ලබන වසරෙදී දරුවකු පාසලට ඇතුළු කරලීම සදහා මවකගෙන් ලිංගික අල්ලසක් ගැනීමට තැත් කළැයි සැකපිට කොට්ටාව ආනන්ද විදුහල්පති වේරැහැර හෝටලයකදී අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම විසින් අද (05) අත්අඩංගුවට ගනු ලැබීය.
විදුහල්පති තමාගෙන් මෙවැනි ඉල්ලීමක් කළ බව දරුවාගේ මව අල්ලස් කොමිසමට දන්වා තිබිණි.ඇය හා විදුහල්පති හෝටල් කාමරයේ සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදර්ශමත් එඩිතර මවක්. අනිත් මව්වරුන් මෙම උගුලෙන් බේරා ගත්තාට ඔබට පින් (නි)
ලංකාවේ ගණිකා වෘත්තිය නීති ගත කරලා, ඒ වගේ තැනක කළමනාකර වැඩක් බන්දුල පෙරේරාට දුන්නනම් මේ ප්‍රශ්නය මේ තරම් ඔඩු දුවන්නේ නැහැනේ.(නදී)
බන්දුල කියන ඔල මොට්ටලයානෙනි, මම පැරණිම රැකියාව ආසාවෙන් තෝරා ගත්තා නොවේ. ඕගොල්ලෝ අපව ආශ්චර්යකට කියා යොමුකර තිබෙන්නේ ඒ තැනට. ලොරියේ වාරිකය ගෙවා ගන්නත් අඹු සැමියෝ එකතු වෙලා මේවා කරන පුවත් ඔබ නොදුටුවා වෙන්න පුළුවනි. මොකද කොහොමත් ඔබ අන්ධයි නේ.(නදී)
බන්දුල,ඕගොල්ලෝ අපව ආශ්චර්යකට කියා යොමුකර තිබෙන්නේ ඒ තැනට. (නි)
ප්‍රියංගනී, ඔයා වගේ ප්‍රශ්න තියෙන අයට උදවු කිරීමට තමා කොට්ටාවේ ආනන්ද විදුහල්පතිතුමා වගේ අය අනුකම්පාව පෙරදැරිව උත්සාහ කරන්නේ. මටත් ඉස්සර ඔහොම ප්‍රශ්නයක් ආවා. විදුහල්පතිනියක් සිටින පාසලක් සොයාගත්තා නම් හරි. (නි)
එතනට ගිහින් වැදගත් විදියට හිටියා නම් විදුහල්පති ඕවා අහන්න යන්නේ නැතිවෙන්නත් තිබුණා. අනික එයා හා කියපු නිසානේ ආවේ. (නි)
රත්නමාලි ඕක දාන පාරමිතාවක් නෙමේ කියලා බුදුන් දේශනා කරලා තියෙනවා. නිකන් පිනට දහමට කැමති බවලත් උදවියට වැරදි වැටහීම් ඇතිකරන්න එපා. දන්නවනේ කට්ටිය පින් දෙන්න පොරකයි. (නදී)
රත්නමාලි එකේ ඉන්නේ ගැහැණියක් වගේ ප්‍රතිචාර දමන නපුන්සක මහතෙක්. එය වැටහුනේ ඔහුගේ හැම තැනම දාපු ප්‍රතිචාර දැක්කම. මන් හිතන්නේ බොරැල්ල හන්දියේ අසල නපුන්සක වත්තේ කෙනෙකු වගේ. ඉන්න තැන දන්නවනම් අපේ ඊළඟ ඩාන්ස් එකට නටන්න ගන්නවා.(නදී)
මේක නවත්වන්න ඕනෑ නම් හැම විදුහලකටම පිරිමි විදුහල්පතිවරුන් ඉවත්කර ගැහැණු විදුහල්පතිවරියන් පත් කළ යුතුයි. අධ්‍යාපන ඇමතිතුමනි, මේ ගැන ඔබගේ අවදානය යොමුකරන මෙන් ඉල්ලමි (නි)
එතකොට හෝටල්වල පත්වීම් දෙන දේශපාලන මහත්තුරු අල්ලන්නේ නැද්ද? (නි)
අපි වටකරලා පොලිසි වලට අරගෙන ගිහිල්ලා හිරකරපුවහම මහත්තුරුන්ට යන්න තැන් කොහෙද තියෙන්නේ? මේවා තව ඉස්සරහට ගොඩක් පෙනෙයි. (නි)
සමහර විදුහල්පතිවරු ඔය වැඩේට පුරුදුවෙලා ඉන්නේ. ගොදුර ඩැහැ ගන්න පහසු නිසා. කතාවක් තියෙනවනේ "බල්ලා සිංහාසනේ තැබුවත් .... දැක්කාම බැහැලා දුවනවා" කියලා. විදුහල්පති පුටුවේ හිටියත් එච්චර තමයි. (නි)
කොහොමත් ඉතින් විදුහල්පති සමග කාමරයට ගිහිල්ලනේ! (නි)
හොඳ ගුරුවරුන්ට අපකීර්තියක් (නි)
විදුහල්පති තව බොහෝ දෑ ඉගෙනගත යුතුය. (නි)
බන්දුල මහත්තයෝ, ඔයා නම් නියමයි අනේ. අගර දඟර වලට එහෙම අහුවෙන්න එපා. (නි)
රත්නමාලී, ඔයා අහලා තියෙනවද මේ ලගදී පිස්සන් කොටුවෙන් දේශපාලන රැකවරන මත පිස්සෙක් එළියට පැනලා ගියා කියලා. ඒ කව්රුවත් නෙමෙයි බන්දුල පෙරේරා.(නදී)
මේකට එකම විසඳුම පාසල් අතර තිබෙන පන්ති බේදය වලක්වන එක. මේ පන්තිබේදය ඉදිරියට ගෙනියන්නේ ආදිශිෂ්‍ය සංගම්, ඇතැම් දෙමව්පියෝ, දේශපාලඥයන් මොවුන් ජීවත්වෙන්නේ මේකෙන් රජය තමන්ගේ කොටස ආදි ශිෂ්‍ය සංගම්වලට භාරදිලා තියෙනවා. මේවා අටවගෙන තියෙන්නෙ අවංකවම පාසල සංවර්ධනයටද? ළමුන් ඇතුලත්කිරිමේ බලය අතට අරගෙන වාසිගන්නද කියන එක තීරනය කරන්න ඔබම. මේ ලංකාවේ ඇතුලෙ උපන්නම් හැමටම අයිතියක් තිබෙනවා ඕනම පාසලකට යන්න ඒවට ඉඩ පහසුකම් නැත්නම් මොනවා හරි නිර්නායකයක් හදන්න ඕන. ඒ නිරිනායකය ආදි ශෂය සංගම් විදුහල් පතිට අල්ලස් දීම පාසලට කරන පරිත්‍යා විය යුතු නැහැ. හොඳම දෙය ළමයාගේ බුද්ධිය. මම හිතන්නේ ඒක නිසා ඹය කියන ජනප්‍රිය පාසල් වල 6 වෙනකම් පන්ති වහලා වෙනත් පාසැල් වලට ළමුන් ඇතුලත්කිරීමට පොළඹවලා විභාගයකින් ළමුන් තොරන ක්‍රමයක් වගේ දෙයක් හොඳයි. එහෙම කරන බලන්න. ඔය කියන ආදි ශිෂ්ය සංගම් වලට මොකද වෙන්නෙ කියලා. මම ඒ පාසලට ගියා කියල මගේ දරුවට ඒක උරුම විය යුතුනැහැ. මේකද උදේ හවස බුදුන් වඳින බුද්ධාගමේ හරය.(නදී)
අනේ මන්දා. විදුහල්පතිවරු මෙහෙම ශරීර උදවු ඉල්ලන්න ගියොත් අපේ ළමයි ඉස්කෝලේ දාගන්න මොනවා දෙන්න වේවිද දන්නේ නැහැ. (නි)
පාසල් වලට සිසුන් ඇතුලත් කෙරීමේ ක්‍රමය දුෂණ වලින් පිරුණේ අද ඊයේ නොවෙයි. මේ ක්‍රමය වෙනස් කරන්න දිගු කාලින වැඩ පිළිවෙලක් තුලින් පුළුවන්. අවාසනාවකට වගේ එම දෙය කරන්න කෙනෙක් නැති වීමයි ප්‍රශ්නය. (නදී)
