IMG-LOGO

2024 නොවැම්බර් මස 02 වන සෙනසුරාදා


ආරුගම්බේ නව සංචාරක කළාපයක් කරන්න යයි

( තිළිණි ද සිල්වා )

ආරුගම්බේ නව සංචාරක කලාපයක් ලෙස ගැසට් කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ලබන අගෝස්තු මාසයට පෙර එම ගැසට් නිවේදනය නිකුත් කරන බවද සංචාරක අමාත්‍යවරයා කීය.

ඒ අනුව සංචාරක අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව දස වසරක සංවර්ධන සැලැස්මක් යටතේ සංවර්ධනය කෙරෙන ආරුගම්බේ  සංචාරක කලාපය ආශ්‍රිතව රුපියල් මිලියන 1000 කට වඩා වටිනාකමකින් යුක්තව්‍යාපෘතිය 178ක් ක්‍රියාත්මක කෙරෙන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අරුගම්බේ සංචාරක ක්ෂේත්‍රයේ නියුක්තිකයන් සමඟ පැවැති  සාකච්ඡාවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා "

සංචාරක ව්‍යාපාරයට කොරෝනා වෛරසයෙන් ලොකු බලපෑමක් සිදු වෙලා. මේක ලෝකය පුරාම තිබෙන තත්ත්වයක්. රජයක් ලෙස අපි ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා. මේ වෙනකොටත් සංචාරක අමාත්‍යාංශය  පළාත් සභා සමග සාකච්ඡා කර නැගෙනහිර පළාතේ සංචාරක කර්මාන්තය නැංවීම සඳහා රුපියල් මිලියන 300 ක ව්‍යාපෘති ආරම්භ කරන්න සූදානම්. 

ඒ සමගම නාගරික සංවර්ධන අධිකාරිය සමඟ ආරුගම්බේ සංවර්ධන වැඩපිළිවෙළ සකස් කලා. එහි රුපියල් මිලියන දහසකට වඩා වටිනාකමකින් යුක්ත ව්‍යාපෘති 178ක් ක්‍රියාත්මක කෙරෙනවා.

ඉදිරි මාස දෙක තුළ, ඒ කියන්නේ  අගෝස්තු මාසයට පෙර   අරුගම්බේ සංචාරක කලාපයක් විදියට ගැසට් කරනවා. සංචාරක කලාපයක් කළාට පස්සෙ නාගරික සංවර්ධන අධිකාරියේ සහ සංචාරක අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව සියලු කටයුතු සිදු වෙන්නේ. 

සංචාරක ක්ෂේත්‍රයේ නියුක්ත අයගේ ගැටලු සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා. මේ වෙනකොටත් සංචාරක ක්ෂේත්‍රයේ අයට සහන රැසක් ලබා දීලා තියෙනවා. ඉදිරියටත් සහන ලබා දීම ගැන සලකා බලනවා. 

ආරුගම්බේ විතරක් නෙවෙයි. පානම, කුමන වගේ අවට කලාපයම සම්පත් ආකරයක්.  ආරුගම්බේ සංවර්ධන ව්‍යාපෘතිය වසර දහයක සැලසුමකටයි ක්‍රියාත්මක වෙන්නේ. 

සංචාරක ක්ෂේත්‍රයේ තිබෙන්නේ තාවකාලික පසුබැසීමක් පමණයි. එන්නත් කරන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමත් සමඟ සංචාරක ක්ෂේත්‍රයට නැවතත් හොඳ කාලයක් උදා වෙනවා. ඒ නිසා මේ  අමාරු කාලයේ දී පහසුකම් වැඩි දියුණු කර හෝටල් ආදිය ක්‍රමානුකූලව පවත්වාගෙන යමින් සංචාරකයින් පිළිගන්න අපි සූදානම් වෙන්න ඕනේ.මේ ප්‍රදේශය  සංචාරක කලාපයක් උනාම ශීඝ්‍රයෙන් දියුණුව කරා ගමන් කරනවා යැයිද කීවේය.

 

 

 



අදහස් (4)

ආරුගම්බේ නව සංචාරක කළාපයක් කරන්න යයි

Chris Thursday, 01 July 2021 01:59 PM

අප සංචාරකයන් ගෙන්වන්නන් වන්නා සේම මෙරටට සංචාරකයින් එවන සමාගම්ද එතෙර රටවල තිබේ. සංචාරකයන් එවන ඒ සමාගම් දැනටත් ක්‍රියාත්මකයි. ඒ සමාගම් වැසී නැත. ඒ රටවල ආණ්ඩුවලට තිබෙන ආර්ථික ශක්තිය අපේ රටේ ආණ්ඩුවට නැති බව අපි දනිමු...

:       3       24

සංචාරකයා Thursday, 01 July 2021 02:19 PM

අාරුගම්බේ ඉඳලා ත්‍රිකුණාමලයෙන් උතුරට මුහුදු තීරය දිගේ ආණ්ඩුවේ කැලෑවල ආණ්ඩුවේ නැතත් ආණ්ඩුවේ බලවත්ම පුද්ගලයා යැයි කියන කෙනා හදා ඇති තරු පහේ හෝටල්වලට හොඳ කලක් එයි නේද?

:       7       189

Nihal Thursday, 01 July 2021 04:22 PM

කළින් දේශීය සංචාරයට කුඩම්මාගේ සැලකිල්ල... සතේකට ගණන් ගත්තේ නැහැ.

:       0       0

ganegoda Thursday, 01 July 2021 04:57 PM

ඔහේගේ මුහුණ දැක්කාම නිලමැස්සෙක්වත් ඒවි කියලා හිතන්න අමාරුයි....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රුපියල් ලක්ෂ 60ක ජංගම දුරකථන කටුනායකදී මාට්ටු
2024 නොවැම්බර් මස 02 818 0

රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග


ලංකාවේ ආර්ථික නිදහස තව පල්ලම් බැහැලා
2024 නොවැම්බර් මස 02 1931 0

ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ


කොටියාගල ජල ටැංකියට ජලය ගෙනයන ඇළේ මළ සිරුරක්
2024 නොවැම්බර් මස 02 1395 0

බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා ජල ටැංකියට ජලය රැගෙන යන ජල ප්‍රවාහන පද්ධතියේ ආරක්ෂිත දැලේ තිබි නාදුනන ප


ලොරියක් සහ වෑන් රියක් ගැටී අයෙක් මරුට
2024 නොවැම්බර් මස 02 485 0

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් එක


කොටුව - කන්කසන්තුරේ නගරාන්තර දුම්රියක් අද සිට
2024 නොවැම්බර් මස 02 1409 0

කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර නගරාන්තර දුම්රියක් අද (2) සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


පළාත් රැසක අද තද වැසි සහ සුළං
2024 නොවැම්බර් මස 02 480 0

දිවයිනේ බොහො ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අව


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 339 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1194 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site