IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ආන්නද ජනක නොවන වැඩක් කරයි

ලබන වසරෙදී දරුවකු පාසලට ඇතුළු කරලීම සදහා මවකගෙන් ලිංගික අල්ලසක් ගැනීමට තැත් කළැයි සැකපිට  කොට්ටාව ආනන්ද විදුහල්පති  වේරැහැර හෝටලයකදී අල්ලස්  හෝ දුෂණ විමර්ශන  කොමිසම  විසින් අද (05) අත්අඩංගුවට ගනු ලැබීය.

විදුහල්පති තමාගෙන් මෙවැනි  ඉල්ලීමක් කළ බව දරුවාගේ මව අල්ලස් කොමිසමට දන්වා තිබිණි.ඇය හා විදුහල්පති හෝටල් කාමරයේ සිටියදී  අත්අඩංගුවට ගෙන තිබේ.

 

 



අදහස් (0)

ආන්නද ජනක නොවන වැඩක් කරයි

අස්මිත් Friday, 06 September 2013 10:06 AM

ලංකාවේ ගණිකා මඩම් නීතිගත කරලා, ඇමතිකම බන්දුල පෙරේරාට දුන්නා නම් තමයි හොද! (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 05 September 2013 08:13 PM

කොහොමත් රත්නමාලි දන කොමෙන්ට්ස් බැලුවම තේරෙනවා පරණම රස්සාව කරන කෙනෙක් කියලා.(නදී)

:       0       0

පද්මිණී Friday, 06 September 2013 10:14 AM

බන්දුලගේ කතාවේ ඇත්තක් නැත්තෙත් නැහැ වගේ. ඔන්න කිවා.(නදී)

:       0       0

සුරාජ් Thursday, 05 September 2013 08:37 PM

ගාල්ලේ විදුහලක ඉන්න විදුහල්පති කෙනෙකුත් මේ අල්ලස ගන්න කෙනෙක්. (නදී)

:       0       0

මරා Thursday, 05 September 2013 08:44 PM

අන් ඇති බත්කන පෙරේරා විදුහල්පතිගේ මල්ලි වගේ.(නදී)

:       0       0

මහින්ද Thursday, 05 September 2013 09:03 PM

රත්නමාලී ඔයා හරි. ඔය මෝඩ කතා කියන බන්දුල ළඟදීම අංගොඩ අරින්න වෙනවා.(නදී)

:       0       0

පද්මසිරි Thursday, 05 September 2013 09:06 PM

අපේ රටේ දුෂණ,මංකොල්ලකෑම්,ළමා අපචාර, මිනීමැරුම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, වැනි දුරාචාර කරන්නුන් දන්නවා රටේ පවතින නීති හා දඩුවම් ගැන. එස්.බී. දිසානායක ඇමතිතුමා කරපු එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන යෝජනාව ඉක්මන් කරනවානම් හොදයි.(නදී)

:       0       0

චින්තක Thursday, 05 September 2013 09:07 PM

ගුරුගේ මහත්මයාගේ කතාව හරි කළුතර අධ්‍යාපන කන්තෝරුව ඔය වගේ , කොලඹ ප්‍රසිද්ද විද්‍යාලයක හිටපු විදුහල්පතිවරයෙක් ඔය වැඩේම කරලා සල්ලිත් අරන් විශ්‍රාම සුවයෙන් ඉන්නවා. කාට කියන්නද?(නදී)

:       0       0

මායා Thursday, 05 September 2013 10:03 PM

පිළියන්දල පැත්තේ විදුහල්පති කෙනෙක් ඉන්නවා. එයා විභාග දුෂණයට අහුවුණා. නමුත් දැන් අගේට ඉන්නේ විදුහල්පති විදිහටම. කාට කියන්නද? (නි)

:       0       0

තිලක් Thursday, 05 September 2013 10:05 PM

නිදහස් වෙලා ඇවිල්ලා වයඹ ඡන්දයට උදවු කරන්න (නි)

:       0       0

නන්ද Thursday, 05 September 2013 10:10 PM

"විද්‍යා දදාති විනයං" (ඉගෙනුම මගින් හික්මීම ලබාදේ) කියා කිවුවාට බැලුවහම විද්‍යාව ලබා දෙන අය ළඟ කිසිම හික්මීමක් නැහැ.කලක් අපේ රට තුල ධාර්මිෂ්ට සමාජයක් බිහිකළා.වරක්, නැති බැරි අය ඇති හැකි අය බවට පත් කළා. දැන් "පිළිවෙතින් පෙළ ගස්සනවා" මේ දේවල්වල ප්‍රතිඵල දැන් ඇස් පනාපිටම පෙනෙන්න තිබෙනවා. (නි)

