(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රිනාත් ප්‍රසන්න ජයසූරිය)
ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවට අයත් රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම සංස්ථාවේ ගිණුම් සහකාර කළමනාකරුවෙක් සහ කාන්තාවෝ දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණිය ගල්බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයකු, ඔහුගේ බිරිය (32) සහ බාල සහෝදරිය (25) බව පොලිසිය පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය මගින් කළ විමර්ශනවලට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් ගිණුම් සහකාර කළමනාකරු විසින් ව්‍යාජ ලෙස වව්චර් භාවිත කරමින් එමගින් ලබාගන්නා මුදල් බිරියගේ සහ බාල සහෝදරියගේ ගිණුමට බැර කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත.
සැකකරුවන් වංචා කළ මුදල්වලට කුමක් කළේද යන්න පිළිබදව වැඩිදුර විමර්ශන සිදුකෙරේ.
අපරාධ පරීක්ෂණ සහ මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය පොලිස්පති පී. අම්පාවිල මහතාගේ නියෝග පරිදි වැඩිදුර විමර්ශන සිදුකෙරේ.
මහනුවර දළදා වන්දනාවට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා බුද්ධි අංශ නිලධාරීන්ද දහසක් යොදවා ඇති බව පොලිසිය පවසයි.
යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.
දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.
මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ආයුර්වේද සංස්ථාවේ කෝටි 02ට විද්ද එකම පවුලේ 03ක් අත්අඩංගුවට
Kumar Thursday, 03 April 2025 07:27 PM
මෙවැනි හොරුන්ගේ දේපල රජයට පවරාගෙන වෙන්දේසි කරන්නෙ නැද්ද ?