IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ආසන පැරදුණු ඇමතිවරු

රජයේ ප්‍රධාන පෙළේ ඇමතිවරු හා නියෝජ්‍ය ඇමැතිවරු 16 ක් නියෝජනය කරණ ආසන ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබල ඇමතිවරයකු වූ නිමල් සිරිපාල ද සිල්වා මහතා නියෝජනය කරණ බදුල්ල ආසනයෙන් ඡන්ද 22,659ක් ලැබූ මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්ද 20,202 ක් ලැබූ මහින්ද රාජපක්ෂ මහතාට වඩා වැඩි ඡන්ද 2,457ක් ගත්තේය.

වතුකරයේ සුළු ජාතීන්ගේ නියෝජිතයකු ලෙස සැළකෙන ඇමති ආරුමුගන් තොණ්ඩමන් මහතා නියෝජනය කරණ නුවරඑළිය ආසනයෙන් මහින්ද රාජපක්ෂ මහතා ලැබූ ඡන්ද සංඛ්‍යාව 57,718 කි. එම ආසනයෙන් ඡන්ද 171,578ක් ලැබූ මෛත්‍රීපාල සිරිසේන මහතා වාර්තාගත 113,860ක වැඩි ඡන්ද සංඛ්‍යාවක් හිමිකැර ගත්තේය.

උතුරේ දෙමළ ජාතිකයන්ගේ නායකයකු ලෙස පිළිගන්නා ඇමති ඩග්ලස් දේවානන්ද මහතාට තමන් සංවිධායකත්වය දරණ කයිට්ස් ආසනය මහින්ද රාජපක්ෂ මහතාට රැකදීමට දේවානන්ද මහතා අපොහොසත් වූයේ වැඩි ඡන්ද 2,185 කින් මෛත්‍රීපාල සිරිසේන මහතා ජය ලැබීම හේතුවෙනි. මහින්ද රාජපක්ෂ මහතා කයිට්ස් හි ඡන්ද 5,959 ක් හිමිකැර ගනිද්දී මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමිවූ ඡන්ද සංඛ්‍යාව 8,144කි.

සුළු ජාතීන්ගේ නියෝජිතයකු වූ ඇමති එම්.එල්.ඒ.එම්.අතාඋල්ලා මහතා නියෝජනය කරණ කල්මුණේ මැතිවරණ කොට්ඨාශය ද මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වූයේය. එම ආසනයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්ද 45,411ක් හිමිකැර ගනිද්දී මහින්ද රාජපක්ෂ මහතාට හිමිවූයේ ඡන්ද 4,683ක් පමණි. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩි ඡන්ද 40,728 ක් ලබමින් කල්මුණේ ජයගත්තේය.

මැතිවරණ සමයේ ආන්දෝලනයට තුඩුදුන් ප්‍රකාශ කිහිපයක් සිදුකළ ඇමති එස්.බී.දිසානායක මහතා ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කරන උඩුනුවර ආසනයෙන් මහින්ද රාජපක්ෂ මහතාට ජය හිමිකැර දීමට දිසානායක මහතා අසමත් වූයේය. මෛත්‍රීපාල සිරිසේන මහතා උඩුනුවරින් 38,018ක් ඡන්ද හිමිකැර ගනිද්දී ඊට ඡන්ද 12,034 ක් පිටුපසින් සිටි මහින්ද රාජපක්ෂ මහතාට හිමිවූ ඡන්ද සංඛ්‍යාව 25,984කි.

ජා-ඇල ආසනය මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද 53,481ක් හිමිකැර ගනිද්දී මෛත්‍රීපාල සිරිසේන මහතා හිමිකැරගත් ඡන්ද සංඛ්‍යාව 58,669කි. ඒ අනුව ඇමති ෆීලික්ස් පෙරේරා නියෝජනය කළ ජා-ඇල මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද 5,188 කින් පරාජයට පත්වූයේය.

වලපනේ ආසනයේ සංවිධායකවරයා ලෙස කටයුතු කළේ අමාත්‍ය සී.බී.රත්නායක මහතාය. ඔහුට තම ආසනයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීමට නොහැකි විය. එම ආසනයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද 30,354ක් හිමිකැර ගනිද්දී ඡන්ද 32,340ක් ලබාගත් මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩි ඡන්ද 1,986 න් ජයගත්තේය.

මැතිවරණ සමයේ රාජ්‍ය මාධ්‍ය අව භාවිතය පිළිබඳ දැඩි චෝදනා එල්ලවූයේය. රජයේ මාධ්‍ය ඇමතිවරයාව සිටි කෙහෙළිය රඹුක්වැල්ල මහතා නියෝජනය කළේ මහනුවර ආසනයයි. එම ආසනයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්ද 20,316 ක් ගනිද්දී මහින්ද රාජපක්ෂ මහතාට හිමිවූයේ ඉන් අඩකට ආසන්න ඡන්ද සංඛ්‍යාවකි. ඒ 10,200 කි.  කෙහෙළිය අසුන පරාජය වූයේ ඡන්ද 10,116 කිනි.

කුරුණෑගල ආසනයේ සංවිධායකවරයාව සිටි ඇමති ජයරත්න හේරත් මහතාට ද සිය අසුන මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් දිනා දීමට නොහැකි විය. එම ආසනයේ සන්ධානයට ඡන්ද 31,429 ක් හිමිවෙද්දී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා මහතාට ඡන්ද 37,895 ක් හිමිවිය. ඒ අනුව වැඩි ඡන්ද 6,466 කින් මෛත්‍රී ආසනය ජයගත්තේය.

පානදුර අසුන ද මහින්ද රාජපක්ෂ මහතාට අහිමිවූයේය. ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව 45,908 කි. පානදුරය ජයගත් මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්ද 46,820 ක් හිමිකැර ගනිමින් වැඩි ඡන්ද 912 කින් පානදුරය ජයගත්තේය. එය අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ ආසනයයි.

ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා නියෝජනය කරණ හාලිඇල ආසනය ද වැඩි ඡන්ද 2,377කින් ජයගැනීමට මෛත්‍රීපාල සිරිසේන මහතා සමත්වූයේය. මහින්ද රාජපක්ෂ මහතා හාලිඇල ආසනයෙන් ඡන්ද 25,420ක් හිමිකැර ගනිද්දී මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්ද 27,797ක් දිනා ගත්තේය.

රජයේ ආන්දෝලනයට තුඩුදුන් අමාත්‍යවරයකු වූ මර්වින් සිල්වා මහතා කැලණියේ ආසන සංවිධායකත්වයෙන් ඉවත්ව ගියේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කැර තිබිය දී ය. කැලණිය ආසනයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද 32,856ක් හිමිකැර ගනිද්දී මෛත්‍රීපාල සිරිසේන මහතා හිමිකැරගත් ඡන්ද සංඛ්‍යාව 37,884කි. ඒ අනුව වැඩි ඡන්ද 5,028 කින් කැලණිය ජයගැනීමට මෛත්‍රීපාල සිරිසේන මහතා සමත්වූයේය.

නාවලපිටිය ආසනයේ මෛත්‍රීපාල සිරිසේන මහතා 40,233 ක් හිමිකැර ගනිද්දී මහින්ද රාජපක්ෂ මහතා ලැබූ ඡන්ද සංඛයාව 32,619 කි. අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සංවිධායකත්වය දැරූ නාවලපිටිය ආසනය වැඩි ඡන්ද 7,614 කින් ජය ලැබීමට මෛත්‍රීපාල සිරිසේන මහතා සමත්වූයේය.



අදහස් (0)

ආසන පැරදුණු ඇමතිවරු

දිසානායක Sunday, 11 January 2015 07:50 AM

ඉතින් අගමැති ගම්පොලනේ. එහෙට මොකෝ උනේ (නදී)

:       0       0

ඇන්ජලෝ Sunday, 11 January 2015 08:31 AM

අපිව දැනුවත් කළාට ස්තූතියි! (නි)

:       0       0

පාරමී Sunday, 11 January 2015 06:07 AM

මේකේ එකක් අඩුයි. අගමැතිතුමා සහ අබ්දුල් කාදර් ඇමතිතුමා නියෝජනය කරන ගම්පොළ ආසනය වැඩි ඡන්ද 12,035 කින් පරාදයි (බ)

:       0       0

රුවන් Sunday, 11 January 2015 06:14 AM

හොරු ටිකට නියම විදිහට සැලකූ ජනතාවට අපගේ උත්තමාචාරය! (බ)

:       0       0

රනිල් ෆොන්සේකා Sunday, 11 January 2015 06:49 AM

බියගමට අම්බලන්ගොඩට මොකද වුනේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 869 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 474 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 351 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 612 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 404 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1114 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38669 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 954 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site