(ඉන්දිකා රාමනයක සහ ළහිරු හර්ෂණ)
1992 අගෝස්තු 08 වැනිදා යාපනය ආරාලි තුඩුවේ දි එල්ටීටීඊ අධිපීඩන බෝම්බයකට ගොදුරු වී ජීවිතක්ෂයට පත් වූ ලුතිතන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු රණවිරුවන්ගේ 29 වැනි ගුණානුස්මරණ උත්සවය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් අනුකූලව අරාලි තුඩුවේදී අද පැවැත්විණි.
මේජර් ජෙනරාල් විජය විමලරත්න, රියර් අද්මිරාල් මොහාන් ජයමහ, ලුතිනන් කර්නල් එච්.ආර්. එච්ස්ටෙපන්, ලුතිනන් කර්නල් ජී.එච්. ආරියරත්න, ලුතිතතන් කර්නල් වයි.එන්. පලිපාන, කමාන්ඩර් අසංග ලංකාතිලක, ලුතිනන් කර්නල් නලීන් ද අල්විස්, ලුතිතන් කමාන්ඩර් සී.බී. විජේපුර, සාමාන්‍ය සෙබළ ඩබ්.ජේ. වික්‍රමසිංහ ලුතිතන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සමඟ එම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූහ.
ලුතිතන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ අනෙකුත් විරුවන් අධිපපීඩන බෝම්බයට ගොදුරවන අවස්ථාවේ ඔවුන් ගමන්ගත් රථයේ කොටස් තැන්පත් කර ඉදිකල කෞතුකාගාරය විවෘත කිරීම ද ගුණසැමරුමට සමගාමීව යුද හමුදාධිපතිවරය විසින් සිදු කරනු ලැබීය.
මෙම අවස්ථාවට යාපනය ආරක්ෂක ආඥාපති මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු මහතා ඇතුළු ත්‍රිවිධ හමුදා උසස් නිලධාරීහු ද එක් වූහ.
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආරාලි දූපතේ දී දිවි පිදූ විරෝවෝ සමරති
Kalpa Sunday, 08 August 2021 06:20 PM
ඉතාම අගය කළයුතු වැඩක්... විරුවනි, ඔබ සදා අමරණීයයි...
තිලක් Sunday, 08 August 2021 06:56 PM
රාජ්‍ය උත්සව 2020 සැප්තැම්බර් 01 දක්වා ?
කිරි පුතා Sunday, 08 August 2021 07:52 PM
රටේ නිදහස වෙනුවෙන් එදා මෙදාතුර දිවි පිදූ, ඇස්, ඉස්, මස්, ලේ දන්දුන් සියලු රණවිරුවන්ට ජාතියේ ප්‍රණාමය...!
RaveendraMonday, 09 August 2021 06:48 AM
ඇත්තෙන්ම අප රණවිරුවන් හට සදා ණය ගැතිය. ඔවුන් කැපවී වැඩ නොකලා නම් අද රටේ තත්වය උඩු යටිකුරුවී තිබෙනවා විය හැක. අප රටේ පුරවැසියන් වැඩි දෙනෙකුට මෙන්ම දේශය පාලනය කරනවා යයි කෑමොර දෙමින් දේශය විනාශ කරන දියවන්නාව පට්ටියේ හරකුන් 225 න් වැඩිම හරකුන් ගොඩකට රණවිරුවන්ගේ ඒ කැපකිරීම දැනටමත් අමතක වී ඇති බව ඒ ඒ හරකුන් තප්පුලන ආකාරයට ඉතාමත්ම පැහැදිලිය. මෙම අදහස් දියවන්නාව පට්ටියේ හරකුන් 225ට ( විශේෂයෙන් උද්ගෝෂණ, වර්ජන පිටිපස සිටින මීහරකුන්ට ) මෙන්ම වෘර්තීය නායකයන් යයි කියාගන්න අපත බල්ලන්ට කියවීමට හැකි වේවා....
ලුම්බිණි Monday, 09 August 2021 04:49 AM
ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව කියන්නේ සැබෑ රණ විරුවෙක් සහ සදා සැමරිය යුතු කෙනෙක්. ඒත් යුද හමුදාපති පිළිගන්න මෙච්චර උත්සවයක් තියන්න ඕනෑද?