:       0       0

කුමාරිහාමි Friday, 06 September 2013 11:27 AM

මහින්ද ජයසිංහ ජෝසෆ් ස්ටාලින් දැන් මොකද කියන්නේ?(නදී)

:       0       0

සිල්වා Friday, 06 September 2013 05:55 PM

එයා එස්.එම්.එස්. ගසාද නිලධාරීන් ගෙන්වාගෙන තියෙන්නේ? (නි)

:       0       0

ටිකිරි බංඩා Thursday, 05 September 2013 10:50 PM

රත්නමාලී, ඔයා අහලා තියෙනවද මේ ලගදී පිස්සන් කොටුවෙන් දේශපාලන රැකවරන මත පිස්සෙක් එළියට පැනලා ගියා කියලා. ඒ කව්රුවත් නෙමෙයි බන්දුල පෙරේරා.(නදී)

:       0       0

ටිකිරි බංඩා Thursday, 05 September 2013 10:53 PM

ලංකාවේ ගණිකා වෘත්තිය නීති ගත කරලා, ඒ වගේ තැනක කළමනාකර වැඩක් බන්දුල පෙරේරාට දුන්නනම් මේ ප්‍රශ්නය මේ තරම් ඔඩු දුවන්නේ නැහැනේ.(නදී)

:       0       0

රත්නමාලි Thursday, 05 September 2013 10:55 PM

බන්දුල කියන ඔල මොට්ටලයානෙනි, මම පැරණිම රැකියාව ආසාවෙන් තෝරා ගත්තා නොවේ. ඕගොල්ලෝ අපව ආශ්චර්යකට කියා යොමුකර තිබෙන්නේ ඒ තැනට. ලොරියේ වාරිකය ගෙවා ගන්නත් අඹු සැමියෝ එකතු වෙලා මේවා කරන පුවත් ඔබ නොදුටුවා වෙන්න පුළුවනි. මොකද කොහොමත් ඔබ අන්ධයි නේ.(නදී)

:       0       0

රත්නමාලී Thursday, 05 September 2013 10:55 PM

බන්දුල,ඕගොල්ලෝ අපව ආශ්චර්යකට කියා යොමුකර තිබෙන්නේ ඒ තැනට. (නි)

:       0       0

සෙනරත් Thursday, 05 September 2013 11:23 PM

ප්‍රියංගනී, ඔයා වගේ ප්‍රශ්න තියෙන අයට උදවු කිරීමට තමා කොට්ටාවේ ආනන්ද විදුහල්පතිතුමා වගේ අය අනුකම්පාව පෙරදැරිව උත්සාහ කරන්නේ. මටත් ඉස්සර ඔහොම ප්‍රශ්නයක් ආවා. විදුහල්පතිනියක් සිටින පාසලක් සොයාගත්තා නම් හරි. (නි)

:       0       0

විජේ Friday, 06 September 2013 12:15 PM

මේවට එක හේතුවක් තමයි දෙන දඩුවම අඩුවීම. මුළු රටටම පෙනෙන්න හොද අමතක නොවෙන දඩුවමක් දුන්නා නම් ආයේ කවදාවත් මෙහෙම වැරදි කරන්නේ නැහැ. (නි)

:       0       0

නිර්මාල් Thursday, 05 September 2013 11:48 PM

එතනට ගිහින් වැදගත් විදියට හිටියා නම් විදුහල්පති ඕවා අහන්න යන්නේ නැතිවෙන්නත් තිබුණා. අනික එයා හා කියපු නිසානේ ආවේ. (නි)

:       0       0

රත්නමාලී. Friday, 06 September 2013 12:17 PM

අතුල බණ්ඩාර,කරුණාකර ඔබ නොදන්නා දේ ගැන කතා නොකර දන්නා දෙයක් කතා කරන. (නි)

:       0       0

ප්‍රියන්ත Thursday, 05 September 2013 11:56 PM

රත්නමාලි ඕක දාන පාරමිතාවක් නෙමේ කියලා බුදුන් දේශනා කරලා තියෙනවා. නිකන් පිනට දහමට කැමති බවලත් උදවියට වැරදි වැටහීම් ඇතිකරන්න එපා. දන්නවනේ කට්ටිය පින් දෙන්න පොරකයි. (නදී)

:       0       0

රෝහණ Friday, 06 September 2013 12:27 PM

ඒ අම්මා මොනවා හරි දෙයක් කරන්න පුළුවන් බලපුළුවන්කාර කෙනෙක්. නැත්නම් එයා බිලි වෙනවා.මම දන්නා අම්මා කෙනෙක් අකමැත්තෙන් එක්තරා විදුහලක උප විදුහල්පතිතුමා සමග එක දවසකට ගියා තමාගේ පුතාව දාගන්න. (නි)

:       0       0

අතුල බණ්ඩාර Friday, 06 September 2013 12:20 AM

රත්නමාලි එකේ ඉන්නේ ගැහැණියක් වගේ ප්‍රතිචාර දමන නපුන්සක මහතෙක්. එය වැටහුනේ ඔහුගේ හැම තැනම දාපු ප්‍රතිචාර දැක්කම. මන් හිතන්නේ බොරැල්ල හන්දියේ අසල නපුන්සක වත්තේ කෙනෙකු වගේ. ඉන්න තැන දන්නවනම් අපේ ඊළඟ ඩාන්ස් එකට නටන්න ගන්නවා.(නදී)

:       0       0

ජූඩ් Friday, 06 September 2013 12:49 AM

මේක නවත්වන්න ඕනෑ නම් හැම විදුහලකටම පිරිමි විදුහල්පතිවරුන් ඉවත්කර ගැහැණු විදුහල්පතිවරියන් පත් කළ යුතුයි. අධ්‍යාපන ඇමතිතුමනි, මේ ගැන ඔබගේ අවදානය යොමුකරන මෙන් ඉල්ලමි (නි)

:       0       0

ෆ්‍රෑන්සිස් Friday, 06 September 2013 02:45 AM

එතකොට හෝටල්වල පත්වීම් දෙන දේශපාලන මහත්තුරු අල්ලන්නේ නැද්ද? (නි)

:       0       0

දයා Friday, 06 September 2013 03:15 AM

අපි වටකරලා පොලිසි වලට අරගෙන ගිහිල්ලා හිරකරපුවහම මහත්තුරුන්ට යන්න තැන් කොහෙද තියෙන්නේ? මේවා තව ඉස්සරහට ගොඩක් පෙනෙයි. (නි)

:       0       0

උපාලි Friday, 06 September 2013 03:20 AM

සමහර විදුහල්පතිවරු ඔය වැඩේට පුරුදුවෙලා ඉන්නේ. ගොදුර ඩැහැ ගන්න පහසු නිසා. කතාවක් තියෙනවනේ "බල්ලා සිංහාසනේ තැබුවත් .... දැක්කාම බැහැලා දුවනවා" කියලා. විදුහල්පති පුටුවේ හිටියත් එච්චර තමයි. (නි)

:       0       0

සෑම් Friday, 06 September 2013 01:54 PM

ඔය අම්මා හෝටලේ ඇතුලේ ඉන්නකොට නේද ඇල්ලුවේ.එයාද එතකොට ඔත්තුව දුන්නේ? එහෙම නම් එයා නුවණක්කාරයි. අහම්බෙන් පොලිසියට අහුවෙලා ඔය කතාව කිව්වා නම් වෙලා ඇත්තේ වෙන දෙයක්. (නි)

:       0       0

සෙන්තිල් Friday, 06 September 2013 03:54 AM

කොහොමත් ඉතින් විදුහල්පති සමග කාමරයට ගිහිල්ලනේ! (නි)

:       0       0

රෝහන Friday, 06 September 2013 02:10 PM

මාගේ සහතික ඇත්ත අදහස පල නොකලාට ලංකාදීප පත්තරේට තුති.(නදී)

:       0       0

සිරිලාල් Friday, 06 September 2013 05:07 AM

හොඳ ගුරුවරුන්ට අපකීර්තියක් (නි)

:       0       0

සාමා Thursday, 05 September 2013 06:00 PM

ලංකාවේ වත්මන් යුගයේ ශ්‍රේෂ්ඨතම කාන්තාව ලෙස මේ තැනැත්තිය නම් කළ යුතුයි. (නි)

:       0       0

ප්‍රියාන් Thursday, 05 September 2013 06:01 PM

අල්ලස ගත්තාද කියලා පැහැදිලිද? (නි)

:       0       0

සමන් Thursday, 05 September 2013 06:04 PM

රටට මොකද වෙන්නේ?(නදී)

:       0       0

කුමාර Thursday, 05 September 2013 06:04 PM

විදුහල්පති වරුන්ට හමුදා තනතුරු දීම වහාම නැවත්විය යුතුයි.(නදී)

:       0       0

විජේසිංහ Thursday, 05 September 2013 06:06 PM

ගොඩක් ඉස්කෝලවල ඉගෙනගන්න අවශ්‍ය පහසුකම් නෑ. එතකොට මෙවැනි දේවල් ඇතිවීම වලක්වන්න බෑ. මේ කාන්තාව බුද්ධිමත් නිසා බේරුනා. නමුත් කී දෙනෙක් මේ උගුල් වලට අහු වෙලා ඇතිද ? රටේ දුප්පත් කම නැති කරන්න හොදම විසදුම හොද අධයාපනයයි. මේවට හඩ නගන්න කව්රුත් නෑ. හරක් වෙනුවෙන් කෑ ගහන අපි මේවට නිහඩ ඇය් ?(නදී)

:       0       0

ටිරල් Friday, 06 September 2013 05:27 AM

විදුහල්පති තව බොහෝ දෑ ඉගෙනගත යුතුය. (නි)

:       0       0

ගුරුගේ Thursday, 05 September 2013 06:06 PM

ඔන්න හැබැයි උසස් වීමක් දීලා අධ්‍යාපන කන්තෝරුවට නම් දාන්න එපා. (නි)

:       0       0

දිනේෂ් Thursday, 05 September 2013 06:10 PM

රටකට ගිය කලක්. ප්‍රියාන් නිකන් මෝඩ ප්‍රශ්න අහන්න එපා. උපරිම දඬුවම් දිය යුතුය.(නදී) .

:       0       0

වසන්ත Friday, 06 September 2013 06:16 AM

බන්දුල මහත්තයෝ, ඔයා නම් නියමයි අනේ. අගර දඟර වලට එහෙම අහුවෙන්න එපා. (නි)

:       0       0

චාන් Friday, 06 September 2013 06:22 AM

ආදර්ශමත් එඩිතර මවක්. අනිත් මව්වරුන් මෙම උගුලෙන් බේරා ගත්තාට ඔබට පින් (නි)

:       0       0

රුවන් Thursday, 05 September 2013 06:13 PM

මේ වසංගතය රටේ හැමතැනම වෙනවා. අනෙකුත් කාන්තාවන් වෙනුවෙන් මෙම අම්මා ගත් පියවර 100%ක් හොඳ දෙයක්.මෙවැනි කාන්තාවන් සිටීමත් සතුටක්. (නි)

:       0       0

දයාල් Thursday, 05 September 2013 06:18 PM

තම දරුවන් වෙනුවෙන් මොහුට ගැහැනු කී දෙනෙක් බිලිවී ඇද්ද? (නි)

:       0       0

හංස Thursday, 05 September 2013 06:21 PM

විහාර මහා දේවියගෙන් පස්සේ තව එක්කෙනෙක් ගැන ඇහුවා. සතුටුයි ඒකට. (නි)

