ගව ඝාතනයට එරෙහිව මහනුවරදී ගිනි තබාගෙන අපවත්වූ බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ ආදාහනයේදී රාජ්‍ය පරිපාලන ඇමැති ජෝන් සෙනවිරත්න මහතාගේ කතාවට සිංහල රාවයෙන් යැයි කියා ගත් පිරිසක් හූ කියමින් බාධා කළහ.
ආදාහනය පැවතියේ කහවත්ත පොරෝනුව ක්‍රීඩාංගනයේදීය. දැඩි පොලිස් ආරක්ෂාව යොදා තිබිණි.
ඔබගේ කතාව මෙතනට ඕන නැහැ කියමින් ඔවුහු හූ කියන්නට වූහ.
ඇමැතිවරයා කතාව මදකට නතර කළේය. හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ඉල්ලීමක් කරමින් කියා සිටියේ ඇමැතිවරයාට කතා කිරීමට ඉඩ දෙන ලෙසයි.
ඇමැති යළිත් කතා කරද්දී හූ හඬ නැගී ආවේය.
ඇමැති ඉක්මනින්ම කතාව අවසන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමති තුමා කිව්වේ මස් කන අයට අසාධාරනයක් වෙනවා මස් නැති කළොත් කියලා. එක හරි. මේක කිව්වට හූ කියන්න තරම් නරි රංචුවක් ඇවිත් හිමි නමගේ අදාහනයට. හු කීම පහත් ක්‍රියාවක් කියලා මම ඉස්කෝලේදී ඉගෙන ගත්තා (නි)
ඩයස් මහතාගේ ප්‍රතිචාර වලින් වලින් පේනවා හොඳ බෞධයෙක් කියලා.මස් කන එක ජාතියක් ජම්මයක් නැති එකක් නොවේ.අනික් කරුන බෞද්ධයෝ හොඳ ඉවසීමක් මෙත් සිත් ඇති අය. මස් නොකන එළවලු කන අය බොහෝ ඉන්නවා ඉන්දියාවේ. හරකා (ගවයා ) ඔවුන්ගේ ශුද්ධ වස්තුවක්. නමුත් බුදු දහම සමග එය සම්බන්ධයක් නැහැ. අපේ බුදු දහමට ඉන්දියාවේ හින්දු ආගමේ බොහෝ දේවල් මිශ්‍ර වෙලා දැන්, පන්සල ඇතුලේ දේවාලය ඒකට නිදසුනක්. ඔබගේ අදහස් වලින් ඔබ බෞද්ධයෙක් නොවෙන වග මට පේන්නේ. අද අපි කන ගොඩක් දේවල සත්ව තෙල් මිශ්‍ර කරලා හදන්නේ. ලංකාවේ පලතුරු සලාදේ (පෘට් සැලඩ් ) කන කොට දාන ජෙලි එකත් ගවයාගේ ඇට මිදුළු වලින් හදන්නේ. සමහර රටවල ඒක තහනම්. ඔබ ලියා තියෙන්නේ ද්වේශ සහගත විදියට අන්තවාදී අදහස් වලින්. ඩයස් මහතාට සුබ වෙසක් සහ තුන් සරණ පතමි (නි)
දැන් ඔය මොනවා කිවුවත්, කළත් හරක් මරණ එකවත් මස් කන එකවත් නවත්වනවද නැහැනේ. හාමුදුරුවරු ඔක්කොමලා ගිනි තියාගන අපවත් වුණත් ඕවා නවත්වන්නේ නැහැ.ඔය ලොකු ,ලොකු අය කන්නේ මොනවද එතකොට? (නි)
ඒක ඇත්ත දිනේෂ් (නි)
අබිලින් කියලා අපේ ගෙවල් පැත්තෙත් හරකෙක් හිටියා (නි)
සිංහලයන්ට ගැහුවේ සිංහලුන්මයි. පෘතුගිසි, ලන්දේසි සහ ඉංග්‍රීසි සමග එක්වුණේ සිංහලයෝ (නි)
ඩයස් මල්ලි චන්ඩිය වෙලා..අනේ මාව වෙව්ලනවා බයේ. (නි)
