(ගයාන් සූරිය ආරච්චි)
ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටියදී මියගොස් ඇතැයි විල්ගමුව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ ආර්.ජී. පුෂ්පදේව (68) නැමැත්තකු බව පොලිසිය පවසයි.
මරණ කරු සහ සැකකරුවන් ජනාධිපතිවරණයේ ප්‍රචාරක රැස්වීමකට සහභාගි වී නිවෙස් බලා පැමිණෙමින් සිටියදී මත්පැන් පානය කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එහිදී මරණකරු සහ සැකකරුවන් අතර ඇති වූ ආරවුලක් මත පේර කනත්ත බස් නැවතුම්පොළ අසලදී සැකකරුවන් විසින් මරණ කරුට මොට යුධයකින් පහරදී ඇති අතර එහිදී තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කළ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 30 හා 36 වයස්වල පසුවන විල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය කියයි.ෙ අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. විල්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
ඩීසල් (0.05% M.S.) නැව් තොග 4ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2025 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
චීනයේ නිල සංචාරයකට සහභාගී වන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාට ආරාධනයක් ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
2015 වසරේ ශ්‍රී ලංකා මහා බැංකු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් දූෂණය නම් වරද සිදු කර ඇතැයි කියන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට පෙබරව
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහ
E8 වීසා ක්‍රමවේදය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආරවුල මරණයෙන් කෙළවර වෙයි