වංචා දූෂණ සිදුකළ පුද්ගලයින්ට එරෙහි ක‍්‍රියාමාර්ග ගැනීම සදහා නැවතත් ආණ්ඩුවෙන් එළියට බසින්නට සිදුවුවහොත් එයට ද තමන් සූදානම් යැයි සම කැබිනට් ප‍්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
වංචා හා දූෂණ චෝදනා ලැබූවන්ට දඬුවම් දිය යුතු බව පවසමින් සිවිල් සංවිධාන ගෙන යන වැඩපිළිවෙල හා එක්ව තමන් කටයුතු කරන බව ද ඇමතිවරයා කීවේය.
කැබිනට් ප‍්‍රකාශකවරයා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධයවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
දූෂිතයන්ට එරෙහි ක‍්‍රියාමාර්ග ගැනීමට කොන්ද පණ ඇති නීතිපතිවරයෙක් අවශ්‍ය බව කී අමාත්‍යවරයා එවැනි නීතිපතිවරයෙක් පත් කර ගත යුතු බව ද පැවසීය.
මෙහි දී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න සහ ඒවාට ලැබුණු පිළිතුරු මෙසේය.
ප‍්‍රශ්නය - පොහොර සහනාධාරය ගැන මතුවී තිබෙන ගැටළුවක් පිළිබදවත් කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා වුණාද? මේ වන විට පොහොර ගෙන්වීම ප‍්‍රමාද වී තිබෙන නිසා ගොවීන්ට මේ කන්නයේ ගැටලූවක් ඇතිවිය හැකියි නේද?
රාජිත සේනාරත්න මහතා. - එහෙම ගැටළුවක් නෑ. ගබඩාවල පොහොර තිබෙනවා. මේ පොහොර නිකුත් කර නැහැ. ඒවා වහාම නිකුත් කර කෘෂි නිලධාරීන්ගේ අනුමැතිය ඇතිව ගොවීන්ට ලබාදෙන ලෙස නියෝග කර තිබෙනවා. පොහොර ලබාගැනීමට ලියවිලි 5ක් පමණ පිරවීමට ඇති බවට නම් ගැටළුවක් ඇතිවුණා.
ප‍්‍රශ්නය - මේ ගැටලූව ඇති වී තිබෙන්නේ පොහොර සහනාධාරය වෙනුවෙන් වවුචරයක් දීමට ගත් තීරණය නිසාද?
රාජිත සේනාරත්න මහතා - ඒ වගේ අර්බුදයක් තමයි. එය විස`දීමට අවශ්‍ය නියෝග කෘෂිකර්ම අමාත්‍යාංශයට මේ වන විට දැනුම් දී තිබෙනවා. අලූතින් චක‍්‍රලේඛ නිකුත් කර මේ ගැටලූ විසදන ලෙස ජනාධිපතිවරයා අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.
ප‍්‍රශ්නය - හොරු අල්ලන වැඬේ අතරමග නැවතිලාද? මේ ගැන සිවිල් සංවිධානවලින් නැගෙන චෝදනා පිළිගන්නවාද?
පිළිතුර - අපි හැමෝම එකතුවෙලානේ මේ වෙනස කළේ. මමත් චම්පික ඇමතිතුමාත් මේ ගැන ජනාධිපතිතුමා සමගත් සාකච්ඡුා කළා. සිවිල් සංවිධානත් ඉන්පසු ජනාධිපතිතුමා හමුවුණා. අගමැතිතුමාත් ආ පසු මේ ගැන නිශ්චිත තීන්දුවක් ගන්නවා.
ප‍්‍රශ්නය - මේ ක‍්‍රියාවලිය හරියට වෙන්නේ නැතිනම් සිවිල් සංවිධාන හා එක් වී ඒ වෙනුවෙන් සටන් කරන්නට, අවශ්‍යනම් ඇමතිධූරය හෝ අත්හැර මේ වෙනුවෙන් කතා කරන්නට ඔබතුමා සූදානම්ද?
රාජිත සේනාරත්න මහතා.- ඒක එදාට බලමු. කොහොමත් අපි සිවිල් සංවිධාන සමග ඉන්නවා. ඔවුන් තමයි පසුගිය පාලනය වෙනස් කරන්නට උදව් කළේ. ඒ නිසා ඔවුන් සම`ග එක්ව කටයුතු කරනවා. එදා වගේම ආපසු එළියට බසින්නට සිදුවුණොත් එයටත් සූදානම්.
ප‍්‍රශ්නය - මේ ක‍්‍රියාවලිය හිරවුණේ කොතනද?
රාජිත සේනාරත්න මහතා.- අගමැතිතුමා ආ පසු සාකච්ඡුා කර බලමු.
ප‍්‍රශ්නය - ජනාධිපතිතුමාගෙන් මේ ගැන ඇසුවාම අගමැතිතුමා කැමති නැති බවත් අගමැතිතුමාගෙන් ඇසුවාම ජනාධිපතිතුමා මෙයට කැමති නැති බවත් කියනවාලූ නේද? ඇත්තටම මොකද වෙලා තිබෙන්නේ?
රාජිත සේනාරත්න මහතා - දෙන්නම එකට තියලා ඇහුවාම හරි. ඒත් එහෙම එකක් නැහැ. හරියට විමර්ශන වාර්තා ඉදිරිපත් නොවීම නිසයි ගැටලූව ඇති වී තිබෙන්නේ. හිරුණිකා මන්ත‍්‍රීවරිය අත්අඩංගුවට ගැනීම දින 4කින් සිදුවුණා. ඒත් ඇවන්ගාර්ඞ් වාර්තා අදත් නැහැ. හිරුණිකා මන්ත‍්‍රීවරියගේ සිද්ධියේ අපරාධමය පසුබිමකුත් නැහැ. පැහැරගැනීමක් සිදු කර තිබුණේත් පවුලක් සමගි කරන්නයි.
ප‍්‍රශ්නය - ගිය සතියේ අපි නීතිපති දෙපාර්තමේන්තුව ගැන ප‍්‍රශ්න කළාම ඔබතුමා කිසිත් කීවේ නැහැ නේද?
රාජිත සේනාරත්න මහතා - එදා මේ ගැන කියන්න අධිකරණ ඇමතිතුමා සිටියා. එයාගෙනුයි අහන්න තිබුණේ.
ප‍්‍රශ්නය - නීතිපතිවරයා ගැන අමාත්‍යවරුන්ගේ විශ්වාසය බිඳිලද?
රාජිත සේනාරත්න මහතා. - අපේ නෙවෙයි මහජනතාවගේ විශ්වාසයත් බි`දිලා.
ප‍්‍රශ්නය - මේ සම්බන්ධයෙන් ඇමතිවරු ලෙස ඔබතුමාලා ගන්නා ක‍්‍රියාමාර්ගය කුමක්ද?
රාජිත සේනාරත්න මහතා. - හොද නීතිපතිවරයෙක් පත්කිරීමයි කළ යුත්තේ. කොන්ද පණ නැති නීතිපතිවරයෙකුගෙන් වැඩක් නැහැ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න කරනවා නම් වැඩක්. අනේද කියන්නේ? (නි)
කිව්වට ඔය දේ ඔබ තුමාට කරන්න බෑ.(හේ)
ඔබ එලියට බහින්න එපා ,ඔහොමම ඉන්න (හේ)
කටින්ද කතා කරන්නේ.(හේ)
ඔතනින් කොහෙටද?(හේ)
කොහොමත් මේ ගොල්ලන්ට පෙබරවාරි 4 වෙනකම් කල්දීල තියෙන්නේ . හොර හැත්ත එලවන්න මුල්වුණ ජනතාව පාරට බස්සව ගන්න හදන්නේ .(අ)
හොරුන් විසින් හොරු ඇල්ලුවේ මොන රටේද?. මහින්ද වටා සිටි හොර නඩයම දැන් යහපාලන ආණ්ඩුවේ.(අ)
විහිළුවට වෙන්න ඇති කිවුවේ (නි)
ඔව් ඔව් රාජිත මහතාට එලි බහින්න තමයි තිබෙන්නේ හැබැයි අපට නොපෙනෙන පැත්තකට ගිහිල්ලා. (හේ)
නියමයිනේ! (නි)
දැනට පක්ෂ කීයකින් නම් එළියට බස්සද.(ම)
ඒ පාර කීවෙනි සැරේටද පනින්න හදන්නේ? (නි)
එතකොට පුතාගේ අනාගතය? (නි)
අනේ හොඳයි (නි)
ඇත්තට මෙවැනි පුද්ගලයන්ද අපේ රටේ ඇමතිවරු හැටියට පත්කරගෙන තියෙන්නේ? මේ අය හිතාගෙන ඉන්නේ අපි මෝඩයෝ කියලද? හරියට දෙකෙකේ පන්තියේ ළමයි වගේ නේද උත්තර දෙන්නේ? (නි)
