රණසිංහ ප්‍රේමදාස ආදර්ශය අනුව යමින් ඉවසීමෙන් ප්‍රශ්න විසඳා ගනිමින් පක්ෂය හා රට වෙන්වෙන් කැප වන්නැයි සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටින බව ගිරාඹේ රාමඥඤ්ඤ මහා නිකායේ අනු නා හිමියෝ කොළඹ ජාතික පුස්කාල ප්‍රෙල්ඛන සේවා මණ්ඩලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
ප්‍රේමදාස මන්ත්‍රීවරයාට එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වී තනි ගමනක් නැති බවත් පක්ෂයේ නායකත්ව මණ්ඩලය සමඟ එක්වී ගමනක් යන්නට තවමත් ඔහුට අවස්ථාව ඇති බවත් ආනන්ද අනු නා හිමියෝ අවධාරණය කළහ.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ඉතා ප්‍රගතිශිලී අයුරින් සිදු කෙරෙන බවද පැවසු උන්වහන්සේ මහා සංඝරත්නයේ සම්පුර්ණ ආශිර්වාදය ඊට ලැබී තිබෙන බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාගලි, ඔබ කියනවා වගේ අතීතයේ පටන් හිමිවරු දේශපාලනය කළා. නමුත් බුදුන්ගේ කාලයේ බුදුන් අනුශාසනා කළේ ජනතාවටයි (නි)
හාමුදුරුවනේ මොනා වුනත් සජිත් වට්ටන්න හිතන්නෙපා. ඊලග ජනපති සජිත්. රටේ බහුතරය ඔහු සමගයි.(නදී)
සජිත් වීරයාණනි, ඔබේ පියා ගිය අඩි පාරේ යමින් ආමර් වීදියට අවතීර්ණ වන්න. ඉතුරු හරිය දෛවය බලා ගනීවි. (නදී)
මේ පිටුවෙන් බෞද්ධ විරෝධී බලවේග ගැන විවේචනය කරන්න තහනම්. මේ වාරණයත් සමගත් ජීවත් වෙන්න පුරුදු වෙමු. (නදී)
පලක් නැහැ කියලයි මම හිතන්නේ. මොකද කියල කියනවා නම් ප්‍රේමදාස ආදර්ශය රනිල් මහත්තයා ඇතුළු කණ්ඩායම පිළිගන්නේ නැහැනේ. අනික සජිත් මහත්තයට ඔය නායකත්ව මණ්ඩලය ඇලජික් .. (ස)
ඉදිරියට කුමක් සිදුවේවිද? (නි)
හාමුදුරුවනේ, ඔබවහන්සේලා සියලු දෙනාම එකම මතයේ ඉන්න. (නි)
බලමු මොකද වෙන්නේ කියලා (නි)
සජිත් මහත්තයා මේ අවවාද අසයිද? (නි)
ලංකාවේ පාලකයන්ට හාමුදුරුවන් අදහස් ඔවදන් දීම අයත් වෙන්නේ බෞද්ධ සංස්කෘතියට මිස බේෟදධ දර්ශනයට නොවේ.බෞද්ධ දර්ශනය අනුව පැවිද්දන් අනිත්‍යය ගැන මිස කෙළෙස් වැඩීම ගැන දේශනා නොකළ යුතුයි.බුදුන් වදාළේ දර්ශනය මිස සංස්කෘතිය නොවේ (නි)
සජිත් මහතාණෙනි, ඔබතුමා ඉවසීන. පක්ෂය ගොඩනගා ජය මාවතකට ගන්න. ඔබට ජය නියතයි (නි)
බලමු මොකද වෙන්නේ කියලා (නි)
එතුමා අවවාද පිළිගනීවිදැයි අපි බලා සිටිමු (නි)
මීනා, මම කිව්වේ නැහැ හිමිවරු දේශපාලනය කළා කියලා. හොදට බලන්න.සියල්ලන්ටම රට වෙනුවෙන් අවවාද අනුශාසනා දුන්නා,රජවරුන්ට පවා. හැමදේටම හිමිවරු මුලසුන ගත්තා. අතීතයේ හිමිවරු දේශපාලනය කළේ නැහැ. රට වෙනුවෙන් අවවාද අනුශාසනා දුන්නා පමණයි (නි)
හාමුදුරුවෝ දේශපාලනයට සම්බන්ධ වෙනවාට මම නම් අකමැතියි (නි)
අතීතයේදීත් ස්වාමින් වහන්සේලා අපේ රජවරුන්ට අනුශාසනා කළා (නි)
අනේ මන්ද අපිට ආශීර්වාද කරනවා. අපි අහනවා. ඒත් වෙච්ච හොඳක් නම් අපිට පෙන්න නෑ. (ස)
කොහොමත් සජිත් මහත්තයා ඉවසීමෙන් කාලය එනතුරු සිටීම වටිනවා. ඉවසීමෙන් සැනසීම ලැබේ (නි)
හාමුදුරුවනේ,ඔය උපදේශ රනිල් මහත්තයටත් දෙන්න.(නදී)
දැන් ඉතින් එතුමා අහයිද? (නි)
ඒක හොදයි (නි)
සජිත් ඉටු කරන්නේ ආණ්ඩුවේ කොන්ත්‍රාත් එකක්. ඒ හින්ද එයාට ඕව ඇහෙන්නේ නෑ.(නදී)
දැන් ඔබෙ සම්පුර්ණ අවදානය යොමු කරගෙන එකමුතුව සාමකාමිව පක්ෂය ගොඩ ගෙන ඉදිරි ගමනක් කරා පිය තබන්න. එවිට ඔබට ජනතා සයෝගය නොවඩුව ලැබෙන බව සහතිකයි. වෛරයෙන් වෛරය නොසන් සිඳේ. (ස)
ඔබ තුමන්ගේ දේශපාලන අනාගතය තනියම යන්න හදන ගමන නිසා තනි වෙන්න පුළුවන්. ඔබ තුමා කියන විදියටම හැම දෙනාම එකතු කරගෙන මේ ගමන යන්න ඕනෑ. හැමදෙනාම එකතු වෙනකොට ඔබතුමා මග හරින එක නිසා ඔබතුමන්ටත් කවදාවත් කවුරුත් එකතු කරගෙන ගමනක් යන්න බැරි වෙනවා. (ස)
රානි, මහණ වෙන්නේ සංසාරෙන් එතෙර වෙලා නිවන් දකින්න විතරක් නෙමේ.එදා ඉඳලම අපේ ස්වාමින් වහන්සේලා රට වෙනුවෙන් අවවාද අනුශාසනා දුන්නා. ඒවා අදටත් වලගුයි. හොඳ නරක කියන්න තමයි අපේ හාමුදුරුවන් ඉන්නේ. නොදන්නා දේවල් කතා කරන්න එපා.අපේ නිදහස වෙනුවෙන් පවා අතීතයේ ස්වාමින් වහන්සේලා සටන් කළා. (ස)
හාමුදුරුවනේ ඔබ වහන්සේලා ඔය සිවුර දාගත්තේ දේශපාලන අනුශාසනා කරන්න නෙවෙයි නේද. (ස)
හමුදුරුවොන්ටත් මේකේ ඇත්ත තත්වය තේරෙන්නේ නෑ වගේ. (ස)
මහණ වෙන්නේ සංසාරෙන් එතෙර වෙලා නිවන් දකින්න මිසක දේසපාලන පක්ෂ වලට ආශීර්වාද කරන්ට නොවේ කියලයි මන් නම් හිතන්නේ. නමුත් මේක ලංකාවනේ.... (ස)
වැඩක් නැහැ හාමුදුරුවනේ තේරුම් ගන්න උවමනාවක් නැහැ. (ස)
හාමුදුරුවන්ට තියෙන්නෙ බණ කියන්න. හැබැයි දේශපලන බණ නෙමෙයි. (ස)
මමත් කියන්නේ ඔබ තුමා පක්ෂයේම ඉන්න. ඔබට හොඳ අනාගතයක් තියෙනවා. (ස)
නියමයි....ඔහොම යන් (ස)