රාජ්‍ය ව්‍යවසායන් පිළිබද පාර්ලිමේන්තු කමිටු වාර්තාව (කෝප්) එහි සභාපති ජ්‍යෙෂ්ඨ ඇමැති ඩිව් ගුණසේකර මහතා පාර්ලිමේන්තුවට අද (23) ඉදිරිපත් කරමින් කියා සිටියේ විදුලිබල මණ්ඩලය ,තෙල් සංස්ථාව එයාර් ලංකා හා මිහින් ලංකා සියයට අනු අටක් දක්වා පාඩු සිදු වන බවයි.
ඊට හේතු සාධක විවිධ බවත් ඒ ගැන තොරතුරු පසුව කියන බවත් ඇමැති කීවේය.
ලබන සැප්තැම්බරයේ සිට මාස තුනෙන් තුනට කෝප් වාර්තා ඉදිරිපත් කරන බවයි.
පිටු 320 කින් යුත් මෙම වාර්තාවෙන් අයතන 212 ලාභ අලාභ විස්තර දැක්වේ .ආයතන 72 අතුරින් 16 ක් පාඩු ලබන බවත් දිගින් දිගටම පාඩු ලබනුයේ ඉන් 14 ක් බවත් ගුණසේකර මහතා සදහන් කළේය.මෙම වාර්තාව ඡායා පිටපත් මන්ත්‍රීවරුන්ට ලබා දෙන්නැයි එක්සත් ජාතික පක්ෂයේ ජෝන් අමරතුංග මහතා කීවේය . වාර්තාව රජයේ මුද්‍රණාලය හරහා මුද්‍රණය කරන බව ඇමැති නිමල් සිරිපාද සිල්වා මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත තමයි. මෙහෙම ගසා කෑමක් නම් මම මගේ අම්මා මුත්තා කාලෙදිවත් දැකලා නම් නැහැ. (නි)
මිහින් ලංකා ආයතනය පටන් ගත්ත එකට අපි නම් කොහෙත්ම කැමති නැහැ (නි)
පොඩ්ඩක් ඉන්නකෝ, ආශ්චර්යයට ගියගමන් මේ පාඩු ලබන ආයතන වලින් ලාබ එන්නේ කරාමෙන් වතුර එනවා වගේ.(අ)
කොටින්ගෙන් අමාරුවෙන් බේරාගත් රට කන්නන්ට ශාප වේවා. (නි)
මේ ප්‍රතිපල නැති වාර්තා මුද්‍රණය කරලා ඇයි සල්ලි නාස්ති කරන්නේ. මේවා අන්තර්ජාලයෙන් බෙදුවම අඩු වශයෙන් ඒ සල්ලි හරි ඉතුරු වේවි. (නි)
මේද පෙරදිග ඉන්න අපේ අසරණ කාන්තාවන් ටික නැත්නම් ඔය කෙලි හමාරයි (අ)
මිනිස්සු ආණ්ඩුවට ඡන්දෙ දෙනවා කියන්නේ, ආණ්ඩුව සාර්ථකයි. එහෙම නම් ආණ්ඩුවේ ආයතන පාඩු ලබන එක කවුරුවත් ප්‍රශ්නයක් කරගත යුතුද? බලමු මේ ඡන්දෙදිත් මිනිස්සුන්ගේ ප්‍රතිචාරය කොහමද කියලා. පාඩු ලැබීම් අපි නම් ගණන් ගන්නේ නැහැ. දැන් මිනිසුන්ට සල්ලි තියෙනවා. (නි)
ඉතින් ඔය පත්තර වලත් කොච්චරවත් තියෙන්නේ ලොකු ලොක්කන්ගේ හොර මැරකම් වලින් ආයතන පාඩු ලබනවා කියලා. (නි)
මේ හොරුන්ට දඩුවමක් නැද්ද ඉතින්? (නි)
හොරු, වංචාකාරයෝ, තක්කඩි, දූෂකයෝ, අවිනීතිය රජකරන තුරු මෙම ආයතන ගොඩදාගන්න බැරි බව අපි දනිමු. මේ රටේ ඉපදුන අපි පව්කාරයෝ. අනේ බෝට්ටුවෙන්වත් වෙන රටකට යන්න ඇත්නම්. (නි)
ලංකාවේ තියෙන්නේ ‘හවුස්මේඩ්‘ ආර්ථිකයක්. (නි)
ශ්‍රී ලංකන් එයාර් ලයින් මෙයින් එකක්.(නදී)
අනේ අපට දෙන්නකෝ ඔය පාඩුවල බර. (නි)
‘කෝප්‘ දෝෂය අද නෙමෙයි හෙට (නි)
බය වෙන්න දෙයක් නෑ. තව 2% නෙ අඩු. මේ ඡන්දෙට ඔය කියන ආයතන වලිනුත් නිකන් වියදම් කලාම ඊලග කාර්තුවේ පාඩු 100% පනියි.(නදී)
පාඩුනම් වහලා දානවකෝ මහජන මුදලින් යැපෙන ලැජ්ජ නැද්ද (අ).
