(සුජිත් හේවාජුලිගේ)
සෞඛ්‍ය සේවා, වරාය, ඛනිජ තෙල්, රේගුව ඇතුළු ආයතන හා ක්ෂේත්‍ර 12ක සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් පත් කිරීම තවදුරටත් දීර්ඝ කරමින් ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය .
ජනාධිපති ලේකම්වරයා මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනත අනුවය.
මේ අනුව අත්‍යවශ්‍ය සේවා බවට පත් කර ඇති අනෙකුත් ආයතන හා ක්ෂේත්‍ර වන්නේ
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ඇතුළු පොදු ප්‍රවාහන සේවා ,සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල ,ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාරීන්, කෘෂි පර්යේෂණ සහකාර නිලධාරීන්,ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු සියලුම රාජ්‍ය බැංකු හා රක්ෂණ සේවා කටයුතු, පළාත් පාලන ආයතන මගින් කෙරෙන කසළ කළමනාකරණ සේවා කටයුතු, සීමාසහිත ලංකා සතොස, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව , පළාත් සභා යටතේ වන සියලුම රජයේ කාර්යාලවල සේවා, තැපල් දෙපාර්තමේන්තුවේ සේවා යනාදියයි.
සෞඛ්‍ය සේවයට අදාළව ඉටු කළ යුතු වන්නා වූ හෝ අවශ්‍ය වන්නා වූ කවර වූ ස්වභාවයේ සියලුම සේවාවන් වැඩ හෝ ශ්‍රම දායකත්වය අත්‍යවශ්‍ය සේවා බවට පත්වන බවද එහි සඳහන් වෙයි.
සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය කෙරෙන සේවා සැපයීමට අවහිරයක් හෝ බාධාවක් ඇති වීම වැළැක්වීම සඳහා ජනපතිවරයා විසින් මෙම ආඥාව නිකුත් කරනු ලැබ ඇත.
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර ඇත.
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ආයතන 12ක් අත්‍යවශ්‍ය සේවා යටතට