(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත් කෙටුම්පත් දෙක ( පනත් කෙටුම්පත් අංක 79 සහ 80) පාර්ලිමේන්තුවේදී අද පස්වරැවේ සංශෝධන සහිතව සම්මත විය.

පනත් කෙටුම්පත් දෙක පිළිබද විවාදය පෙරවරු 11.00 සිට පස්වරු 5.30දක්වා පැවැත්විණ.

මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම,රස පරීක්ෂණ වාර්තා කඩිනම් කිරීම, ඇප ගැනීමේ සීමා වෙනස් කිරීම ඇතුලු කටයුතු වෙනුවෙන් පනත් කෙටුම්පත් දෙකෙන් විධිවිධාන සැලසේ.

ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රිවරු 20කට ආසන්න පිරිසක් විවාදයේදී අදහස් දැක්වූහ.