:       0       0

සෙනවි Friday, 06 September 2013 07:42 AM

මේකට එකම විසඳුම පාසල් අතර තිබෙන පන්ති බේදය වලක්වන එක. මේ පන්තිබේදය ඉදිරියට ගෙනියන්නේ ආදිශිෂ්‍ය සංගම්, ඇතැම් දෙමව්පියෝ, දේශපාලඥයන් මොවුන් ජීවත්වෙන්නේ මේකෙන් රජය තමන්ගේ කොටස ආදි ශිෂ්‍ය සංගම්වලට භාරදිලා තියෙනවා. මේවා අටවගෙන තියෙන්නෙ අවංකවම පාසල සංවර්ධනයටද?  ළමුන් ඇතුලත්කිරිමේ බලය අතට අරගෙන වාසිගන්නද කියන එක තීරනය කරන්න ඔබම. මේ ලංකාවේ ඇතුලෙ උපන්නම් හැමටම අයිතියක් තිබෙනවා ඕනම පාසලකට යන්න ඒවට ඉඩ පහසුකම් නැත්නම් මොනවා හරි නිර්නායකයක් හදන්න ඕන. ඒ නිරිනායකය ආදි ශෂය සංගම් විදුහල් පතිට අල්ලස් දීම පාසලට කරන පරිත්‍යා විය යුතු නැහැ. හොඳම දෙය ළමයාගේ බුද්ධිය. මම හිතන්නේ ඒක නිසා ඹය කියන ජනප්‍රිය පාසල් වල 6 වෙනකම් පන්ති වහලා වෙනත් පාසැල් වලට ළමුන් ඇතුලත්කිරීමට පොළඹවලා විභාගයකින් ළමුන් තොරන ක්‍රමයක් වගේ දෙයක් හොඳයි. එහෙම කරන බලන්න. ඔය කියන ආදි ශිෂ්ය සංගම් වලට මොකද වෙන්නෙ කියලා. මම ඒ පාසලට ගියා කියල මගේ දරුවට ඒක උරුම විය යුතුනැහැ. මේකද උදේ හවස බුදුන් වඳින බුද්ධාගමේ හරය.(නදී)

:       0       0

ටිරල් Thursday, 05 September 2013 06:34 PM

දැන් ළමයව ගන්නවද? (නි)

:       0       0

ප්‍රියංගනී Thursday, 05 September 2013 06:44 PM

අනේ මගේ දරුවාටත් තාමත් පාසලක් ලැබුනේ නැහැ.ගමේ පාසලෙනුත් ලකුණු කැපුවා අපේම නමින් ඉඩමේ ඔප්පුවේ නම නැහැ කියලා.වෙන රටවල් වල නම් මේ වැඩ නැහැ.එක්කෝ ගොඩක් මුදල් ඉල්ලනවා.ගොඩක් සල්ලි තියෙනවා නම් අපටම කියලා ගෙයක් දොරක් තියෙනවනේ.ගොඩක් මුදල් කොහෙන් දෙන්නද?අපේ පඩිය මාසේ කන්න බොන්නත් මදි. ඒ මදිවට ලයිට් බිලුත් දැන් වැඩිනේ. (නි)

:       0       0

මරා Thursday, 05 September 2013 06:50 PM

තව ළමයෙක් හම්බ වුණා නම් හෝටල් කාමරේදී ඒ ළමයව පාසලට දාගන්න්න ආයෙත් හෝටල් කාමරේකට යන්න වෙනවා. නොනවතින ක්‍රියාවලියක්. දිසපාමොක්ලට වෙලා තියෙන දේවල්. අපේ කෙනා නම් තීන්ත ටින් 5ක් ඉල්ලුවා. (නි)

:       0       0

මොහාන් Thursday, 05 September 2013 06:53 PM

ලබන වාරයේ ප්‍රාදේශීය සභාවට ඉල්ලන්න (නි)

:       0       0

වරුණ Friday, 06 September 2013 08:12 AM

අනේ මන්දා. විදුහල්පතිවරු මෙහෙම ශරීර උදවු ඉල්ලන්න ගියොත් අපේ ළමයි ඉස්කෝලේ දාගන්න මොනවා දෙන්න වේවිද දන්නේ නැහැ. (නි)

:       0       0

ලුම්බිණි Friday, 06 September 2013 08:19 AM

පාසල් වලට සිසුන් ඇතුලත් කෙරීමේ ක්‍රමය දුෂණ වලින් පිරුණේ අද ඊයේ නොවෙයි. මේ ක්‍රමය වෙනස් කරන්න දිගු කාලින වැඩ පිළිවෙලක් තුලින් පුළුවන්. අවාසනාවකට වගේ එම දෙය කරන්න කෙනෙක් නැති වීමයි ප්‍රශ්නය. (නදී)

:       0       0

රන්ජිත් Thursday, 05 September 2013 07:02 PM

මේ මව නම් පිදිය යුතු මවක්. ඒ පවුල ඉදිරියේ ඇති වෙන ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දෙමු කියලා හිතලා මේ වැඩේ දුෂ්ටයින්ට පාඩමක් උගන්වන්න නීතියට අල්ලා දීම ඉතාමත් වටිනවා. ඇත්තටම විහාර මහා දේවි පවුලේ කෙනෙක් තමා. ඔබ සැමට ඉදිරියේදී කරදර ඇති වුණොත් අපි ඔබ සමග බව මතක් කරමි. සතුටින් සිටින්න. දරුවට යහපතක්ම වේවා. ලංකාදීපයට ස්තුති වේවා. (නි)