හැම ආණ්ඩුවෙන්ම තනතුරු අරගෙන වැඩියෙන්ම හොරාකන අය තමයි වැඩිම සුද්දවන්ත චරිත රඟපාන්නේ. අපි දැන් මේ හැමදේම දන්නවා (නි)
බොහොම හොඳයි (නි)
එළියට බැස්සත් අපි නම් මොකුත් කියන්නේ නැහැ (නි)
තිලක්-ඩුබායි, ඔබ හරි. කම්බා හොරු අල්ලන්න නම් කියූ දේ ඒ විදියටම කළ, ඒ නිසාම කියන දේ ඉදිරියේදීත් කරතැයි විශ්වාස කළහැකි ශ්‍රී ලංකා දේශපාලනයේ දැනට සිටින එකම පුද්ගලයා වන ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාට ආරක්ෂක අමාත්‍යාංශය හෝ අධිකරණ අමාත්‍යාංශය බාර දියයුතුව තිබුනා. (නි)
ඔය කිවුවට කරනවද? (නි)
මෙයාලා ඒ කාලේ කළ දේවල් ගැන දැන් කවුරුත් හොයන්නේ නැති පාටයි (නි)
බහී කියලා තමයි මේ අපිටත් බය (නි)
අපිත් කියනවා හොරු අල්ලන්න කියලා. ගිය ආණ්ඩුවේදී වැරදි කළ ඇමතිවරු අදත් ඉන්නවා ඇමතිකම් වල. කවුරුත් ඒ ගැන කතාකරන්නේවත් නැහැ. ඒ වගේම කට විතරක් නැතුව වැරදිකාරයන්ව ඔප්පු කරලා දඬුවම් දෙන්න. රටේ නීතිය කාටත් එකයි. (නි)
හොරු ගැන කතා කර කර ඉම්මු .2016 ත් 12 න් එකක් යනවා. එත් වැඩ නැහැ. කතාව දෝලාවෙන් ගමන පයින් යමු. පවු. වෙච්ච දෙක හැටි .(අ)
කට තිබුනට වැඩ බැරි අය අයින් කරනවා නම්, අයින් කරන්න ඕනෑ කවුද කියලා මම ඕනෑ නම් කියන්නම් (නි)
අපිට අවශ්‍ය ප්‍රශ්නය මෙතන නැහැ (නි)
කම්බා හොරු අල්ලන්න ඕනෑ නම් කොටි සංවිධානය සදහටම විනාළ කළ ජාතික වීරයෙක් වන ජෙනරල් ෆොන්සේකාට නායකත්වය දීලා පටන්ගන්න. කම්බා හොරු අල්ලලා ඒ මුදල් නැවත ජනතා සතුකරන්න එතුමාට මාසයක් හොඳටම ප්‍රමාණවත් වේවි. (නි)
තිලක් ඩුබායි, සරත් මහත්තයා දේශපාලන නායකයෙක් වීමට සුදුසු නැති බව ඔප්පුවී හමාරයි (නි)
අනේ ඔය ඇත්තමද? (නි)
හීන දකින කෙනෙක්...! (නි)
කට විතරයි. කරපු එක හොඳ වැඩක් නැහැ (නි)
අනේ ඔබතුමා දේශපාලනයෙනුත් විශ්‍රාම යන්න. (හේ)
රාජිත මහත්තයා පෙරමුණ අරන් වැඩෙට බහින්න.(හේ)
නියමයිනේ ඇමතිතුමා! (නි)
පුදුම කතානේ ඇමතිතුමා කියන්නේ. (නි)
මෙතුමා නම් කොහොමත් බහ්නින්න බලන් ඉන්නේ , එලියට බහිනවට වඩා නරකද මිනිසුන්ට දීපු පොරොන්දු ප්‍රකාරව හොරු අල්ලලල දඬුවම් දෙන එක , මේවා කරන්න බැරිනම් මොකටද ඡන්ද දායකයව ගොනාට ආණ්ඩුවේ ? හිතන්න එපා එලියට බැස්ස පමණටම ප්‍රශ්න විසන්දෙවී කියල (අ)
කටේ නරි වදන්.(හේ)