(මහින්ද නිශ්ශංක )
ඉන්දියාවෙන් ආනයනය කරන මෙට්‍රික් ටොන් 4500 ක් වන පළමු ලුණු තොගය හෙට (27) දිවයිනට ළගා වීමට නියමිත බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.
රටේ පවතින ලුණු හිගයට විසදුමක් වශයෙන් ලුණු මෙට්‍රික් ටොන් 30000 ක් ආනයනය කිරීමට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු අතර රජය වෙනුවෙන් රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව ලුණු ගෙන්වීමට අවසර ලබා දුනි.
ඒ අනුව ඉන්දියාවෙ සැපයුම්කරුවන් දෙදෙනකුට ලුණු ගෙන්වීමට අවසර ලබා දුන් අතර ජනවාරි 31 වනවිට ලුණු මෙට්‍රික් ටොන් 12500 ක් ආනයනය කිරීමට සැලසුම් කර ඇතැයි සංස්ථාව පවසයි.
දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ
වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.
දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා
අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පා
නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.
සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ආනයනය කරන පළමු ලුණු තොගය හෙට දිවයිනට
pj Sunday, 26 January 2025 11:02 AM
එදා කටුවැල් බටු ආනායනය කළ අයටත් මරණ වරෙන්තු නිකුත් කළ අය අද ලුනු ආනයනයේ.... දෙෙවයේ සරදම්.... දැන් පෙන්වනවා...
සෙනෙවිරත්න Sunday, 26 January 2025 11:03 AM
දැන් මෙතන වැළලෙන්න එපා ලුනුත් පිටරටින් කියල, මොකද බෙහොම අය හිතාගෙන ඉන්නෙ තමන් කාලයක් පිට ඉඳල එනකොට තමන්ගෙ බිරිඳට ළමයෙක් ලැබෙන්න ඉන්නව නම් ඒ දරුවගෙ පියා තමාය කියල, ඒ වගේ අය තමයි හාල් පොල් ප්‍රශ්ණ මේ රජය පිට දාන්නේ.
pjMonday, 27 January 2025 07:46 AM
තමා හිතාගෙන ඉන්නෙ හැමදාම ගෙදරම හිටියත් ළමයි ඔක්කොගෙම තාත්ත තමුන් ම කියලද....ලුණු ගැන අැහුවම හාල් පොල් ගැන කතා කියන අයට ඔහොම වෙනව...
Gavin Sunday, 26 January 2025 11:05 AM
මාර ගැම්මක් තියෙන්නේ සහෝදරවරුනි.
fairoos Sunday, 26 January 2025 12:07 PM
මෙහෙම ඔක්කොම ආනයනය කරන්න ගියොත්?
Nandalal de Silva - France Monday, 27 January 2025 03:52 AM
අපේ නව රජය ලුණු පොල් කට්ටටත් ඇන්නා කියා මගේ ආච්චි නාහෙන් අඩනවා, හිරමනේ උඩ ඉඳගෙන, පොල් සම්බෝලයක් හදාගන්න බැරුව. අනිත් පැත්තෙන් සීයා අහන්නේ, ලුණු කොමිස් මුදල කීයද, ඒක කාගෙ එකවුන්ට් එකටද වැටුනෙ කියා ...
Sediris Monday, 27 January 2025 06:28 AM
රනිල් ඉන්නකම් මේ රටේ විදේශ සංචිත හිමින් හිමින් වැඩි වුනා හැම මාසෙකම ඩොලර් මිලියන 200 - 300ක් විදේශ සංචිත වැඩි වුනා. ඒත් ජෙප්පො ආව විතරයි මාස 2න් ඩොලර් මිලියන 370කින් විදේශ සංචිත අඩු වුනා. ඒ වෙන මොනවත් නිසා නෙමෙයි, හාලුයි, ලුණුයි ගෙන්නන්න ගිහින්. වාහන ගෙන්නන්න ගත්තම කොහොම වෙයිද කියල හිතා ගන්න පුලුවන්නේ. එතකොට ආපහු ණය ගෙවන්න ගත්තම... මේ රටේ මිනිස්සු දේශපාලන වශයෙන් නම් පට්ටම මෝඩයි. නැත්තන් කිසිදා රටට වැඩක් කරල නැති හිටපු ත්‍රස්ථවාදී කන්ඩායමක් රටේ ආර්ථික අර්බුධයක් තියෙන වෙලාවක රටේ නායකයො විදියට පත් කර ගනීද? 2/3ක් දීලා.
අරුණි Monday, 27 January 2025 07:27 AM
ඒ අතරේ අපේ ජනාධිපති තවමත් සුපුරුදු ලෙස රාජපක්ශලා ඉදිකල අධිවේගී මාර්ගවලින්ම රටවටේ ගොස් වේදිකාවල අඩි පොලොවේ හප්පා තමා දන්නා සුපුරුදු වෘත්තිය සහ විනෝදාංශය වන රාජපක්ශලා පලු ඇරීමත් එලෙසම ජයටම සිදුකරමින් යනවා