එඩිතර නුවණක්කාර මවක්. මෙය ඔහුගේ වරදක් නොවේ. සමාජයේ වරදයි.ඉදිරියේදීත් මෙවන් අපරාධ ඇසීමට දැකීමට අපට සිදුවේවි (නි)
සෙනෙවි මහත්තයා අවශ්‍ය දේ ඉතාමත් පැහැදිලිව ගලපලා දීලා තිබෙනවා.සිදු විය යුත්තේ එම දෙයයි. මමත් ඔතන හිටියා නම් නිකන් ලැබෙනවා නම් මාත් අරගෙන මෙලහකට කුඩුවේ පොලු ගනිනවා වෙන්නත් පුළුවන් (නි)
ලංකාවේ ගණිකා මඩම් නීතිගත කරලා, ඇමතිකම බන්දුල පෙරේරාට දුන්නා නම් තමයි හොද! (නි)
බන්දුලගේ කතාවේ ඇත්තක් නැත්තෙත් නැහැ වගේ. ඔන්න කිවා.(නදී)
මහින්ද ජයසිංහ ජෝසෆ් ස්ටාලින් දැන් මොකද කියන්නේ?(නදී)
මේවට එක හේතුවක් තමයි දෙන දඩුවම අඩුවීම. මුළු රටටම පෙනෙන්න හොද අමතක නොවෙන දඩුවමක් දුන්නා නම් ආයේ කවදාවත් මෙහෙම වැරදි කරන්නේ නැහැ. (නි)
අතුල බණ්ඩාර,කරුණාකර ඔබ නොදන්නා දේ ගැන කතා නොකර දන්නා දෙයක් කතා කරන. (නි)
ඒ අම්මා මොනවා හරි දෙයක් කරන්න පුළුවන් බලපුළුවන්කාර කෙනෙක්. නැත්නම් එයා බිලි වෙනවා.මම දන්නා අම්මා කෙනෙක් අකමැත්තෙන් එක්තරා විදුහලක උප විදුහල්පතිතුමා සමග එක දවසකට ගියා තමාගේ පුතාව දාගන්න. (නි)
ඔය අම්මා හෝටලේ ඇතුලේ ඉන්නකොට නේද ඇල්ලුවේ.එයාද එතකොට ඔත්තුව දුන්නේ? එහෙම නම් එයා නුවණක්කාරයි. අහම්බෙන් පොලිසියට අහුවෙලා ඔය කතාව කිව්වා නම් වෙලා ඇත්තේ වෙන දෙයක්. (නි)
මාගේ සහතික ඇත්ත අදහස පල නොකලාට ලංකාදීප පත්තරේට තුති.(නදී)
එයා එස්.එම්.එස්. ගසාද නිලධාරීන් ගෙන්වාගෙන තියෙන්නේ? (නි)
විදුහල්පති කිවුවොත් නින්දෙන් ඇවිදගෙන හෝටල් කාමරේට ගියා මිසක් දැනුවත්ව එහෙම කළේ නැහැ කියලා? දෙමවුපියන්ට මෙහෙම කරනවා නම් ඉගෙන ගන්න දරුවන්ට මොනවා කරනවා ඇද්ද? (නි)
අල්ලස ගත්තාද කියලා පැහැදිලිද? (නි)
රටට මොකද වෙන්නේ?(නදී)
විදුහල්පති වරුන්ට හමුදා තනතුරු දීම වහාම නැවත්විය යුතුයි.(නදී)
ගොඩක් ඉස්කෝලවල ඉගෙනගන්න අවශ්‍ය පහසුකම් නෑ. එතකොට මෙවැනි දේවල් ඇතිවීම වලක්වන්න බෑ. මේ කාන්තාව බුද්ධිමත් නිසා බේරුනා. නමුත් කී දෙනෙක් මේ උගුල් වලට අහු වෙලා ඇතිද ? රටේ දුප්පත් කම නැති කරන්න හොදම විසදුම හොද අධයාපනයයි. මේවට හඩ නගන්න කව්රුත් නෑ. හරක් වෙනුවෙන් කෑ ගහන අපි මේවට නිහඩ ඇය් ?(නදී)
ඔන්න හැබැයි උසස් වීමක් දීලා අධ්‍යාපන කන්තෝරුවට නම් දාන්න එපා. (නි)
රටකට ගිය කලක්. ප්‍රියාන් නිකන් මෝඩ ප්‍රශ්න අහන්න එපා. උපරිම දඬුවම් දිය යුතුය.(නදී) .
මේ වසංගතය රටේ හැමතැනම වෙනවා. අනෙකුත් කාන්තාවන් වෙනුවෙන් මෙම අම්මා ගත් පියවර 100%ක් හොඳ දෙයක්.මෙවැනි කාන්තාවන් සිටීමත් සතුටක්. (නි)
තම දරුවන් වෙනුවෙන් මොහුට ගැහැනු කී දෙනෙක් බිලිවී ඇද්ද? (නි)
විහාර මහා දේවියගෙන් පස්සේ තව එක්කෙනෙක් ගැන ඇහුවා. සතුටුයි ඒකට. (නි)
දැන් ළමයව ගන්නවද? (නි)
අනේ මගේ දරුවාටත් තාමත් පාසලක් ලැබුනේ නැහැ.ගමේ පාසලෙනුත් ලකුණු කැපුවා අපේම නමින් ඉඩමේ ඔප්පුවේ නම නැහැ කියලා.වෙන රටවල් වල නම් මේ වැඩ නැහැ.එක්කෝ ගොඩක් මුදල් ඉල්ලනවා.ගොඩක් සල්ලි තියෙනවා නම් අපටම කියලා ගෙයක් දොරක් තියෙනවනේ.ගොඩක් මුදල් කොහෙන් දෙන්නද?අපේ පඩිය මාසේ කන්න බොන්නත් මදි. ඒ මදිවට ලයිට් බිලුත් දැන් වැඩිනේ. (නි)
තව ළමයෙක් හම්බ වුණා නම් හෝටල් කාමරේදී ඒ ළමයව පාසලට දාගන්න්න ආයෙත් හෝටල් කාමරේකට යන්න වෙනවා. නොනවතින ක්‍රියාවලියක්. දිසපාමොක්ලට වෙලා තියෙන දේවල්. අපේ කෙනා නම් තීන්ත ටින් 5ක් ඉල්ලුවා. (නි)
ලබන වාරයේ ප්‍රාදේශීය සභාවට ඉල්ලන්න (නි)
මේ මව නම් පිදිය යුතු මවක්. ඒ පවුල ඉදිරියේ ඇති වෙන ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දෙමු කියලා හිතලා මේ වැඩේ දුෂ්ටයින්ට පාඩමක් උගන්වන්න නීතියට අල්ලා දීම ඉතාමත් වටිනවා. ඇත්තටම විහාර මහා දේවි පවුලේ කෙනෙක් තමා. ඔබ සැමට ඉදිරියේදී කරදර ඇති වුණොත් අපි ඔබ සමග බව මතක් කරමි. සතුටින් සිටින්න. දරුවට යහපතක්ම වේවා. ලංකාදීපයට ස්තුති වේවා. (නි)
විදුහල්පති මෙහම නම් අපේ සමහර ගරු දේශපාලකයන්ගේ වැඩ කොහොම ඇද්ද? (නි)
ලංකාවේ වත්මන් යුගයේ ශ්‍රේෂ්ඨතම කාන්තාව ලෙස මේ තැනැත්තිය නම් කළ යුතුයි. (නි)
විදුහල්පති තුමා හොද පාඩමක් කියා දීලා.(නදී)
පාසලකට දරුවෙක් ඇතුලත් කරන්න,සුදුසුකම් තිබුනත් රැකියාවක් සොයා ගන්න,ගෙදරට ලයිට් ගන්න,උඩ සිට පහලට යනකල්ම මෙහෙම තමා. මේ විදියට තමා මේ ක්‍රියාවලිය සකස් කරලා තියෙන්නේ. මොනවා කරන්නද මටත් අකමැත්තෙන් උනත් මේ වගේ දාන පාරමිතා පුරන්න සිදු වුණා. හැබැයි ඒ බුදුවෙන්න නොවේ.ලංකාවේ ජීවත් වෙන්න. මේ ක්‍රමයත් හරියට වැඩවසම් සමාජයේ භාණ්ඩ සහ සේවා හුවමාරු ආර්ථික ලක්ෂණ වගේ. එක අතකින් මේකත් ආසියාවේ ආශ්චර්යක් තමා.(නදී)