මදැයි උනා වැඩේ ඇමති තුමාට
අපි නම් ඕනෑ මසක් කනවා. මේ රටේ මිනි මරනවා, මංකොල්ල කනවා ,දරුවෝ දුෂණය කරනවා, ගෑනු අමාරුවේ දානවා ,කස්සිප්පු ගහනවා, කුඩු ගහනවා... මේවට නැගී සිටින්නත් ඕනෑ.හරකෙක් නිසා ජීවිතය නැති කර ගන්න අවශ්‍ය නැහැ. එහෙමනම් නීති සම්පාදනය කරන්න ඕනෑනේ හැම සතෙකුටම. උම්බලකඩත් ගෙන්නන්න ඕනැ නැහැ. මොකෝ මාලුවන්ටත් පන තියෙනවනේ... (නි)
මේකේ සමහරක් අහල තිබුණා මෙච්චර දුෂණ වංචා මිනීමැරුම් වෙන එකේ ඒවා වෙනුවෙන් පෙනී හිටියේ නැතුව හරක් වෙනුවෙන් දිවි දුන්නේ ඇයි කියලා. හොඳම උත්තරේ මේකේ අදහස් දැක්කම පේනවා මේකේ උන්ගේ අදහස් එක්ක හරක්ට මතක තිබුනත් මෙයාලට නම් උන් වෙනුවෙන් මැරුණත් මතක නැති වෙන ජාතියක් කියලා.මොකද අපි වෙනුවෙන් දිවි දුන්න හමුදාවත් මතක නැති ජාතියක් නේ.අනික මුස්ලිම් අයට හරක් මස් කන්නේ නැතුව ඉන්න අමාරුයි නේ ... (නි)
මට මොකුත් පෙනුනේ නැහැ
ඔය හූව ආවේ කහවත්ත පැත්තෙන් නෙමෙයි නේද? (නි)
එයාට කතා කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුනද? (නි)
කොන්ද පන තියෙන ඇත්ත කතා කරන එක ඇමතිවරයෙක් හෝ සිටීම පිළිබදව අපේ ගෞරවය! (නි)
හාමුදුරුවෝ ගිනිතියාගත්තේ ගව ඝාතනයට පමණක් නොවෙයි, මිනිස්සු මරණ කුඩු කාරයන්ට ආරක්ෂාව දෙනවටත් එක්කයි (නි)
මිනිස්සු ඒ කල වැඩේ වැරදිද
නියම වැඩේ හු කියපු එක. මමත් හු කියනවා හු හු හු . (නි)
මේ සිද්ධියෙන් පස්සේ මට හරක් මරන උන්ගේ මස් ,ඒ කියන්නේ මිනී මස් කන්න ආසාවක් ඇති වුනා. අපේ ඇමතිතුමා ඒකට මට පූර්ණ සහයෝගය දේවී. (නි)
ඉන්දියාවේ හරක් මරන්නත් බැහැ. හරක් මස් විකුණන්නත් බැහැ. නමුත් ඕනෑ තරම් මුස්ලිම් අය ඉන්නවා. තියෙන්නෙත් සබාග ආණ්ඩු. ඉතින් අපිට බැරි මොකද හරක් මරණ එක තහනම් කරන්න? (නි)
වවුලගේ ගෙදරට ආවා නම් එල්ලිලා ඉන්න ඕනෑ (නි)
ඇමති තුමාට ඉංගිරිසි තේරිලා නැහැ වගේ. හු කීවාම ඉංගිරිසියෙන්ම උත්තර දුන්නා නම් හරි නේ. පස්සේ අතට අත දීලා හිනාවෙන්න තිබුනා. චෙරියෝ. (නි)
මේ කාගේ වැඩක්ද
දැන් තියෙන්නේ පුළුවන් තරම් හරක් මස් කන්නේ නැතිව ඉන්න. එතකොට නිකම්ම ගව ඝාතනය නතර වේවි. (ස)
ඇමතිය කතා කලේ රෙදි ඇඳගෙනද (අ)
මට නම් මොකුත් ඇහුනෙත් නැහැ දැක්කෙත් නැහැ (දී)
ඇමතිවරු මොකටද ඔතෙන්ට ගියේ? මම ළඟ හිටියා නම් පොල්පිත්තෙන් ගහන්නේ .. (නි)
මේකෙන් අපේ අයගේ මෝඩකම ප්‍රදර්ශනය වෙනවා (නි)
ඇමති තුමා පව්
මිනිස්සු මේ තරම් පිරිහිලාද
මෙහෙමත් ලෝකයක්
මිනිස්සුන්න්ට මොකද මේ වෙලා තියෙන්න (දී)
අයියෝ සල්ලි
අනුමත කරන්න බැහැ (දී)
මට ලැජ්ජයි ඇත්තමයි
මට මොකුත් ඇහුනේ නැහැ
ඔය පටන් ගැන්ම පමණයි. තව ටික කලකින් එයාලට පාරට බහින්න බැරි තත්වයක් ඒවි මේ යන විදිහට. (නි)
මොකද්ද ඊට හේතුව
අනේ අසරණ ඇමති
හු කියන්න මොකාක් හරි හේතුවක් ඇතිනේ
'සිංහල රාවයට' මගේ ස්තුතිය! (නි)
ඔන්න හු කියල ගල්ගහලා ඒ ප්‍රශ්නෙත් විසඳුවා. දැන් ඉතින් අර විදුලි බිලත් අරගෙන ආශ්චර්යය කරා යන ගමන යමු. (නි)
අනේ මම නම් සර්ව භක්ෂකයි (නි)
හු කියා ගත යුත්තේ අපටමය. මොවුන් පත් කර යැව්වේ කවුරුද? (නි)
අපි නම් ඕන මසක් කනවා. මේ රටේ මිනි මරනවා, මංකොල්ල කනවා ,දරුවෝ දුෂණය කරනවා, ගෑනු අමාරුවේ දානවා ,කස්සිප්පු ගහනවා, කුඩු ගහනවා... මේවට නැගී සිටින්නත් ඕනෑ.හරකෙක් නිසා ජීවිතය නැති කර ගන්න අවශ්‍ය නැහැ (නි)
සින්හලයන්ට අවුරුදු දෙදහස් පන්සීයකට වඩා කාලයක ඉදන් ගහනවා. ඒත් තාම වට්ටන්න බැරි වුණා. සිංහලයා වඩාත් ශක්තිමත් දුර්වල වූ විටයි. සිංහලයා ශක්තිමත් විට දුර්වලයන්ට සැලකීම දුර්වලකමක් යැයි සිතීම අණුවන කමකි (නි)
මොකටද ඒ හු කියන්නේ
සිංහලයා දැන්වත් අවදි විය යුතුයි (නි)
මළගෙදර කියලවත් බලල නැද්ද හූ කියල තියෙන්නේ (දී)
ඉතින් ඩයස්, එහෙමනම් නීති සම්පාදනය කරන්න ඕනෑනේ හැම සතෙකුටම. උම්බලකඩත් ගෙන්නන්න ඕනැ නැහැ. මොකෝ මාලුවන්ටත් පන තියෙනවනේ... (නි)
ඉතින් බල්ලෝ බිරුවහම කන්දක් පාත්වුනාද ? (නි)
මම නම් මේ වගේ හැසිරීම් වලට විරුද්දයි
ලංකාවේ එක එක රාවයේ අය කොච්චර ඉන්නවද කියලා ඒකෙන්ම ඔප්පු වෙනවා (නි)
ඔහොම වෙලා මදි. හැමදාම මිනිස්සු මේවා ඉවසන්න පුලුවන්ද? (නි)
මාර්ක්,මම ඌරු මස් තියා උම්බලකඩවත් කන්නේ නැති මනුස්සයෙක්. ඔයාලා තමයි කන්න ඕනෑ වුනාම කබරයත් තලගොයා කරගන්නේ. ජාතියක් ජන්මයක් නැතිවුනාම එහෙම වෙනවා. අපි හොඳ සිංහල බෞද්ධයෝ, නමුත් අපෙත් ඉවසීමේ සීමාවක් තියෙනවා. කරුණාකරලා අපිව සීමාවෙන් එහාට පන්නන්න එපා. එහෙම වුනොත් කාගේ කාගේත් කටවල් වල පස් තමයි. (නි)
දෙයියෝ සාක්කි
මම හරක් මස් නොකා හිටියේ.. නමුත් මේ දේවල් අහලා දැකලා මම හිතුවා එහෙම නොකා ඉන්න එකේ තේරුමක් නැහැ කියලා. දැන් ඉතින් හරක්ට දෙවියන්ගේම පිහිටයි.... (නි)
ඩයස්, ඔය හරක් මස් කන්නෙ නැති වුණාට ඌරුමස් කඩේ ලග හිටියා නේද? මොකෝ ඌ පණ ඇති සතෙක් නෙමෙයිද? (නි)
ඇති ඔයින් ගියා! (නි)
හු......හු.........හු........හු........! ඔන් නඅපිත් කිවුවා. (නි)
හු නෙමෙයි, මම හිටියා නම් ගල් ගහනවා (නි)
විකාර
ඇමති කරලා තියෙන්නේ හොද වැඩක්. ඉක්මනටම කතාව නවත්වලා. තව කතා කර කර හිටියා නම් තාමත් හූ තමා (නි)
ඇමතිවරුන්ට හු කිවුවොත් විතරක් ඇති. ළඟදීම මීට වැඩිය දේවලට මුහුණ දීමට සිදු වුනත් පුදමයක් නොවේ. කහවත්තේ මිනීමැරුම්.... හැමදාම මිනිසුන්ව රවටන්ද පුලුවන්ද? ඉස්සෙල්ලාම ගව ඝාතනය නතර කිරීමට නීති සම්පාදනය කරන්න. මේක සුළු වැඩක් අපේ ඇමතිවරුන්ට. (නි)
අන්තෝ ජටා බහි ජටා..... (නි)
ගව ඝාතනය නතර කළොත් පාර්ලිමේන්තුවේ කුස්සියට මස් කොහෙන්ද? කුකුල් මස් සහ ඌරු මස් පමණක් ඇද්ද? (නි)
කියනකොටත් හිනා යනවා
මිනිස්සුන්ගේ නොමනා හැසිරීම මම අනුමත කරන්නේ නැහැ
හු හූ හූ හූ හූ.... (නි)
එම ක්‍රියාව වැරදියි. මන්ද ඇමතිගේ කතාව කෙසේවෙතත් නැසී ගිය හිමි නමටවත් ගෞරව කිරීමට මොවුන් නොදැනුවත්ද? කවුරු වුණත් අවස්ථාවට උචිතව හැසිරිය යුතු වේ (නි)
මිනිස්සුන්ගේ වැඩ ඔබතුමා ගණන් ගන්න එපා
මිනිස්සු සදාචාර සම්පන්නද
හොඳට මතක තියා ගන්න,ඒ උදවිය නිර්මානය කරන ලද සංස්කෘතියේ ඒ අයම ගොදුරු බවට පත් වන වග. (නි)
උන්වහන්සේ කල ඒ උත්තම වදෙවත් සලකන්නේ නැතුව මින්ස්සු හු කියන හැටි
ඇයි දේශපාලකයන්ට ඔය වගේ තැන් වල කතා පවත්වන්න දෙන්නේ? (නි)
ලැජ්ජයි රට ගැන
හොදවැඩේ. හු..හු..හු... (නි)
හරකා මැරීම ප්‍රශ්නයක් නොවේ නම් මුවන් ගෝනුන් මැරීමද ප්‍රශ්නයක් නොවේ. හරකා ඇතිකර මරා මස් කෑ හැකි අතර මුවන් ගෝනුන් එසේ ඇති කරවත් මරා මස් අනුභව කල නොහැක. මුවා ගෝනා සහ හරකා අතර ඇති මේ වෙනස කුමක්ද? හරකා මැරීම තහනම් කරන විට අනෙකුත් සතුන් සතුන් නම් මුවා ගෝනා තහනම් කර ඇතිවිට හරකා තහනම් කිරීම අන්තවාදයක් වන්නේ කෙසේද ? (නි)
මම මොකුත් කියන්නේ නැහැ
හරක් කොහොමටත් මස් කන්නේ නැහැ, තණකොළ මිසක්. ඌ ශාක භක්ෂක සතෙක්! (නි)
නැවත මේවන් දේ නොවේවා
හොද වැඩේ තමයි වෙලා තියෙන්නේ (නි)
හූඌඌඌ ....... (නි)
මෙතන වැඩි හරියක් සිංහල නම්වලින් ප්‍රතිචාර දාන්නේ තම්බියෝ .කටවල් පරිස්සම් කරගෙන ඉන්න එක කාටත් හොඳයි. (නි)
අයියෝ සල්ලි
මොකද්ද ඊට හේතුව