IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ආවේ නාට්‍ය ලියන්න, ඒත් දැන් රඟපානවා

SAN_9478-NEW

SAN_8358---Copy

 

‘‘අපි අහලා නැති වුණත්, උන් හොඳ මාබල් ලෝඞ් එකක් හොයාගෙන තියෙනවා. ඒකට අද රාජ්‍ය නායකයන් පුද්ගලිකව සපෝට් කරනවා’’
මේ විදියට කියන්නෙ කවුද දන්නවද? තිලක්‍ෂිනී රත්නායකයි. 

මේ තිලක්‍ෂිනී හෙවත් යාළුවෝ ආදරයට අමතන ‘තිලා’ කවුද?

මේ දිනවල මෙයාට හැමෝම කියන්නෙ ‘‘දුටු තැන අල්ලනු’ කියලයි.

ප‍්‍රවීන රංගන හා නාට්‍යවේදීනි කෞෂල්‍යා ප‍්‍රනාන්දුගේ අලූත්ම වේදිකා නාට්‍ය වන ‘දුටුතැන අල්ලනු’ එහි ප‍්‍රධාන භූමිකාවකට ‘තිලක්‍ෂිනී’’ එක්ව සිටීම ඊට හේතුවයි.
2011 දී යෞවන නාට්‍ය සම්මාන උළෙලේදී කෙටි නාට්‍ය අංශයේ හොඳම නිළිය වූ ඇය එවර රාජ්‍ය නාට්‍ය උළෙලේදී හොඳම ඇඳුම් නිර්මාණය සඳහා සම්මාන ලබා ගත්තා. 2013 දීත් එලෙසින් ඇය සම්මාන ලබා තිබෙනවා.2014 දීත් රාජ්‍ය නාට්‍ය උළෙලේදී කෙටි නාට්‍ය අංශයේ හොඳම නිළිය වූවේත් ඇයයි. මේ විදියට කෙටි නාට්‍ය හරහා රංගනයෙන් දීර්ඝ ගමනක් යන්න හදන මේ තිලක්‍ෂිනී එක්ක අපි කතා බහකට එක්වෙමු.

 


0101 තිලක්‍ෂිණී ඒ නාමයෙහි තේරුම දන්නවද?
2015-12-021-newඅනිත්‍යයි දුකයි, අනාත්මයි තමයි.

 

0101

 ගම කොහෙද?

වැඩි ඈතක නැහැ. කොළඹ කොටහේන.


0101 ඉගෙන ගත්තෙ?
ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන්.


0101 වයසත් කියමු නේද?
අවුරුදු 25 යි.


0101 තිලක්‍ෂිනී ඇයි ඔබ කෙටිනාට්‍යවල විතරක්ම රඟපාන්නෙ?
කෙටි නාට්‍ය කියාම විශේෂත්වයක් නැහැ. වේදිකාවේ රංගනයට අමතරව ඇඳුම් නිර්මාණ අංශයෙනුත් දායක වෙනවා.


0101  වෘත්තියෙන්?
රංගනයම තමයි. රංගනයට එක්වූ පසුව සෞන්දර්යය සරසවියෙන් නාට්‍ය හා රංග කලාව ගැන ඩිප්ලෝමා කළා. පසුව කෞෂල්‍යා ප‍්‍රනාන්දු මහත්මිය යටතේ ‘ගමරාල දිව්‍යලෝකෙට ගිහින්’, හිමකුමරිය, රන්මලී ඇතුළු සෝමලතා සුබසිංහ මහත්මියගේ නාට්‍ය නිර්මාණයන්හි රඟපෑමට එක් වුණා.


0101 දැන් ‘‘දුටු තැන අල්ලනු’ එහෙම නේද?
‘‘බර්ටෝල් බ්‍රෙෂ්ට්’’ගෙ පෙති ඔපෙරා නාට්‍යයට අදාළව නයිජීරියානු පිටපතකට අනුව නිර්මාණය වුවත් මේ නාට්‍යය ශ්‍රී ලාංකීය නාට්‍ය රසිකයින්ට මෙය අපූරු අත්දැකීමක් ගෙන දේවි.


0101 වේදිකා නාට්‍ය නිර්මාණවල විතරද රඟපාන්නෙ?
ප‍්‍රසන්න ජයකොඩිගෙ ‘‘අර්ධ වෘතාන්ත චිත‍්‍රපටයක රඟපෑවා ‘‘උසාවිය නිහඬයි’’ කියලා. ඉන්පසු අශෝක හඳගමගෙ අලූත්ම සිනමා නිර්මාණය වන ‘‘ඇයට හඬන්න දෙන්න’’ (ඛමඑි යැර ජරහ* චිත‍්‍රපටයේත් රඟපෑවා.


0101 ඇයි මේ රඟපෑම් අංශයම තෝරා ගත්තෙ?
ඇත්තම කිව්වොත් පාසලේ දී නාට්‍යවලට එතරම් දායකත්වයක් ලබා දුන්නෙ නැහැ. නමුත් ප‍්‍රසිද්ධ වේදිකාවට එක්වුණේ නාට්‍ය ලියන්න හිතාගෙනයි. මුල්ම කෙටි නාට්‍යයට සම්මානයක් ලැබුණාම දිගටම නාට්‍ය ක්ෂේත‍්‍රයේ වැඩ කරන්න වගේම ඒ අංශයෙන් ඉගෙන ගන්න හිතුවා. ඒ අතරේදී ආරාධනා ලැබෙන විදියට ටෙලිනාට්‍යවල කෙටි චරිතවලට එක්වුණා.


0101 දීර්ඝ ටෙලිනාට්‍ය සඳහා ඇරයුම් ලැබුණොත් බාර ගන්නවද?
ඒ ගැන ප‍්‍රශ්නයක් නැහැ. නාට්‍ය හෝ නිර්මාණ වර්ග කිරීමක් නැහැ. චරිතය හොඳනම් බාරගන්නවා. කෙටි චිත‍්‍රපට කීපයක් රඟපෑවා. මෑතක දී නිමා වූ කොළඹ ජාත්‍යන්තර උළෙලේදී ඒවා ප‍්‍රදර්ශනය වුණා.


0101 පවුලේ විස්තර කිව්වොත්?
පවුලේ එකම දරුවා මමයි.


0101 ‘‘දුටුගැන අල්ලනු’’ කවදද මංගල දර්ශනය?
මෙම 12 සහ 13 කොළඹ ලයනල් වෙන්ඞ්ට් රංග ශාලාවේ දී වේදිකාගත වෙනවා. සෝමලතා සුබසිංහ මහත්මියගේ චක්හ යදමිැ පදනම තමයි සංවිධානය කරන්නෙ. ප‍්‍රවීන රංග හා නාට්‍යවේදිනී කෞෂල්‍යා ප‍්‍රනාන්දුගේ අපූරු නිර්මාණයක් ලෙස මෙය නම් කරන්න පුළුවනි.

 

SAN_9356

SAN_9394-NEW

SAN_9431-NEW

SAN_9432-NEW 

 

sadun-gamage-new



අදහස් (0)

ආවේ නාට්‍ය ලියන්න, ඒත් දැන් රඟපානවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 241 0

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 55 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


නව ජනපතිට චීන ජනපතිගෙනුත් සුභපැතුම්
2024 සැප්තැම්බර් මස 23 416 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චී


ඡන්දෙ දාන්න ගමේ ගියත් වැඩට එන්න බස් නෑ
2024 සැප්තැම්බර් මස 23 233 0

ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා තොරාපත් කර ගැනිම සදහා ඉකුත් (21) දින පැවැත් වු ජනාධිපතිවරණයේදි සිය ජන්දය භාවිතා කිරිමට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප


අනුරගෙන් හිස් වූ පුටුවට නිපුණාරච්චි
2024 සැප්තැම්බර් මස 23 919 0

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් හිස්වන එම මන්ත්‍රී ධූරය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින්


ශ්‍රි ලංකාවේ ගමනට සහය දෙන්න ලෑස්තියි
2024 සැප්තැම්බර් මස 23 885 1

ශ්‍රී ලංකාව 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් ස්ථාවර, සමෘද්ධිමත් සහ සහජීවන සමාජයක් ගොඩ නැගීම


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21601 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21266 7



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 115 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 333 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 170 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site