මේක නම් ප්‍රින්සිපල්ට හොදට ප්ලෑන් කරලා අඹරපු ගේමක්. සමහර විට අම්මා අගර දගර දාන්න ඇති. මෙයත් ඉතින් රහත් වෙලා නැහැනේ.(නදී)
මේ වගේ අය පාසල් වලට පත් කිරීමත් නින්දාවක්. තමන්ගේ දරුවන් ගෙනාවත් නොසිතන , තමන්ගේ පහත හැගීම් ඉටු කර ගැනිමට වෙර දරන වනචර සමාජයක් බිහිවී තිබේ. කාගේ වරදද කියා නොදනී . ඉහලම දඬුවම් දිය යුතුය.(නදී)
මේ විදුහල්පතිත් පන්දමට ආපු කෙනෙක් මෙයා මගෙනුත් සල්ලි ඉල්ලුවා.(නදී)
කොහොමත් රත්නමාලි දන කොමෙන්ට්ස් බැලුවම තේරෙනවා පරණම රස්සාව කරන කෙනෙක් කියලා.(නදී)
ගාල්ලේ විදුහලක ඉන්න විදුහල්පති කෙනෙකුත් මේ අල්ලස ගන්න කෙනෙක්. (නදී)
අන් ඇති බත්කන පෙරේරා විදුහල්පතිගේ මල්ලි වගේ.(නදී)
රත්නමාලී ඔයා හරි. ඔය මෝඩ කතා කියන බන්දුල ළඟදීම අංගොඩ අරින්න වෙනවා.(නදී)
අපේ රටේ දුෂණ,මංකොල්ලකෑම්,ළමා අපචාර, මිනීමැරුම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, වැනි දුරාචාර කරන්නුන් දන්නවා රටේ පවතින නීති හා දඩුවම් ගැන. එස්.බී. දිසානායක ඇමතිතුමා කරපු එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන යෝජනාව ඉක්මන් කරනවානම් හොදයි.(නදී)
ගුරුගේ මහත්මයාගේ කතාව හරි කළුතර අධ්‍යාපන කන්තෝරුව ඔය වගේ , කොලඹ ප්‍රසිද්ද විද්‍යාලයක හිටපු විදුහල්පතිවරයෙක් ඔය වැඩේම කරලා සල්ලිත් අරන් විශ්‍රාම සුවයෙන් ඉන්නවා. කාට කියන්නද?(නදී)
පිළියන්දල පැත්තේ විදුහල්පති කෙනෙක් ඉන්නවා. එයා විභාග දුෂණයට අහුවුණා. නමුත් දැන් අගේට ඉන්නේ විදුහල්පති විදිහටම. කාට කියන්නද? (නි)
නිදහස් වෙලා ඇවිල්ලා වයඹ ඡන්දයට උදවු කරන්න (නි)
"විද්‍යා දදාති විනයං" (ඉගෙනුම මගින් හික්මීම ලබාදේ) කියා කිවුවාට බැලුවහම විද්‍යාව ලබා දෙන අය ළඟ කිසිම හික්මීමක් නැහැ.කලක් අපේ රට තුල ධාර්මිෂ්ට සමාජයක් බිහිකළා.වරක්, නැති බැරි අය ඇති හැකි අය බවට පත් කළා. දැන් "පිළිවෙතින් පෙළ ගස්සනවා" මේ දේවල්වල ප්‍රතිඵල දැන් ඇස් පනාපිටම පෙනෙන්න තිබෙනවා. (නි)