IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ආදාහනයට රාජ්‍ය ගෞරව : සෙනසුරාදා නිදහස් චතුරස්‍රයේ

අභාප්ප්‍රාප්ත ඩබ්ලිව්.ඩී. අමරදේව හෙළයේ මහා සංගීතඥයාගේ දේහය කොළඹ නිදහස් චතුරස්‍රයේ දී සෙනසුරාදා (5) පස්වරු 6 ට ආදාහනය කරන බව ආදාහන කමිටුවේ සභාපති මහාචාර්ය සුනිල් ආරියරත්න කියයි.

දේහය වෛද්‍ය විද්‍යාලයයට බාරදීමේ තීරණය මේ අනුව වෙනස් වෙයි.  අමරදේව මහතාගේ දේහය සිකුරාදා (4) උදෑසන 9 ට කොළඹ ජයරත්න මල් ශාලාවේ සිට පෙරහරින් කොළඹ ටොරින්ටන් පෙදෙසේ නිදහස් චතුරස්‍රයට  රැගෙන යන බවත් එම පෙරහරට සහභාගී වන ලෙස අමරදේව සහෘදයන්ගෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු කියයි.

අමරදේව මහතාගේ ආදාහනය රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරිමට යයි. සිකුරාදා පෙරවරු 10 සිට පසුදා  පස්වරු 3.30 දක්වා  නිදහස් චතුරස්‍රයේ දී දේහයට අවසන් බුහුමන් දැක්වීමට  හැකි බවත් ආදාහන කමිටු සභාපති  කියයි. සෙනසුරාදා පස්වරු 3.30 ට ආගමික වතාවත් සිදු කිරිමෙන් පසුව දේහය ආදාහනය කිරිමට නියමිතය.   



අදහස් (0)

ආදාහනයට රාජ්‍ය ගෞරව : සෙනසුරාදා නිදහස් චතුරස්‍රයේ

මිගිද Thursday, 03 November 2016 11:30 AM

ඉතා වැදගත් තීරණයක් .(හේ)

:       0       0

උපාලි Friday, 04 November 2016 02:50 AM

මියගියේ නැත ඔබ.... සිහින නෙලුම් මල ජීවිත පොකුණේ .... සැමදාම අපේ දෑස අබියස පිපි වැනෙනු ඇත... (නි)

:       0       0

කෙප්ප සිරා Friday, 04 November 2016 03:12 AM

අමරදේව මහත්තයාගේ අන්තිම කැමැත්තත් වෙනස් කරලා. කගේ වැඩද? දේශපාලුවන්ගේ න්‍යාය පත්‍රයක්ද (අ)

:       0       0

මිගිද Thursday, 03 November 2016 12:47 PM

අහස ඉසව්වේ ඔබ මා දුටු වේ රිදි පහන් තරුවක් වගේ........ඒ රත්තරන් මිනිසාට නිවන් සුව පතමු (හේ)

:       0       0

සමන් Thursday, 03 November 2016 01:55 PM

එතුමාගේ ප්‍රාර්ථනය මහා පුණ්‍ය කර්මයක් වන තම සිරුර වෙද විදුහලට ලබාදීම නම් එය සිදුකල යුතුය. වෙනත් අරමුණු වෙනුවෙන් එය වෙනස් කිරීමට වෙනත් අයට හිමිකමක් නෑ.(හේ)

:       0       0

නාමල් Thursday, 03 November 2016 02:15 PM

වාසනාවන්ත ජීවිතයක් ගතකල සහ වාසනාවන්ත මරණයකින් කෙලවර වුන ඔබට ඒ අමා මහ නිවන වැඩි ඈතක නොවෙයි .(හේ)

:       0       0

ධම්ම Thursday, 03 November 2016 03:47 PM

එතුමාගේ ප්‍රාර්ථනය හා අරමුණ වෙනස්වී නැත. අප සිත් යොමුකල යුත්තේ එතුමාගේ දේහයට පරීක්ෂණ සඳහා අත තැබීමට හිත හදාගත හැක්කේ කාටද යන්නය. ඒ නිසා මේ වැඩපිළිවෙල වඩා හොඳ බව මගේ මතයයි.(හේ)

:       0       0

ආරියරත්න Thursday, 03 November 2016 03:59 PM

වාසනාවන්ත ජීවිතයක් ගතකල සහ වාසනාවන්ත මරණයකින් කෙලවර වුන ඔබට ඒ අමා මහ නිවන වැඩි ඈතක නොවෙයි. එතෙක් කල් සසර වසන තුරුම පින්වත් මිනිස් ආත්මයක් ලබා පින්කෙත මේ රන් දෙරණේ යලි ඉපදෙන්නට හේතු වාසනා වේවා ! (හේ)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Thursday, 03 November 2016 04:36 PM

මහා ගාන්ධර්වයාණනි, යුග පුරුෂයාණනි, ගීත ගෝවින්දයාණනි, දේශීය ගීතයේ උල්පත, මාධුර්යයේ දෝංකාරය. එකී මෙකී නොකී මොන වදනින් හැඳින්වුණත් ඔබගේ ප්‍රතිභාපුර්ණත්වයේ ගුප්ත බව පැහැදිලි කරන වචන මොනම ශබ්ද කෝෂයකවත් ඇද්ද කියා මට සිතාගත නොහැකියි. මිහිපිට දුක් විඳින සතසහස් සංඛ්‍යාත ජනතාවගේ දුක්ඛ දෝමනස්ස සිත සනහාලනු පිණිස ඔබ මිහිපිටට ආ සුර දුතයෙක්ද ගුරුතුමාණනි? පීඩාවටපත් මිනිසුන් සනහාලන්නට ඔබගේ වීනාව ඔබගේ ගුප්ත හඳට මුසුවී දසත සිසාරා ගලා හැලෙනවිට අප පත්වූ අමන්දානන්දය දිව්‍යය සම්පතක් වන්නේමය. (නි)

:       0       0

අන්වර් Thursday, 03 November 2016 07:41 PM

අපිට හරිම කණගාටුයි මෙතුමාගේ නික්මයාම ගැන (නි)

:       0       0

ශ්‍රියා Thursday, 03 November 2016 10:52 AM

අමරදේව මහත්තයාගේ අන්තිම කැමැත්ත අනුව එය සිදුවිය යුතුයි නේද (නි)

:       0       0

ප්‍රදීප් Thursday, 03 November 2016 09:39 PM

එතුමා වැනි අමිල කලාකරුවෙක් වෙද සිසුන්ගේ ඉගෙනීමට වුනත් අනවශ්‍ය ලෙස ප්‍රදර්ශනය නොකළ යුතුයි යන්නයි මගේ හැඟීම. ආදාහනය වඩා හොඳයි. වෙද සිසුන්ට අවශ්‍ය දේහ කොටස් ලබාගැනීමට රෝහල් වලින් පුළුවන්. ඊට අයිතිකරුවන් රැගෙන නොයන මළ සිරුරු ඇත (නි)

:       0       0

එන්.ජි.විජේපාල Friday, 04 November 2016 12:17 AM

ජාතියේ පිනට පහළ වු මැණිකක් ඔබ. විරල ගණයේ සැබෑ නිහතමානී ඔබ වැනි මිනිසුන් ජාති ජාතිත් වාසනාවන්. ඔබට නිවන් සුව! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 986 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 2021 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 1065 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 353 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1583 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 1114 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39790 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25850 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 390 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1255 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site