
(සුජිත් හේවාජුලිගේ)
රෝහල්ගතව ප්රතිකාර ලබන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින සිය පුත් නාමල් රාජපක්ෂ මන්ත්රීවරයාට ලිපියක් යොමු කර ඇති බව වාර්තා වේ.
මහින්ද රාජපක්ෂ මහතාගේ දැන්වීම අනුව ඔහුගේ ලේකම්වරයෙකු කෙටුම්පත් කර ඇති මෙම ලිපියේ අඩංගු සියලු කරුණු මෙතෙක් මාධ්ය වෙත හෙළිදරව් වී නොමැත.
කෙසේ වෙතත් එම ලිපියෙන් මහින්ද රාජපක්ෂ මහතා සිය පුත්රයාට කියා ඇත්තේ අධිකරණය කෙරෙහි පමණක් විශ්වාසය තබන ලෙසයි.
2010 වසරේදී නාමල් දේශපාලනයට පිවිසෙන විට තමන් ඊට අවසර දුන්නේ සිරගත වීමට සහ දුක් විඳීමට සූදානම් නම් පමණක් අවසර දෙන බව පවසා යැයි සිහිපත් කර ඇති හිටපු ජනාධිපතිවරයා තමන්ද දේශපාලනයට පිවිසි මුල් සමයේ පදනම් විරහිත චෝදනාවක් මත බන්ධනාගාරගත වූ බව එහි සඳහන් කර අැතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ලිපිය ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී ඩී. වී. චානක මහතා නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවකදී ඔහු වෙත භාර දී ඇති බව වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd