IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


‘‘ආයතන ගොඩ ගත හැකි අය පත් කරනවා‘‘

(ඩයනා උදයංගනී)

රාජ්‍ය මාධ්‍ය ආයතන බදුමුදලින් නොයැපෙන තත්වයට පත් කළ හැකි කණ්ඩායමක් ඉදිරියේදී ඒවායේ ප්‍රධානීන් ලෙස පත්කරන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ලේක්හවුස් ආයතනය, ගුවන් විදුලි සංස්ථාව, ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය යන රාජ්‍ය මාධ්‍ය ආයතන සියල්ල මහජන බදු මුදලින් නඩත්තු කිරීමට සිදුව ඇතැයි කී ඇමතිවරයා ඒවා බදුමුදලින් නොයැපෙන තත්වයට වෙනස් කිරීමට තමාට අවශ්‍ය බව ද සඳහන් කළේය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (31) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇති බව කී ඇමතිවරයා ඒවා වෙත දියුණු මාධ්‍ය සංස්කෘතියක් ඇතිකරගැනීමට හැකි පරිදි පුද්ගලික මිතුරුකම්වලින් තොරව සුදුස්සන් පත්කරන බව ද ප්‍රකාශ කළේය.

එහිදී ඇතැම් ආයතනයන්ට අලුත් අය පත්වීමට මෙන්ම සිටි අයම පත්වීමට ද ඉඩ ඇතැයි කී ඇමතිවරයා මාස තුනක් ඇතුළත එම අංශයේ සාධනීය වෙනසක් කිරීමට බලාපොරොත්තු වන බව ද පැවසීය.

 



අදහස් (7)

‘‘ආයතන ගොඩ ගත හැකි අය පත් කරනවා‘‘

ගොවිරාළ Wednesday, 01 June 2022 08:41 AM

ආයතන ගොඩගත හැකි අය අදාල තැන්වලට පත්කරනවා නම් යල මහ හදුනන ඒ ඒ භෝග වගා කලයුතු කාලය දන්නා තිලක් කන්දෙගම සූරීන් කෘෂිකර්ම ඇමතිවරයා ලෙසට පත්කල නොහැකි නම් එහි ඉහළම තනතුරක් සදහා පත්කර මේ රට ආහාරයෙන් ස්වයංපෝෂිත කරන්න. එහෙම බැරිනම් අගමැතිවරයා කියන කමිටුවකට ඔහුව පත්කර රටට කෘෂිකර්ම ප්‍රතිපත්තියක් වහාම ඇතිකරන්න අතීතයේ තිබුනා වගේ ගම් මට්ටමේ ගොවි කාරක සභා ඇතිකරන්න.

:       0       3

sharm warnWednesday, 01 June 2022 04:54 PM

යන මහ දන්නේ නැති අය කෘෂිකර්ම ඇමැති වෙන රටක... වෛද්‍ය උපාධිය තියෙන වෛද්‍යවරයෙක් වැවිලි කර්මාන්තේ බලන්න පත්කරන රටක... සාමාන්‍ය පෙළවත් හරිහැටි සමත් නොවුණු කෙනෙකුට මොල 7ක් තියෙනවා කියාගෙන මුදල් ඇමැතිකම දෙන රටක... තිලක් කන්දේගම ඇමැතිතුමා කියන්නේ කවුද කියලාවත් මේ අය දන්නේ නැහැ. මේ රටට මෙච්චර කෙළ වෙන්න මීට වඩා හේතුවක් තියෙනවද?

:       0       0

Hafeel Wednesday, 01 June 2022 08:57 AM

සතොස සුදු ළූණු වංචා අමතක නොවන තවත් කළු ඉතිහාසයක්. සතොසට කරපු හානිය මේ ආයතනවලට කරන්න එපා...!

:       0       2

ranjith Wednesday, 01 June 2022 10:06 AM

දැන් ඔහෙලට බැරිබව කාටත් තේරිලානෙ තියෙන්නෙ. පුළුවන් අයට දෙන්න මිනිස්සු බඩගින්නෙ තියන්නෙ නැතිව.

:       0       5

sharm warn Wednesday, 01 June 2022 10:49 AM

සුදුළුනු වික්ක වගේ දන්නෙ නෑ.

:       0       4

naan Wednesday, 01 June 2022 01:48 PM

මෙයා ගහපු පදයකුත් නෑ, බෙරේ පලුවකුත් නැහැ. බැරිකම බැරිකම... බලමු මෙයාගේ මේ කියන බයිලා කොහොම වෙයිද කියලා..?

:       0       0

de silva Wednesday, 01 June 2022 03:11 PM

මොකද ඔය වැඩ වලට ගොබ්බසේනගෙ විශාමික ගෝලයො හොඳ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1293 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1119 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1055 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 689 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 588 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 5281 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25406 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18852 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 369 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1842 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site