ලාබ ලබමින් තිබුණු එයාර් ලංකා එක ආණ්ඩුවට පවරා ගත්තා. දැන් කියනවා පාඩුයි කියලා. අනේ මන්දා! (නි)
බහුතර සෑම ආයතනයක්ම පාඩු ලබනවා තමයි (නි)
ශ්‍රී ලන්කන් එක පුද්ගලික අංශයේ තියෙන කොට විශාල වශයෙන් ලාභ ලබපු ආයතනයක්. රජයට ගත්තහම පාඩු ලබන හේතුව මේ රටේ හැම පුද්ගලයාම හොදින් දන්නවා.... (දී)
රජය විසින් පාඞු ලබන ආයතන තමන් වෙත පවරා ගැනීමෙන් ආණ්ඞුව තවත් අමාරුවේ නේද? (දී)
ඉතින් මොනවද වෙනසක් වෙයිද නැහැනේ. මේක ඉතින් ප්‍රවෘත්තියක් විතරයි අන්තිමට.(දී)
පෝලිමේ ගොස් චන්දය දෙන චන්ද දාසයනි.නිකන් බොරුවට කැ ගහන්න එපා . ඇමතිවරුන්ගේ සහ උතුමනට පන්දම අල්ලන උපදෙස් දෙන අයගේ බර ඇදීමට සුදානම් ජනතාවක් මේ රටේ ඇත. (දී)
තව ඔහොම යන්, ඔය ගොල්ලන්ටම තමා රට. අපේ රටේ බහුතරය ඉතා බුද්ධිමත් නිසා ඔහෙලා මොනවා කලත් ගානක් නෑ.(නදී)
මේ යන විදියට මිහින් ලංකා මිහිදන් ලංකා කරන්න වැඩි කලක් යන එකක් නැහැ. (දී)
එක පාර්සවයක් පාඩු ලබන කොට අනිත් පාර්සවය ලාබ ලබන්න ඕන නේ අපි නම් ලාබ ලබන පැත්තේ.(නදී)
හැබෑටම? අහන්නත් පුදුමයි, විස්වාස කරන්නත් අමාරුයි.(නදී)
තව සැප පහසු ගුවන් සමාගමක් පටන් අරගෙන,එය මත්තල ආරම්භක ස්ථානයත් ,ගමනාන්තයත් බවට පත් කලයුතයි . එවිට මතලට ඕන තරම් ගුවන් යනා බහීවි. (දී)
දේශපාලකයෝ ටික අයින් කලා නම් ලාබ ලැබෙයි (දී)
මිහින් ලංකා ආරම්භකළ දින පටන්ම පාඩු තමා.මේවා කාට කියන්නද?කව්ද මේවා අහන්නේ? බීරි අලින්ට වීනා වයනවා වගේ දෙයක්. ලබන අවුරුද්දේ හම්බන්තොට වරාය,මත්තල ගුවන් තොටුපල මේවත් එකතු වෙනවා.එදා වේල කන්න නැති මිනිස්සුන්ට දෙවියන්ගේම පිහිටයි (දී)
කෝප් වාර්තා කීයක් එලියට දැම්මද. කෝ ඒ වංචා කාරයන්ට දඬුවම්. වාර්තා එක්ක වැරදි කාරයන්ටත් දඞුවම් දිය යුතුයි. රටේ සල්ලි වලින් වැඩි හරියක් දේශපාලුවොයි හෙංචයියොයි හොරු ටිකයි ගිලිනවා.(දී)
ආයතන පාඩු නො ලබන්න ගසා කෑම නවත්තන්න (දී)
පාඩු ලබන පවුද්ගලික ආයතන රජයට පවර ගත්ත නේ එතකොට පාඩු ලබන රාජ්‍ය ආයතන වලට මොකද කරන්නේ? වාර්තාව විපක්සේට දෙන්න මුද්‍රණය වෙන කොට ගණන් හිලවු වෙනස් වෙයිද කියලත් හිතෙනවා අයියෝ ... (දී)
මාර වැඩක්නේ , තෙල් විදුලිය හරියට නිකන් දෙනවා වගේනේ පාඩුයි කියන්නේ , ලැබ ලබන්නනම් මේවල ඉන්න දේසපාලන හෙන්චයියල ටික අස් කරලා දාන්න ඕන , එතකොට ඉබේම ලාබ ලැබෙයි (දී)