
(රෝෂන් තුෂාර)
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අතිකාල දීමනා වංචා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් ඛනිජ තෙල් වෘත්තිය සමිති ක්‍රියාකාරී ආනන්ද පාලිත මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන පැමිණියේය.
2015 සිට 2019 වර්ෂය දක්වා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළ අතිකාල දීමනා වංචා කිරිමට අදාළව සිදුකරන විමර්ශනයකට අනුව ආනන්ද පාලික මහතා ඊයේ (16) පස්වරුවේ අත්අඩංගුවට ගත් අතර අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුෂවිතාන මහතා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
පාලික මහතා අධිකරණයට රැගෙන පැමිණෙන අවස්ථාව දැක බලා ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ඇතුළු දේශපාලනඥයින් කිහිපදෙනෙකු අධිකරණ භූමියට පැමිණ සිටිනු දක්නට ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd