IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ආසියා රටවල් නවයක් පැරිසියේ වෙසක් සමරයි

ජාත්‍යන්තර වෙසක් දිනය නිමිත්තෙන් පැරිසියේ යුනෙස්කෝ මූලස්ථානයේ දී විශේෂ දහම් වැඩ සටහන් ඇතුළත් වෙසක් උත්සවයක්  හා වියට්නාමය, මොංගෝලියාව, චීනය, බංගලිදේශය, ඉන්දියාව, නේපාලය, ඉන්දුනීසියාව, තායිලන්තය හා ශ්‍රී ලංකාවේ  ජාතික සංස්කෘතිය සංදර්ශනයක් පැරිසියේ දී පැවැත්විණි.

එක් එක් ජාතීන්ට ආවේනික නර්තන හා ගායන වැඩසටහන් එදින සංදර්ශනය ආලෝකමත් කළේය.

ශිරන්ති රාජපක්ෂ ජනාධිපති ආර්යාව, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති හඟවත්ත උත්සවයේ ප්‍රධාන ආරාධිතයෝ වූහ.

තායිලන්තයේ වැඩ වසන බෝදාගම චන්දිම හිමියන්ගේ අනුශාසනාව මත සංවිධානය වූ එම වෙසක් උත්සවය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ ලේකම් ජෝර්ජ් කුක් මහතාගේ වේදිකා පරිපාලනයෙන් සිදු විය.



අදහස් (0)

ආසියා රටවල් නවයක් පැරිසියේ වෙසක් සමරයි

පෙරේරා Wednesday, 04 June 2014 05:37 AM

පහළ ප්‍රවෘත්තියක තිබෙනවා ගංවතුරේ මාළු අල්ලපු විස්තරයක්... හැබැයි මට එහෙම දේවල් හිතෙන්නේ නැහැ කොහොමටවත්. මම හිතන්නේ සතුන් මරණ එක පවු කියලා (නි)

:       0       0

මංජු Tuesday, 03 June 2014 05:26 PM

වෙසක් තෙමගුලට සංස්කෘතික නැටුම් ගැලපෙන්නේ නැහැ. භක්ති ගීත කිව්වා නම් මිට වැඩිය හොඳයි.(නදී)

:       0       0

ඇල්බට් Wednesday, 04 June 2014 06:59 AM

ඕවා අපට ගැලපෙන්නේ නෑ (නදී)

:       0       0

සුදේශ් Tuesday, 03 June 2014 05:29 PM

මෙහෙම වෙසක් සමරනවා ද ? බුදුදහම වනසනවාද? මට වැටහෙන්නේ නැහැ මගේ බුදුහාමුරුවනේ (නදී)

:       0       0

ජේමිස් Thursday, 05 June 2014 01:58 AM

හරිම අගෙයි (නි)

:       0       0

රෝ ලංකා Wednesday, 04 June 2014 08:14 AM

කෝ බුදු තෙමගුල ගැන අසිරිය..? (නදී)

:       0       0

සිරා Tuesday, 03 June 2014 06:26 PM

හරි හරි ඔය කියන්නේ ජිම්නාස්ටික් කල තරුණියට ඔසරියක් ඇඳගෙන ඔය වැඩේ කරන්න කියලනේ තේරුනා (නදී)

:       0       0

අසෝකා Tuesday, 03 June 2014 06:29 PM

මටත් පේන්නේ මෙය සංස්කෘතික සංදර්ශනයක් උනානම් වඩාත් හොදයි කියලා (නදී)

:       0       0

ඇන්ඩෘ Tuesday, 03 June 2014 06:45 PM

මෙය ආසියානු සංස්කෘතික උත්සවයක් කිව්වා නම් වඩාත් අගෙයි. ඉතා හොද ඉහල මට්ටමේ දර්ශන තියෙන්නේ. අඩු ගානේ පසුබිම් තිරයේ වෙසක් කුඩුවක්වත් තිබුනානම් හිතාගන්න තිබුනා. මම ඉන්නේ පර්ත්වල. මෙහෙනම් වෙසක් එකට කැරකෙන කුඩු, සාමාන්‍ය කුඩු, දන්සල, භක්ති ගීත එහෙම තිබුනා. මේ වැනි සංදර්ශන තියෙනවා අවුරුද්දට. එළියේ ක්‍රීඩා තරග තියෙනවා. හාමුදුරු නමක් හිටි පලියට වෙසක් උත්සවයක් වෙන්නේ නැහැ. (නදී)

