IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


ආදිවාසී නායකයින් නීත්‍යනුකූල අයිතිවාසිකම් ඉල්ලයි

(නිමල කොඩිතුවක්කු) 

ආදී වාසී අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත සම්මත කර සිය ගැටලු සම්බන්ධයෙන් නීත්‍යානුකූල විසදුම් ලබා දෙන්නැයි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තො අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය හමුවී කොලඹදී ඉල්ලීමක් කළේය.

වනාන්තර පරිභෝජනය කිරීම, ජීවනෝපාය උපයා ගැනීම සහ විවිධ පරිපාලන කටයුතු සම්බන්ධයෙන් ආදී වාසී ජනතාව බොහෝ ගැටලුවලට මුහුන පා තිබෙන බවත් මෙම ගැටලු සඳහා නීත්‍යානුකූලව විධිමත් ආකාරයේ විසදුම් අපේක්ෂා කරන බවත් වන්නිල ඇත්තෝ සඳහන් කලේය.

අග්‍රාමාත්‍යවරිය හමුවීමෙන් පසු කොලඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශාලාවේදී  අදහස් දැක්වූ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තො සිය ගැටලු සම්බන්ධයෙන් තවදුරටත් මෙසේද පැවසීය.

  “දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන මෙරට ආදීවාසි ජනතාව නිදහසු ලැබී රට සංවර්ධනය වීමත් සමග විශාල රැැටලු රාශියකට මුහුන දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ආදී වාසි නායකයන් විවිධ අවස්ථාවල හඬ නැගුවා. ඒ ඒ අවස්ථාවල වාචික විසදුම් ලබා දුන්නත් ආදී වාසි ගැටලු සම්බන්ධයෙන් නීත්‍යානුකූල විසදුම් ලබාදීමට කිසිදු රජයක් කටයුතු කර නැහැ.

අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් ජිනීවා වලට පවා ගියා. කැලෑවේ නිදහසේ ජීවත්විම වෙනුවෙන්  නීත්‍යානුකූලව අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සමග  සාකච්ඡා කළා.  මෙවරත් අපි අගඅග්‍රාමාත්‍යවරිය ඇතුලු රජයේ බලධාරීන් සමග සාකච්ඡා කළා. එහිදී ඔවුන් අපේ ගැටලු සම්බන්ධයෙන් අවධානය විසදුම් ලබා දීමට එකඟතාවය පළ කළා.

ආදිවාසීන් විදියට අපේ රාජකාරිය දඩයම විතරක් නෙමෙයි. ඖෂධ ලබා ගැනීම, අල සහ ගෙඩි ලබා ගැනීම, දර ලබා ගැනීම ඇතුලු දේ සඳහා අපි වනගත වෙනවා. මේ දේ නිසා අපේ අයට නඩු හබ පවා වැටෙනවා. ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත් කේන්ද්‍ර කරගනිමින් ලක්ෂ  පහකට අධික ආදිවාසී පිරිසක් ජීවත් වෙනවා. මේ අයගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන මෙන් අපි රජයෙන් ඉල්ලා සිටිනවා.

මෙම මාධ්‍ය හමුව සඳහා දානිගල මහබණ්ඩාරලාගේ හිංගම්මා ඇත්තෝ, නල්ල තම්බි වේලායුදම්, නාගරත්තිනම් වරදන් යන ආදිවාසී නායකයින් සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නියෝජනය කරමින් එහි ජ්‍යෙෂ්ඨ පර්යේෂක ලයනල් ගුරුගේ මහතා  ඇතුලු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (2)

ආදිවාසී නායකයින් නීත්‍යනුකූල අයිතිවාසිකම් ඉල්ලයි

saman Thursday, 23 January 2025 08:55 AM

ලංකාවේ නියම ආදිවාසි සිංහලයෝ

:       1       4

Andy Thursday, 23 January 2025 12:43 PM

කල යුත්තේ වැද්දෝ ටික වනන්තරෙන් එලියට ගන්න එක යි. එයාලට එහෙම කැලේට රිංගන්න කිසිම අවශ්‍යතාවක් නෑ දැන්. වනාන්තර හූරගෙන කෑම සහ වන සතුන් දඩයම් කිරීම වහාම හැමෝටම තහනම් කල යුතුයි. අනික අපි නොදන්නා දෙයක්යැ මෙයාල වනාන්තර වල කරන දේවල් ගැන!

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හිටපු ජනපතිලාගේ වැඩි වාහන බාර දෙන්න සහන කාලයක්
2025 අප්‍රේල් මස 28 1 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දීම සඳහා කෙටි සහන කාලයක් ලබාදීමට කටයුතු කර ඇතැයි ජනාධිපති ජනාධිපති


දළදා වඳින්න ආ සැදැහැවතුන් කසල ටොන් 600ක් ගෙනල්ලා
2025 අප්‍රේල් මස 27 1098 0

දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ


දළදා වන්දනාව සාර්ථකව අවසන් වෙයි
2025 අප්‍රේල් මස 27 1824 0

වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.


මහනුවර නගර සභා සේවකයන්ට දළදා සමිඳුන් වඳින්න අවස්ථාවක්
2025 අප්‍රේල් මස 27 1403 0

දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා


සාපෙළ සිසුවියත් උසස් පෙළින් ජය ලබයි
2025 අප්‍රේල් මස 27 2282 0

අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පා


නුවරඑළිය වැසි ජලයෙන් යටවේ
2025 අප්‍රේල් මස 27 1850 0

නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 940 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 417 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 564 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site