(ප්‍රියන්ත ජයලත්)

පන්නිපිටිය  ප්‍රදේශයේ පවත්වාගෙන යන ආපනශාලාවකින් මිලදී ගත් ආප්ප හයකට රුපියල් 138ක බදු මුදලක් අය කර ඇත.

එම වෙළෙඳ සැලේ බිත්තර ආප්පයක් රුපියල් 130 ක් සහ ප්ලේන් නාප්පයක් රුපියල් පනහක් වැනි අධික මිලකට විකුණන බවත් අනෙකුත් ආහාර වලටද අධික මිලක් අය කරන බව ඇතැම් පාරිභෝගිකයෝ තවදුරටත් කියති.

මේ පිළිබඳව පාරිභෝගික අධිකාරියේ අවධානය කඩිනමින් යොමු කර පාරිභෝගිකයන්ගේ මුදල් සූරාකඩ මෙවැනි වෙළඳසැල්වලට නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිති.