(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආබාධිතයන්ගේ උපකරණ වැට් බද්දෙන් නිදහස් කරන ලෙස තමා රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය
ඔහු මෙසේ පැවසුවේ ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.
සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.
රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී ආබාධිත අයට සියයට තුනක කෝටාවක් වෙන් කරන්න කියලා හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා වෙනම චක්‍රලේඛයක් නිකුත් කළා. හැබැයි අද ඒක ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒක ක්‍රියාත්මක කරන්න කියලා මම ඉල්ලනවා. පොදු ස්ථානවල ප්‍රවේශ අයිතිවාසිකම් අද ක්‍රියාත්මක වන්නේ නැහැ. ආබාධිත අයට රජය දෙන දීමනාව ප්‍රමාණවත් නැහැ. ආබාධිතයන්ගේ උපකරණ සඳහා පනවා ඇති ආනයන බදු ඉතා ඉහළයි. ඒ සම්බන්ධයෙන් රජයට දිය හැකි සහනය කුමක්ද. ආබාධිතයන්ගේ උපකරණ වලටත් වැට් එක ගහනවා කියලා ආරංචියි. ඒ උපකරණ වලට ගහන වැට් එක ඉවත් කරන්න කියලා මම ඉල්ලනවා.
ආබාධිත අයට බැංකු පහසුකම් ලබා ගැනීමට ඇති බාධා ඉවත් කරන්න. මේක ඉතා වැදගත් ප්‍රශ්නයක්. මේ රටේ ආබාධිත ප්‍රජාව ලක්ෂ 16 ක් ඉන්නවා. මේ ප්‍රශ්නයට විධිමත් පිළිතුරක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ආබාධිතයන්ගේ උපකරණ වැට් බද්දෙන් නිදහස් කරන්න