:       0       0

අස්මිත් Friday, 06 September 2013 08:24 AM

එඩිතර නුවණක්කාර මවක්. මෙය ඔහුගේ වරදක් නොවේ. සමාජයේ වරදයි.ඉදිරියේදීත් මෙවන් අපරාධ ඇසීමට දැකීමට අපට සිදුවේවි (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 06 September 2013 08:28 AM

සෙනෙවි මහත්තයා අවශ්‍ය දේ ඉතාමත් පැහැදිලිව ගලපලා දීලා තිබෙනවා.සිදු විය යුත්තේ එම දෙයයි. මමත් ඔතන හිටියා නම් නිකන් ලැබෙනවා නම් මාත් අරගෙන මෙලහකට කුඩුවේ පොලු ගනිනවා වෙන්නත් පුළුවන් (නි)

:       0       0

ඉම්රාන් Thursday, 05 September 2013 07:16 PM

විදුහල්පති මෙහම නම් අපේ සමහර ගරු දේශපාලකයන්ගේ වැඩ කොහොම ඇද්ද? (නි)

:       0       0

ඇසළ Thursday, 05 September 2013 07:18 PM

විදුහල්පති කිවුවොත් නින්දෙන් ඇවිදගෙන හෝටල් කාමරේට ගියා මිසක් දැනුවත්ව එහෙම කළේ නැහැ කියලා? දෙමවුපියන්ට මෙහෙම කරනවා නම් ඉගෙන ගන්න දරුවන්ට මොනවා කරනවා ඇද්ද? (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 05 September 2013 07:25 PM

විදුහල්පති තුමා හොද පාඩමක් කියා දීලා.(නදී)

:       0       0

රත්නමාලී. Thursday, 05 September 2013 07:39 PM

පාසලකට දරුවෙක් ඇතුලත් කරන්න,සුදුසුකම් තිබුනත් රැකියාවක් සොයා ගන්න,ගෙදරට ලයිට් ගන්න,උඩ සිට පහලට යනකල්ම මෙහෙම තමා. මේ විදියට තමා මේ ක්‍රියාවලිය සකස් කරලා තියෙන්නේ. මොනවා කරන්නද මටත් අකමැත්තෙන් උනත් මේ වගේ දාන පාරමිතා පුරන්න සිදු වුණා. හැබැයි ඒ බුදුවෙන්න නොවේ.ලංකාවේ ජීවත් වෙන්න. මේ ක්‍රමයත් හරියට වැඩවසම් සමාජයේ භාණ්ඩ සහ සේවා හුවමාරු ආර්ථික ලක්ෂණ වගේ. එක අතකින් මේකත් ආසියාවේ ආශ්චර්යක් තමා.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 05 September 2013 07:40 PM

මේක නම් ප්‍රින්සිපල්ට හොදට ප්ලෑන් කරලා අඹරපු ගේමක්. සමහර විට අම්මා අගර දගර දාන්න ඇති. මෙයත් ඉතින් රහත් වෙලා නැහැනේ.(නදී)

:       0       0

අමාලි සිල්වා Thursday, 05 September 2013 07:47 PM

මේ වගේ අය පාසල් වලට පත් කිරීමත් නින්දාවක්. තමන්ගේ දරුවන් ගෙනාවත් නොසිතන , තමන්ගේ පහත හැගීම් ඉටු කර ගැනිමට වෙර දරන වනචර සමාජයක් බිහිවී තිබේ. කාගේ වරදද කියා නොදනී . ඉහලම දඬුවම් දිය යුතුය.(නදී)

:       0       0

නිශා Thursday, 05 September 2013 07:57 PM

මේ විදුහල්පතිත් පන්දමට ආපු කෙනෙක් මෙයා මගෙනුත් සල්ලි ඉල්ලුවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 990 0

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 64 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1108 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


දෙදරු පියා වගා ළිඳකට බිලි
2024 සැප්තැම්බර් මස 24 188 0

බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 2019 3

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32257 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23824 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 447 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 205 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site