යාපනය පසුබිම් කරගනිමින් අපරාධවල නිරත වන බව කියන ආවා කල්ලිය ඇතුළු මැර කල්ලි යුද හමුදාවේ සහායෙන් කටයුතු කරන බවට දැඩි සැකයක් මතුව ඇතැයි උතුරු මහ ඇමති සී වී විග්නේෂ්වරන් මහතා පැවසීය.
යාපනයේ මේ වනවිට පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් බුද්ධිමත්ව කටයුතු කරන ලෙසට තමන් දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටින බවද විග්නේෂ්වරන් මහතා සදහන් කළේය.
ආවා කල්ලිය, ප්‍රබාකරන් බළකාය, සන්නාගේ කල්ලිය වැනි නම් වලින් සැරිසරන කල්ලි විසින් නිකුත් කළ බව කියන නිවේදනයන් තුළින් දෙමළ ජනතාව වටා කිසියම් අකටයුත්තක් සිදුවන බව මනාව පැහැදිලි වන බවද විග්නේෂ්වරන් මහතා කීවේය.
මුලතිව් මුල්ලියාවේලි මහා විද්‍යාලයේ අද පැවති සංස්කෘතික උත්සවයකට එක්වෙමින් මහ ඇමතිවරයා මේ බව සදහන් කළේය.
‘කඩු පහර එල්ලකිරීමේ සංස්කෘතිය, මත්ද්‍රව්‍ය ජාවාරම්, ස්ත්‍රී දූෂණ මෙන්ම විවිධ ආකාරයෙන් සමාජ වැනසීමේ ක්‍රියාවන් අනුමත කරන්න බැහැ. මේවා පසුපස කවුරුන් සිටීද යන්න දැනදැනත් ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත නොහැකි තත්වයක් පවතිනවා.
ආරකෂක වගකීම් අප අතට බාර දෙන්න. අපි ආවා කල්ලියත් සන්නා කල්ලියත් මුළුමනින්ම මර්දනය කර පෙන්වන්නම් යැයි හමුදාව අදහස් ප්‍රකාශ කරනවා. මෙම කල්ලි ගැන හමුදාව මුල සිටම දැන සිටි බවට අපට සැකයක් මතුවෙනවා. එසේ අවා කල්ලිය මර්දනය කරන්න හමුදාව කැමති නම් ඇයි ඔවුන් පොලිසිය හා එක්ව ඔවුන්ව අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගැනීමට මූලිකත්වය ගන්නෙ නැත්තෙ?
ආවා කල්ලියත් සන්නා කල්ලියත් හමුදාව විසින් හදුනාගත් කණ්ඩායම්. ඔවුන් මර්දනය කිරීමට හමුදාවට හැකියාවක් තිඛෙන බව කියන්නේ නම් එම කල්ලිවල සාමාජිකයින් සම්බන්ධයෙන් සියලු තොරතුරු හමුදාව ළඟ තිඛෙන බවයි සත්‍යය.
උතුරු පළාතේ දෙමළ පොලිස් නිලදාරීන්ගේ විශාල අඩුවක් පවතිනවා. මේ නිසා උතුරේ තරුණයින් පොලිස් සේවය සදහා එක්කර ගන්නැයි මා පොලිස් දෙපාර්තුමේන්තුවෙන් ඉල්ලා සිටිනවා. ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උප්පත්තියේ වරද. ආවා කල්ලිය පසුපස සිටින්නේ කවද? ඔවුන්ගේ අභිප්‍රාය කුමක්ද යන්න කතාවෙන් පැහැදිලි වෙනවා. එකම උවමනාව යුදහමුදාව උතුරු පලාත්වලින් ඉවත් කර ගැනීමය.(අ)
එකම වල්ලේ පොල් බව පේනවා. ජඩ දේශපාලනයට මුදල් මිස රට නොවැදගත් බව උතුරත් දකුණත් පෙන්නනවා. (නි)
ඔව් ඔව්. ඒ විදිහටම වෙන්න ඇති (නි)
මේක පිටිපස්සේ ඉන්නවා ඇත්තෙ කවුද කියලා අපිට දැනෙනවා. මෙයා පහුගිය දවස්වල දෙමළ මිනිස්සු නොමඟ යවන්න හැදුවා. මෙයාලට ඕනෑ මොනවාහරි කියලා ආමි එක උතුරෙන් පන්නගන්න. (නි)
රාජිතත් විග්නේශ්වරනුත් දෙන්නම කියන්නේ එකම දෙය. දෙන්නටම ඕනෑ අපේ හමුදාවන් නැති කරන්නද. (නි)
අනේ ගුත්තිල නොදුටි මොක්පුර! (නි)
දැන් තේරෙනවා උතුරේ ප්‍රශ්න හැදෙන හැටි. ඔය ඔක්කොම පිටිපස්සේ ඉන්නේ කවුද කියලා අපිට තේරෙනවා. (නි)
උන්නැගේ පව් හමුදාව මතට පටවන්නද හදන්නේ? අද කවුරුත් කෑගහන්නේ ඒ හමුදාවට පින්සිද්ධ වෙන්න බව අමතක කරන්න එපා. (නි)
කන බත් පතටත් ලැජ්ජයි. (නි)
ත්‍රස්තවාදය විනාශකළ නිසාද අපේ හමුදාව එක්ක ඔච්චර තරහා (නි)
මෙයා මෙහෙම දිවැස් කියන්නේ පේන බලලා වෙන්න ඇති (නි)