:       0       0

රවීන් Wednesday, 04 June 2014 09:12 AM

හරිම ලස්සනයි (නි)

:       0       0

සපුමල් Tuesday, 03 June 2014 06:54 PM

ඇත්තටම වෙසක් සමරන්නේ මෙහෙමද? (නදී)

:       0       0

චින්තක Wednesday, 04 June 2014 09:20 AM

කුමාරිට බැනපු අය දැන් මොකද කියන්නේ? විජිතගේ විස්තරය බලන්න. (නි)

:       0       0

ලසන්ත Tuesday, 03 June 2014 07:28 PM

කිමාරි, මේකට අපි වෙනත් ජාතක කතා නමක් දාමු ? (ස)

:       0       0

හේමන්ත Tuesday, 03 June 2014 07:29 PM

අනෙක් රටවල් වල වෙසක් සැමරීම ගැන කියන්න බැහැ. නමුත් අපේ රටේ වෙසක් වලට අපි කරන එකම පින්කමක් හෝ, ශ්‍රද්ධාව ඇතිවෙන භක්ති ගීතයක් වත් එතන කියෙව්වේ නැද්ද? (ස)

:       0       0

කුමාරි Wednesday, 04 June 2014 09:32 AM

බොහොම ස්තුතියි විජිත මහත්තයෝ! (නදී)

:       0       0

නලින් Tuesday, 03 June 2014 07:56 PM

මේක සංස්කෘතික උත්සවයක්. මේ වගේ දේවල් වෙසක් වෙනුවෙන් ගැලපෙන්නේ නෑ. (නදී)

:       0       0

අනගාරික Wednesday, 04 June 2014 10:42 AM

මේක මහා විකාරයක් ,,,,, මේකට වෙසක් කියන නම දාගත්ත එක ලොකු වැරැද්දක්, බැලු බැල්මට පෙනෙන්නේ චීන සර්කස් පෙන්නනවා වගෙයි, නිර්මල බුදු දහමේ තෙමගුල ගැන බටහිර රටවලට දෙන පණිවිඩය මේක නම් ,,,,,,, සම්බුද්ද ශාසනයට දෙවියන්ගේම පිහිටයි ,,, අපරාදේ මේකට තව හිප් හොප් , රැප්, කැබරේ එහෙමත් එකතු කරන්න තිබුණා, යුනෙස්කෝ එකත් ඉඳල හිටලා මේ වගේ වැඩ කරනවා. (ස)

:       0       0

නාලක Wednesday, 04 June 2014 10:46 AM

හුඟක් අයට වෙසක් සමරන විට බුදු හමුදුරුවන් සහ වෙසක් යනු කුමක්ද අමතක වෙනවා.... ලංකාවෙත් එහෙමයි... දන්සල් ලඟ ඔලු බක්කෝ නැටීමත් .... මේ උත්සවයත් දෙකම එකයි.... නමුත් මේකට වෙසක් කියන නම ගාව ගන්නේ නැතුව සංස්කෘතික සංදර්ශනයක් කිව්වා නම්.. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. (ස)

:       0       0

නාලක Wednesday, 04 June 2014 10:48 AM

කුමාරි.... නච්ච ගීත වාදිත විසුක දස්සන මාල ගන්ධ විලේපන ධාරණ මණ්ඩල විභුසනට්ටනා වේරමනී සික්ඛා පදම් සමාදියාමි... කියල සාදු කියන්න....(ස)

