(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ, සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, සමුද්‍රීය පර්යේෂණ කාර්යයක නිරත වෙමින් සිටියදී, දෝෂයක් හේතුවෙන් දකුණු මුහුදේදී ආපදාවට පත්වූ නවසීලන්තයට අයත් ‘ලිට්ල් ඩොන්කි’ නැමැති පැදි යාත්‍රාව එහි සිටි විදේශීය ජාතිකයින් දෙදෙනෙක් සමඟ අළුත්වැඩියාව සඳහා නිරුපද්‍රිතව හම්බන්තොට වරායට රැගෙන ආ බව නාවික හමුදාව පසවයි.
පර්යේෂණ කාර්යක් වෙනුවෙන් බෙංගාල බොක්ක මුහුදු තීරය තුළින් ක්ෂුද්‍ර ජීවි සාම්පල ලබාගැනීම සඳහා තායිලන්තයේ සිට පැමිණි එම පැදි යාත්‍රාවේ පැදි පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් ශ්‍රී ලංකාවට දකුණින් වූ මෙරට සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් කළාපය තුළදී ආපදාවට පත් වී ඇති බවත් එම යාත්‍රාව යථා තත්වයට පත් කිරීම සඳහා ගොඩබිම වෙත ඇදගෙන ඒමට නාවික හමුදාවේ සහය ලබා දෙන ලෙෂ එහි දේශිය නියෝජිතයින් කොළඹ, සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත ආපදා සහන ඉල්ලීමක් යොමුකර තිබූ බවත් නාවික හමුදාව කියයි.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ උපදෙස් මත වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව, දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා හතරවන වේග ප්‍රහාරක යාත්‍රා බළඝණයට අයත් පී 483 වේග ප්‍රහාරක යාත්‍රාව ආපදාවට පත් යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත යොමු කළ බව කී නාවික හමුදාව පී 483 වේග ප්‍රහාරක යාත්‍රාව මඟින් ආපදාවට පත් එම පැදි යාත්‍රාව සහ එහි සිටි විදේශීය ජාතිකයින් දෙදෙනා ඊයේ රාත්‍රිය නිරුපද්‍රිතව හම්බන්තොට වරාය වෙත රැගෙන ආ බව ද සඳහන් කළේය.
නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ, සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් සහ මුදවා ගැනීම් කළාපයේ ආපදාවට පත්වන නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු නිරන්තරයෙන් කරයි.
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
ජංගම දුරකතනයක් අස්ථානගතවීමේ සිද්ධියකට ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් පොල්ලකින් පහරදී සිය වැඩිමල් සහෝදරයා ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආපදාවට පත් නවසීලන්ත පැදි යාත්‍රාව හම්බන්තොටට