(යොහාන් භාසුර)
ආදීවාසී ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙන් සකස් කළ පාර්ලිමේන්තු පනත් කෙටුමිපතේ ඉදිරි කටයුතු පිළිබඳව සහ ආදීවාසීන්ගේ මුලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් පවතින නීතිමය ගැටළු නිරාකරණය කිරීමට පරිසර අමාත්‍යංශය සංවිධානය කළ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ මෙනෙවියගේ සහභාගිත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
ආදිවාසී ජනතාවගේ ඓතිහාසික වටිනාකම පිලිබඳව පැහැදිලි කළ මෙම සාකච්ඡාවට සහභාගී වූ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන්, මේ වන විට ඔවුන් මුහුණ දෙන ගැටලු අග්‍රාමාත්‍යතුමියගේ අවධානයට යොමු කළේය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අනුව සකස් කළ ආදීවාසී අයිතිවාසිකම් පනත පිලිබඳවත්, ආදිවාසීන්ගේ දෛනික ජීවිතය තුළ මුහුණ දෙන ගැටළු පිලිබදවත් පැහැදිලි කළ ආදිවාසී නායකයා, මෙතෙක් පැවති ආණ්ඩු යම් යම් ක්‍රියාමාර්ග ගත්තද සිය ගැටළු වලට නිසි විසඳුමක් නොලැබුණු බවද පෙන්වා දුන්නේය.
ආදිවාසී ජනතාවේ රටේ ඓතිහාසික වස්තුවක් බවත්, ඔවුන් ආරක්ෂාකරමින් ඔවුන්ගේ අයිතීන් ආරක්ෂාකර දීම අත්‍යවශ්‍ය බවත් මෙහිදී අදහස් දක්වමින් සංස්කෘතික අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා පැවසීය.
පරිසර අමාත්‍යංශය ආදීවාසීන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් අවශ්‍ය නීති රෙගුලාසි සම්මත කරගැනීම වෙනුවෙන් අවශ්‍ය කටයුතු කඩිනමින් කරන බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සදහන් කළේය.
ඒ සඳහා පවතින නීතිමය තත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිලිබදව පරිසර අමාත්‍යාංශයේ සහ වන ජීවී දෙපාරිතමේන්තවේ නිලධාරීහු මෙහිදී පැහැදිළි කළහ.
ආදීවාසීන් යනු අපේ රටේම ජන කොටසක් බවත්, සියලු දෙනාට හිමිවන අයිතිවාසිකම් ආදිවාසීන්ටද හිමි විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙහිදී පැවසුවාය. ආදිවාසී ජන කොටසක් ලෙස ඔවුන් මුහුණ දෙන ගැටළු අවම කිරීම සඳහා පවතින නෛතික සහ තාක්ෂණික කාරණා පිළිබඳ අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරිය ඉදිරි මාස තුන තුළ ආදිවාසීන්ගේ අයිතිවාසිකම් දිනාදීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නිලධාරීන්ට පැවසුවාය.
මෙම අවස්ථාවට පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් බලගල්ල, වනජීවි අධ්‍යක්ෂ ජනරාල් සුරියබණ්ඩාර යන මහත්වරු ඇතුළු පරිසර අමාත්‍යංශය හා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නියෝජනය කරන නිලධාරීන් සහ ආදිවාසීන් පිරිසක් සහභාගී වූහ.
තම නම සහ ඡායාරූපය අනවසරයෙන් භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරිස්
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දීම සඳහා කෙටි සහන කාලයක් ලබාදීමට කටයුතු කර ඇතැයි ජනාධිපති ජනාධිපති
දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ
වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ආදිවාසීන්ගේ ගැටළුවලට මාස තුනකදී විසඳුම
Toni Thursday, 23 January 2025 12:19 PM
මාස තුනක් කියන්නේ කෙටි කාලයක්ද?
මැක්ස් Thursday, 23 January 2025 04:02 PM
රටක් අන්දපු හරිනි නෝනලාට මේ මිනිස්සු කීපදෙනා මාස තුනේ ටොපියක් දීලා රවටන එක සුළුදෙයක්...!
ඩිනිත් දීපාල් Thursday, 23 January 2025 06:59 PM
රිලව් සූට් ගහලා... ඇත්ත මිනිස්සු හීනමානයක් නැතුව පොළවේ යථාර්ථය අනුව මේ රස්නේ රටේ තමන්ගේ විදියට ඇවිත්... ද්‍රෝහී පච රැල...
Jamal Friday, 24 January 2025 04:11 AM
මාස තුනක් වැනි කෙටි කාලයකින් කියන ලයින් එක මාරයි. ලොක්කාගේම අඩි පාරේ යන අය. පව් ඇති ආදිවාසීන්.