ආබාධිත රණවිරුවන්ගේ යෝජිත විශ්‍රාම වැටුප පොරොන්දු වූ පරිදි ලබා නොදුන් බව කියමින් කොළඹ කොටුව ඕල්කට් මාවතේ සඳුදා (31) ආරම්භ කළ විරෝධතාවය අදත් පැවැත්විණි.
රජය අතුරු දීමනාවක් ලෙස තම විශ්‍රාම වැටුප ලබාදීමට යෝජනා කර ඇති බවත් එය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් කී රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක යූ.ඩී.වසන්ත මහතා පැවසීය.
තමනට හිමි සේවා විශ්‍රාම වැටුප ලබාදෙන ලෙසත් ඒ වනතුරු තම විරෝධතාව අවසන් නොකරන බවත් ඔහු කීවේය.
ඡායාරූප ළහිරු හර්ෂණ
විඩියෝ - මනෝජ් හර්ෂික




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු දෙවියනේ මේ මිනිස්සු! (නි)
"අපි සැවොම එකතුවී රණවිරු සමාජ සත්කාරක අරමුදලක් පිහිටුවා එම මුදලින් අපේ රණවිරුන්ගේ ප්‍රශ්න විසඳන්න සහ ඔවුන්ගේ ගිලිහුණු ජීවිතය යළි ගොඩනඟන්නට දායක වෙමු යැයි" පාඨක ඔබ සැමට මම යෝජනා කරමි (නි)
රණවිරුකම කෙසේවෙතත් මේ උදවිය හැසිරෙන්නේ කිසිම අභිමානයක් හෝ සදාචාරයක් නැති යාචක පිරිසක් වාගෙයි. අහෝ! සිංහල මිනිස්සු මේ තත්වයට ගෙනා දේශපාලු හොරු උල තියන්න දවසක් එන්නේ කවදාද? (නි)
පොඩිදේටත් ඉක්මනින්ම සමාව ගන්න අපේ ජනාධිපතිට මේවා පෙනෙන්නේ නැද්ද? මේ මිනිස්සු මේ තත්වෙට පත්වුණේ අපි වෙනුවෙන් සටන් කරන්න ගිය හින්දා. සංහිඳියාව කියලා මේ අයව කොන් කරන්න දෙන්න ඉඩදෙන්න බැහැ. (නි)