IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ආධුනික බොක්සිං තරගාවලියේ වැඩි ගෞරව ගුවන් හමුදාවට

කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැති  ආධුනික බොක්සිං තරගාවලියේ පිරිමි අංශයේ බර පංති 2 කින් සහ කාන්තා අංශයේ බර පංති 5 කින් ජයග‍්‍රහණ ලබාගත් ගුවන් හමුදා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ තරගාවලියේ වැඩි ගෞරව අත්කර ගැනීමට සමත් වූහ.

ශී‍්‍ර ලංකා ආධුනික බොක්සිං සංගමය විසින් සංවිධානය කරනු ලැබූ මෙම තරගාවලිය මේ මස 24 වැනිදා සිට 28 වැනිදා දක්වා කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්විණ.

තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස ලයිට් වෙල්ටර් වේට් (කිලෝ ග‍්‍රෑම් 64) බර පංතියෙන් තරග වැදුන ලීනියා කී‍්‍රඩා සමාජයේ කසුන් බටවලද දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස ලයිට් ෆ්ලයි වේට් (කිලෝ ග‍්‍රෑම් 48) බර පංතියෙන් තරග වැදුන යුද හමුදාවේ ඩබ්. එම්. සුබෝධා හේරත්ද තේරී පත්වූහ.

දක්ෂතම පරාජිතයා ලෙස යුද හමුදාවේ එච්. බී. සුසන්ත රත්නායක සම්මාන ලබාගනිද්දී දක්ෂතම පරාජිත කී‍්‍රඩිකාව ලෙස නාවික හමුදාවේ එස්. වී. රුවනි දිල්හානි සම්මාන ලැබුවාය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව, යුද හමුදාව, නාවික හමුදාව, පොලිසිය, ස්ලිම්ලයින්, යුනිචෙලා, ලීනියා, තුරුලිය, මාස් සදර්න්, සිලූටා වැනි කී‍්‍රඩා සමාජ රැුසක් නියෝජනය කරමින් කී‍්‍රඩකයෝ 217 ක් සහ  කී‍්‍රඩිකාවෝ 40 ක් මේ සඳහා සහභාගීවූහ.

පිරිමි තරග ප‍්‍රතිඵල

ලයිට් ෆ්ලයි වේට් (කිලෝ ග‍්‍රෑම් 49) බර පංතිය
පී. එම්. රණසිංහ (ලීනියා කී‍්‍රඩා සමාජය) විසින් කේ. ඒ. සඳරුවන් (සිලූටා කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදී.

ෆ්ලයි වේට් (කිලෝ ග‍්‍රෑම් 52) බර පංතිය
ඞී. ඩබ්. විජේරත්න (ගන්ධාර කීඩා සමාජය) විසින් ඩබ්. ඞී. මෙන්ඩිස් (සිලූටා කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදී.

බැන්ටම් වේට් (කිලෝ ග‍්‍රෑම් 56) බර පංතිය
ඞී. ඞී. රංගන (නාවික හමුදාව) විසින් ආර්. එම්. සමීර (නාවික හමුදාව) පරාජය කරන ලදී.

ලයිට් වේට් (කිලෝ ග‍්‍රෑම් 60) බර පංතිය
එන්. එච්. තිලකරත්න (නාවික හමුදාව) විසින් කේ. එම්. බණ්ඩාර (යුද හමුදාව) පරාජය කරන ලදී.

ලයිට් වෙල්ටර් වේට් (කිලෝ ග‍්‍රෑම් 64) බර පංතිය
බී. පී. කසුන් (ලීනියා කී‍්‍රඩා සමාජය) විසින් එච්. බී. රත්නායක (යුද හමුදාව) පරාජය කරන ලදී.

වෙල්ටර් වේට් (කිලෝ ග‍්‍රෑම් 69) බර පංතිය
එම්. ඞී. කුමාර (ගුවන් හමුදාව) විසින් සී. එම්. අබේවික‍්‍රම (ප‍්‍රභූ ආරක්‍ෂක සේවා) පරාජය කරන ලදී.

මිඞ්ල් වේට් (කිලෝ ග‍්‍රෑම් 75) බර පංතිය
එස්. බී. කෝරලගෙදර (යුද හමුදාව) විසින් එම්. ඩබ්. කුමාර (ගුවන් හමුදාව) පරාජය කරන ලදී.

ලයිට් හෙවි වේට් (කිලෝ ග‍්‍රෑම් 81) බර පංතිය
එම්. ඊ. මුදන්නායක (ගුවන් හමුදාව) විසින් කේ. එච්. ප‍්‍රියංකර (ගුවන් හමුදාව) පරාජය කරන ලදී.

හෙවි වේට් (කිලෝ ග‍්‍රෑම් 81) බර පංතිය
ඩබ්. පී. වෙත්තසිංහ (යුද හමුදාව) විසින් ඒ. ඞී. ෆොන්සේකා (නාවික හමුදාව) පරාජය කරන ලදී.

සුපර් හෙවි වේට් (කිලෝ ග‍්‍රෑම් 81) බර පංතිය
ආර්. ඩබ්. රත්නදිවාකර (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) විසින් ආර්. කුමාර (පොලිසිය) පරාජය කරන ලදී.

කාන්තා තරග ප‍්‍රතිඵල

ලයිට් ෆ්ලයි වේට් (කිලෝ ග‍්‍රෑම් 48) බර පංතිය
ඩබ්. එම්. සුබෝධා හේරත් (යුද හමුදාව) විසින් කුමුදු වාසනා (තුරුලිය කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදී.

ෆ්ලයි වේට් (කිලෝ ග‍්‍රෑම් 51) බර පංතිය
ඩබ්. එම්. හේරත් (ගුවන් හමුදාව) විසින් එස්. වී. රුවනි දිල්හානි (නාවික හමුදාව) පරාජය කරන ලදී.

බැන්ටම් වේට් (කිලෝ ග‍්‍රෑම් 54) බර පංතිය
ජී. ටී. රණවීර (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) විසින් පී. ඒ. පස්යාල (ගුවන් හමුදාව) පරාජය කරන ලදී.

ෆෙදර් වේට් (කිලෝ ග‍්‍රෑම් 57) බර පංතිය
කේ. ඒ. කලූආරච්චි (ගුවන් හමුදාව) විසින් එන්. ඒ. ජයවීර (ගුවන් හමුදාව) පරාජය කරන ලදී.

ලයිට් වේට් (කිලෝ ග‍්‍රෑම් 60) බර පංතිය
වයි. එම්. අබේරත්න (ගුවන් හමුදාව) විසින් ආර්. ටී. තල්ගස්පිටිය (ලීනියා කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදී.

ලයිට් වෙල්ටර් වේට් (කිලෝ ග‍්‍රෑම් 64) බර පංතිය
කේ. ඒ. කෞශල්‍යා (ගුවන් හමුදාව) විසින් එච්. යූ. ප‍්‍රනාන්දු (සිලූටා කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදී.

වෙල්ටර් වේට් (කිලෝ ග‍්‍රෑම් 69) බර පංතිය
බී. ඩබ්. එදිරිසිංහ (ගුවන් හමුදාව) විසින් ජී. එච්. දම්රුවන් (ගුවන් හමුදාව) පරාජය කරන ලදී.

මිඞ්ල් වේට් (කිලෝ ග‍්‍රෑම් 75) බර පංතිය
එච්. එම්. හේරත් (ලීනියා කී‍්‍රඩා සමාජය) විසින් ඒ. එම්. අතපත්තු (තුරුලිය කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදී.

හෙවි වේට් (කිලෝ ග‍්‍රෑම් 81) බර පංතිය
එස්. කේ. සේනාරත්න (ලීනියා කී‍්‍රඩා සමාජය) විසින් අචිනි උමේෂා (පොලිසිය) පරාජය කරන ලදී.

ඡයාරූප - ශානුක අරවින්ද

දක්ෂතම කී‍්‍රඩකයා බී. පී. කසුන් බටවල (ලීනියා කී‍්‍රඩා සමාජය)...

 

දක්ෂතම පරාජිතයා වූ එච්. බී. සුසන්ත රත්නායක (යුද හමුදාව) ජෑස් ගුණසිංහ මහතා අතින් කුලානය ලබා ගත් අයුරු...
 

දක්ෂතම කී‍්‍රඩිකාව ඩබ්. එම්. සුබෝධා හේරත් (යුද හමුදාව) ජෑස් ගුණසිංහ මහතා අතින් කුලානය ලබා ගත් අයුරු...

දක්ෂතම පරාජිකාව එස්. වී. රුවනි දිල්හානි (නාවික හමුදාව) ජෑස් ගුණසිංහ මහතා අතින් කුලානය ලබා ගත් අයුරු...

 



අදහස් (0)

ආධුනික බොක්සිං තරගාවලියේ වැඩි ගෞරව ගුවන් හමුදාවට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු පහළට
2024 ඔක්තෝබර් මස 01 267 0

ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.


නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 110 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 162 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 178 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 160 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 68 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38363 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25285 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 867 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site