IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘ආණ්ඩුවට උපදෙස් දෙන්න මානව හිමිකම් කොමිසමට පුළුවන්‘

මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නීති හා පරිපාලනමය විධි විධාන සකස් කිරීමේ දී ආණ්ඩුවට උපදෙස් දීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට හැකියාව ඇතැයි එම කොමිසමේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට කීවේය.

මරණ දඬුවම අහෝසි කරන්නැයි මෛත්‍රීපාල සිරිසේන ජනපතිට නිර්දේශ කළේ කොමිසමට ලැබී ඇති එම බලතල අනුව බව ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ එම ප්‍රකාශකයා සඳහන් කළේය.

1996 අංක 21 දරණ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 10 වැනි වගන්තියේ ඇ, ඈ සහ ඉ උපවගන්ති අනුව මානව හිමිකම් කොමිසමට එම බලතල ලැබී ඇති බවත්, මූලික අයිතිවාසිකම් වැඩිදියුණු කිරීමේ හා ආරක්ෂා කිරීමේ නීතිමය හා පරිපාලනමය විධාන සහ කාර්ය පටිපාටි සමක්සිරීමේදී ආණ්ඩුවට උපදෙස් දීමට හා සහාය වීමට ද මානව හිමිකම් කොමිසමට බලය ඇති බවත් එම කොමිසම අවධානරණය කරයි.

මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 10 වැනි වගන්තියේ ඇ වගන්තිය අනුව   ජාතික නීති හා පරිපාලනමය පිළිවෙත් ජාත්‍යන්තර මානව හිමිකම් නියමයන් හා සම්මතවලට අනුකූල බව සහතික කිරීම පිණිස ගත යුතු පියවර සම්බන්ධයෙන් ආණ්ඩුවට නිර්දේශ ඉදිරිපත් කිරීමට ද කොමිසමට හැකිය.

එම පනතේ 10 වැනි වගන්තියේ  ඉ උප වගන්තිය අනුව   මානව හිමිකම් ක්ෂ්‍රේත්‍රයේ ද ගිවිසුම් හා වෙනත් ජාත්‍යන්තර සාධනපත්‍රවලට දායක වීමේ හා එකඟ වීමේ අවශ්‍යතාවය පිළිබඳව ආණ්ඩුවට නිර්දේශ ඉදිරිපත් කිරීමට කොමිසමට හැකි බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කියයි.



අදහස් (0)

‘ආණ්ඩුවට උපදෙස් දෙන්න මානව හිමිකම් කොමිසමට පුළුවන්‘

ලංකා Monday, 18 January 2016 04:45 PM

අපරාධකාරයින්ගේ පැත්ත ගත්තොත් රටේ අපරාධ වැඩිවෙනවා. (නි)

:       0       0

හිමාල් Tuesday, 19 January 2016 05:22 AM

සමහරු ප්‍රවෘත්තිය හරියට කියවලා නැහැ වගෙයි. (නි)

:       0       0

දුමින්ද Monday, 18 January 2016 02:32 PM

උපදේශකයෝ වැඩි නැද්ද (බ)

:       0       0

මොහොමඩ් Monday, 18 January 2016 03:35 PM

තමුන් නෝනට ලමයි හදන්නෙ අල්ලපු ගෙදර කෙනාගෙ උපදෙස් මතද ? (ස)

:       0       0

නිශාර්ඩ් Tuesday, 19 January 2016 04:19 AM

අපේ රටේ නායකයොයි, නිලධාරියෝයි තමාට පැවරිලා තියෙන වැඩ අවංකවම විනිවිද භාවයකින් යුතුව හරියට සාධාරණව කරනවානම් මෙවැනි ආයතන ඇඟිලි ගහන්ට එන්නේ නැහැනේ. ඒවා හරියට සිදුවෙන්නේ නැති නිසා තමයි අපේ රටේ මිනිසුන්ට පිට අයගේ උපකාර ඉල්ලන්ට සිද්ධ වෙන්නේ. බලයටයි, මුදල් ගසා කන්නයි නායකයෝ ගහ මරාගන්න එකනේ ප්‍රධාන අරමුණ. රටයි මිනිස්සුයි අනාතයි. ඉතින් ඒ මිනිස්සු මේවට මැදිහත් වුණාට පස්සේ ඉතින් ඉඳගෙන කුමන්ත්‍රණ කියයි, පාවාදුන්නා කියයි. මට හිතෙන්නේ ලංකාවට නිදහස ලැබුන වේලාසන වැඩියි කියලයි. බ්‍රිතාන්‍ය යටතේ තිබුන නම් රට මීට වඩා දියුණු වෙලා ඇති. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 180 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1139 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 221 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 452 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 368 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 614 1

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36776 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24300 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 553 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 231 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site