)
සමහරු නම් දවල් හීන තාම දකිනවා. (නි)
ජ.වි.පෙ ට මම මගේ ඡන්දෙ දුන්නා. ඒත් මම දැන් ඒකට පසුතැවිලි වෙනවා (නි)
බලු මැක්කෝ ? (නදී)
ඔහොම යමුකෝ.... (නි)
අනුර කුමාර යනු උගත් විද්‍යාවේදී උපාධිදාරියෙක් නේද? (නි)
නමුත් අනුර සහෝදරයා, ඔයාලා එකක් තේරුම් ගන්න හොඳේ. මම සන්ධානයේ කෙනෙක්. ඔයලගෙ අදහස් වලටත් ගරු කරනවා. මම නම් කියන්නේ ඔයාලා පුලුවන් තරම් රටේ ප්‍රධාන විපක්ෂය වගේ බලවත් තැනකට එන්න බලන්න කියලයි (නි)
ඒ මැක්කෝ බල්ලන්ගේ ඇගටත් එයිද? (නදී)
ජවිපෙන් ලොකු වෙනසක් අපේ බලාපොරොත්තුව (නදී)
දෙමල සන්දානේ එක්කත් එකතුවෙලා ආණ්ඩු පෙරලන්න හදපු අයට මැක්කෝ ටික පැන්නොත් එපා කියාවී. එදාට මැක්කෝ වීරයෝ වෙන හැටි අපිට බලන පුළුවන්. (නදී)
මෙන්න අවස්ථාව, ජනතාව තේරුම් ගන්නවා නම්. වැඩි ඈතක් නැහැ වෙනසක් වෙන්න. (නි)
මේ විදියට රටේ ප්‍රජාතන්ත්‍රවාදය කතා කරනවා වගේම විශ්ව විද්‍යාලවල වෙනස් මත දරන දේශපාලන ව්‍යාපාරයන්ටත් නැගිටින්න දියයුතුයි. (නි)
සහතික ඇත්ත (නි)
සමහරු අද කතා කරන සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය අපි ඉස්සර එක කාල වකවානුවකදී දැක්කා (නි)
හැබැයි සමහර වෙලාවට මැක්කෝ ගෙම්බෝ වෙනවා. මොකද නැව ගිළෙනකොට උන් පනිනවානේ... (නි)
ඇත්ත තමයි.... (නි)
ආණ්ඩුව පළවා හරින්න සුදානම්? ඒ මොකටද? (නි)
ලාල් ජකර්තා. තවත් ලංකාවේ විනාශවීමට තරම් දෙයක් ඉතිරි කරලා නැහැ.සහමුලින්ම සුද්දම කරලා ඉවරයි. (ස)
මැක්කෝ පැනපුවාවේ. ප්‍රගිතිශීලී බලවේගත් එක්රැස් උනාවේ. ඒත් ආයේ (ස)
මීලගට කවුරු අනුර කුමාරලාගේ ලණුව ගිලීද ? (ස)
වෙනසක් කරන්න පුළුවන් කට්ටියක් නම් ඉතින් අපිත් සතුටුයි (නි)
සුරේන්, කවුරුත් කලබල වෙලා නැහැ (නි)
දැන් නම් ගොඩක් දෙනා කලබල වෙලා තමයි ඉන්නේ (නි)
රට සම්පූර්ණයෙන් විනාශවීමට පෙර වෙනසක් අවශ්‍යයි (නි)
අපි නම් හැමදාම මැක්කන්ගේ ලේ උරාබීම් වලට මුහුණ දෙනවා (නි)
ජේවීපී නව නායකත්වය රටේ විශාල වෙනසකට මුල පුරාවිද? (නි)
ඔයාලා දැන් මොනවා කිවුවත් රත්වෙලා විසිවෙලා නැත්තේමත් නැහැනේ.... (නි)
අපිත් හිතුවේ නව නායකත්වය සැබෑ වෙනසක් කරයි කියලා. එහෙත් පළකළ අදහස් අනුව නම් ඒ වෙනස සිදු නොවේවි කියලා හිතෙනවා (නි)
අනුර කුමාර සහෝදරයා අපි ඉහළින්ම පිළිගන්නෙමු.නමුත් මැක්කන් කතාව නම් දේශපාලනයේදී කාටත් පොදුයි නේද? (නි)
දැන් සමහරු හිතනවා එතුමා "වෙනසක්" කරයි කියලා. මම නම් කොහොමටවත් එයාලට ඡන්දෙ නම් දුන්නේ නැහැ. (නි)
ඔය කියන මැක්කාත් දැන් හැමතැනම එක එක කතා කිය කියා යනවා. (නි)
මහජනතාවට තමා දැන් හැම ජාතියේම මැක්කොත් එක්ක නැගිටින්න වෙලා තියෙන්නේ. (නි)
අනේ පවු මැක්කෝ! එයාලත් කාගේ ඇඟේ හරි එල්ලිලා ජිවත් වෙන්න එපැයි නේද? මැක්කන්ට හරිහැටි නින්ද නොයන නිසා හීන නම් පෙනෙන්නේ නැතුව ඇති කවදාවත්. (නි)
සේනාධීර, මමත් විශ්ව විද්‍යාල සිසුවෙක්.නමුත් අපේ විශ්ව විද්‍යාලයේ දේශපාලනයට ඉඩ නැහැ.ඉඩ තියන්නෙත් නැහැ. (නි)