:       0       0

සත්‍යයා Tuesday, 03 June 2014 09:16 PM

මෙතන කිසියම් අඩු පාඩුවක් දකිනවා කියන්නේ හැම දෙයකම වැරදි හොයනවා කියන එක නොවෙයි. ශ්‍රී ලාංකියින් හැටියට වසරක් සමරා පුරුද්දක් ඇති අපට මෙය වෙසක් උත්සවයකට වඩා ආසියානු කලාපීය සංස්කෘතික සංදර්ශනයක් ලෙස පෙනීමේ වැරැද්දක් නැහැ.(නදී)

:       0       0

ගාමින්ද Wednesday, 04 June 2014 12:18 PM

මමත් මේකට සහභාගී වුනා. මේ පින්තුර දෙවෙනි දවසේ අන්තිම වැඩසටහනේ ඒවා. වැඩසටහන මක්දගාමී ලෙස තමා පැවැත්වුනේ. ඒ වගේම අපේ ශ්‍රී ලංකා එම්බසිය වෙනදා වගේම ඔවුන්ගේ අකාර්යක්ෂම සේවයට දොස් අසා ගන්න සිදු උනා. තවද, කොටි ගැටයන් කිහිප දෙනෙක් ඇවිත් වැඩේට විරුද්ධත්වය ප්‍රකාශ කළා. වගකීමෙන් කියන්න ඕනේ ඒ අය අපේ හැම දේකටම මේ වගේ එනවා. (නදී)

:       0       0

චන්ද්‍රා Wednesday, 04 June 2014 12:21 PM

කිරි අප්පට බල්ලෝ පැනපි කිව්වලු. මම මේ අන්ද මන්ද වෙලා හිටියේ අන්‍ය ජාතිකයෝ පිරිසක් වෙසක් සමරලද කියලා. හොඳ වෙලාවට විජිතගේ පැහැදිලි කිරීම දැක්කේ. (නදී)

:       0       0

කසුන් Tuesday, 03 June 2014 11:00 PM

ඉතාමත් වටිනා කාර්යයක් (නි)

:       0       0

විජිත Tuesday, 03 June 2014 11:20 PM

මෙම පුවත අසම්පූර්ණ බැවින් මෙසේ සටහනක් තැබීමට සිතුවෙමි. දින දෙක තුළ මම එහි සිටි බැවින් මෙය සඳහන් කිරීම සියලු දෙනාට නියම පුවත දැන ගැනීමට උපකාර වනු ඇතැයි සිතමි. මෙම උත්සවය පැවතියේ මැයි මස 21සහ22යන දෙදින තුළ පැරිසියේ යුනෙස්කො කාර්යාලයේ අංක1 ශාලාවේය. මෙහි ඇති ඡායාරූප සියල්ල දෙවැනි දින අවසානයේ පැවති සංස්කෘතික උළෙලට අදාල ඒවා පමණි. මෙම සංස්කෘතික උළෙල විවිධ රටවල් නියෝජනය කරමින් ඉදිරිපත් කර ඇති බැවින් ඒ පිළිබඳ විවේචන අවශ්‍ය නැතැයි සිතමි. මෙම වැඩසටහන තායිවානයේ ප්‍රධාන සංඝ නායක බෝදාගම චන්දිම නාහිමියන්ගේ මග පෙන්වීම හා අනුශාසනා මත ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් සංවිධානය කරන ලදි. ප්‍රධාන ආරාධිතයින් ලෙස ජනාධිපති ආර්යාවත් ජනාධිපති ලේකම් තුමා සහ එම මැතිනියත් සහභාගී වූහ. උත්සවය ආරම්භයේදී ඒ ඒ රටවල් නියොජනය කරමින් ස්වාමීන් වහන්සෙලා පිරිත් සජ්ජායනා කළහ. ශාලාව වටා බෞද්ධ ධජ හා වෙසක් කූඩු එල්ලා අලංකාර කර තිබුණි. (එහෙත් ඒවා ඡායාරූප ගත වී නැත.) මීට අමතරව මහා සංඝරත්නය වෙත දන් පිළිගැන්වීම ද සිදුවිය. ප්‍රධාන ආරාධිත දේශන සඳහා සබරගමු විශ්වවිද්‍යාලයේ කුලපති අතිගරු කුඹුරුගමුවේ වජිර නාහිමියෝ ද අතිගරු මැල්කම් රංජිත් කාදිනල් තුමා, හසන් මවුලානා මවුලවි තුමා සහ හින්දු ප්‍රජාව නියෝජනය කරමින් කුරුක්කල් තුමෙක්(නම අමතක වීම පිලිබඳ කනගාටු වෙමි ) සහභාගී වූහ. ඔවුන්ගේ දේශන ඉතා හරවත් විය. ගත යුතු හරයක් ඒවා තුළ විය. මීට අමතරව විවිධ රටවලින් පැමිනි මහාචාර්ය වරු ඉතා හරවත් දේශන පැවැත්වූහ. චීනයෙන් පැමිනි ව්‍යාපාරික මහත්මයෙක් තම ව්‍යාපාරයේ දියුනුව සඳහා බුදුදහම උපයෝගී කරගත් අයුරු මැනවින් විස්තර කළ අතර එය කාගේත් පැසසුමට ලක් වූ දේශනයක් විය. පුවතින් අඩක් පලවීම පාඨකයාට කරන සම්පූර්ණ හානියක් බව මම සිතමි. (ස)

:       0       0

පද්මිණී Tuesday, 03 June 2014 11:42 PM

තමන්ට ඕනෑම ජාතකයක නමක් දාගන්ට පුළුවන්. රටවල් කීපයක් එකමුතු වෙලා මේවගේ දෙයක් කරන එක අගය කලයුතුයි. සංස්කෘතික ජාතකය කීවට වරදක් නැහැ.ප්‍රංශය කියන්නේ සියලුම ජාතින් සහජීවනයෙන් ඉන්න පුළුවන් රටක්. ශිරන්ති මහත්මිය සහභාගී වීමත් වැදගත් . (ස)

:       0       0

දිනේෂ් Wednesday, 04 June 2014 01:36 AM

අපේ සමහර බෞද්දයෝ සමරන වෙසක් වලට වඩානම් මේක ගොඩක් හොඳයි. (ස)

:       0       0

දිනේෂ් Wednesday, 04 June 2014 01:38 AM

වෙසක් සමරන්නේ මෙහෙමද අනේ ලොකු නෝනත් කළු ඇඳගෙන ඉන්න හැටි , සෝම හාමුදුරුවෝ හිටියනම් .....(ස)

:       0       0

කුමාරි Tuesday, 03 June 2014 04:50 PM

සමාවෙන්න පින්තුර ටික දැක්කම මට මෙහෙම අහන්න හිතුනා. වෙසක් වෙනුවෙන් මේ සමරලා තියෙන ජාතක කතාවේ නම මොකක්ද? (නදි)

:       0       0

ටෙරාන් Wednesday, 04 June 2014 03:25 AM

කුමාරි, ඒකතමයි කියන්නේ අඩු කළය සෙළවෙනවා කියලා (නි)

:       0       0

නුවන් Tuesday, 03 June 2014 05:01 PM

කුමාරි,වෙසක් සමරන්න ජාතක කතාම ඕනෙද? සංකෘතික අංග විදහා පාන්න බැරිද ? (නදී)

:       0       0

සිරියලතා කෙන්ය Tuesday, 03 June 2014 05:01 PM

කුමාරි,ජාතකය කියලා දෙන්න පුළුවන් ලග හිටියා නම්. ජාතකයක්ම ඕනෙද වෙසක් සමරන්න. මෙයාලගේ තියන්නේ ඉතින් ඇද හොයන එකම තමයි. ලංකාවෙන් බැහැරව ඉඳගෙන මේවා කරන්න විදින දුක දන්නේ කරපු අයම තමා. සාදු සාදු සාදු (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 873 2

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 302 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 217 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 2251 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 3149 4

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2250 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36904 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24346 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 578 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site